අරාබි මග මරුවෝ සහ බාප්පලා !
(ඩුබායි කුලී රථ )
කණ්ඩා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) ඇවිත් අවුරුදු 2-3 ක් ගත වෙනකන් අනාගතය ගැන ලොකු සැලැස්මක් තිබ්බෙ නැහැ.
මේ රටේ හුඟ කලක් ඉන්නවද ? වෙන රටකට යනවද ? හිතමින් කණ්ඩයි හාමිනෙයි දෙන්නම දෙගිඩියාවක හිර වෙලා …
ප්‍රවාහන පහසුකම් අවම නිසාත් කොච්චර කැමැත්ත තිබුනත් වාහනයක් ගන්නවද ? නැතිද ? කියන එකට උත්තර හොයන අතරේ නොදැනුවත්වම කාලය හොරෙන් ඉගිලිලා ගිහින් 😦
නමුත් කණ්ඩාගේ ඇවිදින ගායේ සැර අඩු වෙච්ච නැති නිසාදෝ ඒ කාලය අතර තුර වාහන දෙකක් ගන්න සල්ලි කුලී රථ වලට දන් දීල ඉවරයි !
දුක් මහන්සි වෙලා මිසක් හොරකම් කරලවත්, ඔටුවෝ මරලවත් හම්බ කරන සල්ලි නොවෙන නිසා හිතට අමාරුයි. නමුත් කරන්න දෙයක් නැහැ, ගිය නුවණ ඇතුන් ලව්වවත් අද්දන්න බැහැ කියනවනේ.
(සාජා කුලී රථයක් )
කුලී රථ ගැන කතා කරනකොට මතක් කරන්නේ නැතුවම බැරි දෙයක් තමයි මේ වකවානුවෙදි (2007) UAE වල තිබුණු කුලී රථ සියල්ලම පාහේ පකිස්තානු, අරාබි සහ ඉන්දියානු රියදුරන් විසින් පදවපු ටොයෝටා කැම්රි රථ වීම (Toyota Camry).
මේවා ගැන කියන්න තියන එකම හොඳ දේ එච්චර තමයි, කොච්චර සැප පහසු උනත් හරියට සුද්ද පවිත්‍ර නොකරන නිසා මේවයේ ඇතුල ගන්දස්සාරේ බැහැ, නහයක් තියන මනුස්සයෙකුට ඒවායේ යනවට ගානක් දෙන්න ඕන.
කුලී රථයක ගමනක් ගිහින් ආවහම තමන්ගේ ශරීර සෞඛයයට ගැන ඕනවටත් වැඩිය හිතනවා නම් පළමුවෙන්ම කරන්න තියෙන්නෙ, ඩෙටොල් සබන් කෑල්ලක් ගාල හොඳට නා ගන්න එක තමයි 🙂
අනික කුලීරථ රියදුරන් බොහොමයක් නොහික්මුණු මග මරුවෝ, ලඟින් ගියොත් ඇහැක් නෑ !
එතකොට මේ ගොල්ලන්ගෙ තරහ කාරයෝ ඒ කියන්නෙ බාප්පල (මේ කියන්නේ පොලිසිය ගැන – අපිට නම් හුරු කොච්චියෝ කියන නම, නමුත් දැන් දැන් තව කොච්චියෝ ඉන්න හින්ද බාප්පල කියල කියන්නම්කො) පාවිච්චි කරන වාහන බොහොමයක් මර්සිඩීස් බෙන්ස් (Mercedes Benz) සහ BMW රථ.
අනේද කියන්නෙ… බාප්පලටත් බෙන්ස් !
(දැන් නම් තත්වය ටිකක් දුරට වෙනස් නොයෙක් ජාතියේ, ජපන්, කොරියන් වාහනත් සෑහෙන්න පාවිච්චි වෙනවා)
( ඩුබායි පොලිසිය පාවිච්චි කරන සහනදායී මිලට ලබා ගත හැකි කුඩා වාහන කීපයක් ! )
UAE කියන්නෙ ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යක්, මෙහෙ තියන ප්‍රාන්ත හඳුන්වන්නෙ එමීර් වරයකු පාලනයට නතු යන අරුත ඇතිව එමිරේට (Emirate) නමින්.
ඉතින් UAE තනි රටක් විදිහට පිටින් පෙනුනත් ඇතුලතින් නම් ෆෙඩරල් රාමුවක තියන රටවල්/එමිරේට් 8 ක්, නමින් කියනවා නම් අබු ඩාබි , ඩුබායි, සාජා, අජ්මාන්, උම් අල් ක්වේන්, ෆුජේරා සහ රාස් අල් කයිමා (Abu Dhabi, Dubai, Sharjah, Ajman, Umm Al Quwain, Fujeirah, Ras Al Khaimah).
ඉතින් එමිරේටයෙන් එමිරේටයට කුලී රථ වගේම පොලිසිත් වෙනස්, කුලී රථ වගේම බාප්පලාගෙ වාහනත් විවිධ පාටින් වර්ණ ගන්වා තිබීම නිසා ලෙහෙසියෙන් වෙන් කර අඳුන ගන්න අපහසු නැහැ.
(අබු ඩාබි කුලී රථයක්)
හැබැයි ලංකාවේ වගේ එදා වේල කපා ගන්න හන්දියක් හන්දියක් ගානෙ හිටං ඉන්න බාප්පලා නම් නැහැ, හිටියත් ජරාව කන් උදවිය නෙමෙයි !
අද වගේ නොවෙයි මේ කාලයේ UAE වල පොදු ප්‍රවාහන සේවා එතරම් දියුණු නැහැ, කුලී රථයක්, බස් එකක් ගන්නත් පැය ගණන් කට්ට කාපු අවස්ථා එමටයි !
රත් වෙච්ච් ගිනි උදුනක් වගේ පරිසරයක එළියේ තැම්බෙමින් ඉන්නවා කියන එක සැපක් වෙන්නෙ ඔටුවන්ට විතරයි !!! (මේක කකුල් දෙකේ සහ හතරේ දෙවර්ගයටම අදාලයි)
මැදපෙරදිග බොහෝ පළාත් වල විශේෂයෙන් ගිම්හාන ඍතුවේදී (Summer) කාලගුණය අතිශය ශුෂ්කයි (ඉතාමත් සෞම්‍ය කාලගුණයක් තියන ඕමාන්හි සලාලා (Salalah – Oman) වාගෙ ප්‍රදේශත් නැතුවම නෙමෙයි ! )
(අජ්මාන් කුලී රථයක්)
UAE වල නම් සෙන්ටිග්‍රේඩ් අංශක 42 – 48 කියන්නේ ඉතාමත් සාමාන්‍ය දෙයක්, මේ ඔක්කොම අස්සේ කුලී රථ රියදුරන්ගේ ගැස්සිලි පිප්පිලි … බස් රියදුරන්ගේ උජාරුව ඒ ඔක්කොමටම හපන් !
සතියකට කිහිප වතාවක්වත් මේ රියදුරන් සමග දරුණුවට බහින්බස් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක් !
රථ වාහන සහ පෙට්‍රල් අන් රට වලට සාපේක්ෂව ඉතා මිලෙන් අඩු නිසාදෝ ලෝකෙ තියන තරමක් ලොකු ලොකු අධි සුඛෝපභෝගී යාන වාහන මෙහෙ පාරක් තොටක් ගානේ හොයා ගන්න බැරි කමක් නැහැ.
(ෆුජේරා කුලී රථයක් )
ඒවාටම හරි යන්න මහා මාර්ග පද්ධතියත් ඉතාමත් හොඳ තත්වයේ මංතීරු ගණනාවකින් යුක්තව හදල තියනව… අවාසනාවට මෙහෙ ඉන්න වැඩිමනක් රියදුරන් හිතාගෙන ඉන්නේ මේවා රොකට් පදින්න හදපු ගුවන් මාර්ග කියල … !
ඉතින් ඒවායේ යන්නෙත් ඒ විදිහටම හිතාගෙන තමයි, හැප්පුනොත් අර උඩ ඉඳගෙන උඩ බලාගෙන ඉන්නව කියන එක්කෙනා හම්බ වෙන්න යන්න නොමිලේ ටිකට්. ආපු අලුතම මෙහේ වාහන පදවන්නේ වමෙන් නිසා පාර පනිනකොට වම දකුණ ටැපලිලා, ටිකට් හම්බ වෙන්න බොහොම කිට්ටු උනු අවස්ථා කිහිපැයක්ම කණ්ඩ අත්විඳලා තියනව 🙂
කණ්ඩ ඩුබායිහි (Dubai) බෝඩිමක නැවතිලා හිටපු සන්දියේ ඉඳ හිටලා සති අන්තයේ සාජාහි (Sharjah) පදිංචි හිත මිතුරු ගලාගේ නිවසට ගොඩ වදින එක සිරිතක්. සාජා – ඩුබායි කියන්නේ සුවිශාල දුරක් යන්න ඕන ගමනක් හෙම නොවෙයි, වැඩිම උනොත් කිලෝ මීටර 20 ක් ඇති.
( සාජා අල් ජුබයිල් බස් නැවතුම් පොලේ දර්ශනයක් )
හැබැයි ඉතින් ඔය මොනවා කිව්වත් ඔය කියන දවස් වල කණ්ඩට යාන වාහන තිබුනේ නැති නිසා, ඒ දවස් වල සාජා සිට ඩුබායි එනවා කියන්නේ ලංකාවේ ඉඳන් ඒරොප්පේ යනවා වගේ බොහොම භාර දූර වැඩක්.
ටිකට් අරන් පැයක්වත් පෝලිමේ ඉන්න ඕන බස් එකක් එනකන්, ඒ මදිවට යන්න තියෙන්නෙ ටොයෝටා කෝස්ටර් (Toyota Coaster) බස් රථ වල. මේවා සාමාන්‍යයෙන් සැප පහසු උනත් පරණ කෑලි හැලෙන එකක අකුලන මැද සීට් එකක් හෙවත් ජම්පර් සීට් එකක් ලැබුනොත් ගමන නිම වෙනකන් දුෂ්කර ක්‍රියා.
(ඉස්සර සාජා -ඩුබායි දුවපු බස් රථ ..)
ආපහු සාජ ඉඳල ඩුබායි එනව කියන්නෙත් මේ වගේම රැග් එකක් තමයි 🙂
ඉතින් ඔය හන්ද තමයි ඔය කාලේ බස් වල එල්ලෙන්න පෝලිමේ බලන් ඉඳල ඇති වෙච්චි මිනිස්සු අරන් යන්න නීති විරෝධී කුලී රථ (මේ කියන්නේ හොර ටැක්සි) රංචුවක්ම ඇති වෙලා තිබ්බේ.
මේවා බොහෝ දුරට පැදෙව්වේ පකිස්තාන්, බංගාලි, මළයාලි සහ අරාබි ජාතික රියැදුරන්, මේ බොහෝ දෙන වීසා හෝ රැකියා නැතිව අමාරුවේ වැටුණ අසරණ අය හින්ද වරදක් කියන්නත් බැහැ.
හැබැයි ඉතිං මේවයේ යනවා කියන්නෙත් අර මගමරු කුලී රථ වල යනවා වගේම වැඩි වෙනසක් නැහැ, ඇඟේ මයිල් කෙලින් වෙන ත්‍රාස ජනක වීර චාරිකා.
කෙටි පාරවල් හොයා ගන්න සහ වෙලාව ඉතිරි කර ගන්න පාරේ වැරදි අතට ගමන් කිරීම විතරක් නෙමෙයි වැලි ගොඩවල් සහ පදික වේදිකා උඩින් දැමීමත් මේ උදවියට බොහොම සුළු වැඩ !
දිරාම් (UAE Dhiram) දහයක් වගේ බොහොම අඩු මුදලක් අය කරපු නිසා මේ උදවියට පාරිභෝගිකයන්ගෙන් නම් අඩුවක් තිබ්බේ නැහැ නමුත් පොඩි කොස්සකට තිබ්බේ සැරින් සැරේ හොර ටැක්සි අල්ලන්න ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් පනින නිළධාරීන් හෙවත් ටික්කො තමයි.
ටික්කන්ට අහු උනොත් ඉතිං රියදුරාටයි යන උදවියටයි දෙගොල්ලොන්ටම බඩ කට පුරා දඩ, කණ්ඩත් දොහක් දෙකක් අහු වෙන්න ගොහින් නුලෙන් බේරුන අවස්ථා නැතුවම නෙමෙයි !
UAE වල අදටත් ඉන්න මගේ සමකාලීන මිතුරන් මේ හැම දේකටම සාක්කි කියයි, අනික කුලී රථ සහ බස් පස්සෙ දුවන එක මෙහේ ජාතික ක්‍රීඩාව කරානම් ඔලිම්පික් ගියේ නැතත් කණ්ඩා උඩින්ම මැඩල් එකක් ගන්නවා !
ප. ලි. : වාසනාවකට අද වෙනකොට සාජා -ඩුබායි එමිරේට දෙකේම පොදු ප්‍රවාහන තත්වය බොහෝ දියුණුයි, ඉස්සර තරම් දුක් විදින්න අවශ්‍ය නැහැ.
ඒ වගේම දැනට වසර කිහිපයක සිට කුලී රථ සඳහා වඩාත් පරිසර හිතකාමී ගෑස් සහ බැටරි බලයෙන් දුවන කාර් හඳුන්වා දෙන වැඩ පිළිවෙලක් පවා ක්‍රියාත්මකයි. ඩුබායිහි කුලී රථ රියදුරන් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය ගුණාත්මක බව මෙන්ම ඔවුන් සඳහා ලබා දෙන විශේෂ පුහුණුව නිසා ඔවුන් අන් අයට සාපේක්ෂව සතුටුදායක විනීත සේවාවක් සපයනව.
හැබැයි එහෙමයි කියල අනෙකුත් කුලී රථ රියදුරන්ගේ වැඩි වෙනසක් දකින්න නැහැ වෙනද වගේම තමයි, අර කියනවත් වගේ මුන්ව හදන්න නම් කෝවක දාල මකවන්නම ඕන.
කණ්ඩගේ අතමිට සරු වීමත් එක්ක වාහනයක් ගත්තු හින්ද කුලී රථ වල ගමන් බිමන් එහෙමත් අඩුයි ඒ හින්ද පෙර තරම් දුක් විඳින්න අනවශ්‍යයි 😀
~ මතු සම්බන්දයි !
ඔක්තෝබර් 9, 2016 at 9:35 පෙ.ව.
බලං ගියහම කොහෙත් එකයි නෙ
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 9, 2016 at 10:36 පෙ.ව.
ඒවා එහෙම තමයි අටං, කොච්චර කොහේ ගියත් හොඳ මිනිස්සු වගේම අණක් ගුණක් නැති ඈයොත් ඉන්නවම තමයි !
කැමතියිකැමතියි
ඔක්තෝබර් 9, 2016 at 8:36 ප.ව.
කණ්ඩා, ඔය කියන විදිහට රියදුරු බලපත්‍ර ගන්න ලේසිත් ඇති. එක බලපත්ත්රයද ඔක්කොම එමිරට් වලට.
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 10, 2016 at 4:26 පෙ.ව.
සෝමදාස මල්ලිට කියන්න … ඒකට ඉතින් වාසනාවත් සෑහෙන්න බලපානවා.. සමහරුන්ට ලෙහෙසියෙන් දෙතුන් වතාවකින් හම්බ වෙනවා, තවත් සමහරුන්ට හත් අට පාරක් ගොහිනුත් බැරුවා…
අපේ හාමිනේට නං දෙපාරකින් හම්බ උනා … කණ්ඩා තුන් වතාවක් ගොහිනුත් ඔටුවොත් එක්ක ඔට්ටු වෙලා ලේ රත් කොරගෙන ඇත ඇරලා දැම්ම …
මෙහෙනං ඉතින් එක ලැයිසං කොලයක් මුළු රටටම ඇති !
කැමතියිකැමතියි
ඔක්තෝබර් 10, 2016 at 3:35 පෙ.ව.
මෙහෙ තත්වෙත් ඉතින් ඔහොම්ම තමයි. ඕමාන් වල ටැක්සි කරන්නෙ ලෝකල්ස් ලා විතරයි. ඉන්දියන් පකිස්තාන හා බංගාලි දුවන්නෙ හොර ටැක්සි. ඔය ඕමානි ටැක්සි කාරයො අසරණ බංගාලින්ට සලකන්නෙ නම් බල්ලන්ට වගේ…
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 10, 2016 at 4:45 පෙ.ව.
මෙහෙ මම දන්නා විදිහට… ඕමාන් වලට වඩා එක්සත් එමීර් රාජ්‍යයේ තත්වය සාපේක්ෂව හොඳයි … නමුත් මේ වගන්තියේ “සාපේක්ෂව” කියන එක තමයි ප්‍රධාන වචනේ …
ඇත්ත ඇවිල්ල මෙහෙ ඉන්න ඉන්දියන්, පකිස්තාන්, බංගාලි සහ ශ්‍රීලාංකික නෙමෙයි මොන ආසියාතිකයත් තුන් වෙනි පන්තියේ පුරවැසියෝ … හැබැයි සුද්දන්ට නම් මුන් කවුරුත් නොසෑහෙන්න *%#&@* අල්ලාගෙන ඉන්නවා !
හැබැයි අපි අපේ පාඩුවේ ඉන්නකං ඔටුවා ඔටුවගේ පාඩුවේ … කාන්තාවන්ට ආරක්ෂාව වැඩියි … හොරමැරකම් එහෙම අසාමාන්‍ය ලෙස අඩුයි !
මෙහෙ ලෝකල්(දේශීය) ඔටුවෝ ටැක්සි තියා සාමාන්‍ය රැකියාවක්වත් කරන්න කැමති නැහැ … බහුතරය රට කම්මැලියෝ … අට පාස් ඔටුවන්ටත් ඕන අධ්යක්ෂවරයෙකුගේ පුටුවේ වැඩි වෙලා ඒ හා සමානව පඩි … නමුත් දැන් දැන් අලුත් පරම්පරාවේ ඔටුවොත් එක්ක නම් මේ තත්වයේ පොඩි වෙනසක් නැතිව නෙමෙයි …
කණ්ඩාගේ වාසනාවට ඔටුවගේ රටේ හිටියට අද වෙනතුරු ඔටු කොම්පැනියකටවත් … ඔටුවෝ එක්කවත් වැඩ කරන්න තරම් අවාසනාවන්ත වෙලා නැහැ … 😀
කැමතියිකැමතියි
ඔක්තෝබර් 10, 2016 at 11:01 ප.ව.
මේකෙ කොහොමද රිප්ල්යි දාන්නෙ. ඔන්න මම රිප්ල්යි කරනවා උඩ මගෙ පසු පිලිතුරට. මොකට බලපත් ගන්නවද, හාමිනේට මාසික පඩියක් දිලා ට්‍රන්ස්පොර්ට් මෑනෙජර් කරා නන් අහවරයි නෙ
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 11, 2016 at 3:15 පෙ.ව.
හපෝයි … ශ් …. හිමින්… හිමින් … හාමිනේ මේවා දැක්කොත් බොලාව පිටුවහල් කරල දාවි … උන්ද තමයි මේකෙ ඇඩ්ඩිං !
හැබැයි ඉතින් සෝමදාස මල්ලිට කියන්න දැනටත් උන්ද තමයි ඩැයිවය වැඩේ කරන්නේ… හික්.. හික් 😀
මලය මේ ජංගම දුරකතනේකින්ද කෙටුවේ (ඇන්ඩ්රෝයිඩ්/iOS ) ? මට පේන විදිහට මොබයිල් සයිට් එකේ රිප්ලයි බොත්තම නෑ … මම බලන්නං ගොඩ දාන්න පුලුවන්ද කියල.
(දැන් අටං හෙම මේක දැක්කොත් මට දෙසා බානවා… මං බොට කිව්වා ඕක වෙයි කියල…. කෝ අහුවයැ ??? 😀 )
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 11, 2016 at 1:02 ප.ව.
මම ඉතින් ඩැයිවර් වැඩේ කරන්නේ බදින්න කලින් ඉඩලානේ…. ඔයා ඉතින් පඩි ගෙවන්න ගියානම් රස්සාවල් 100 විතර කරන්න වේවි…. මොකෝ එතින් මට ඔය පට්ටම කවදාවත් නැති වෙන්නේ නැති නිසා…..
කැමතියිකැමතියි
ඔක්තෝබර් 11, 2016 at 1:11 ප.ව.
හෙට ඉඳන් දවස් පඩි ගෙවන්ඩද?
කැමතියිකැමතියි
ඔක්තෝබර් 11, 2016 at 6:56 පෙ.ව.
එළ එළ…
දිගටම ලියමු ඔටු කතා, මමත් ඔටු රටක අවුරුදු දෙකහමාරක් හිටියට ලියන්න තරම් වැදගත් දෙයක් එහෙදි මම දැක්කේ නැහැ…
දකින්නත් ඇති, හැබැයි කිසි දෙයක් මතකයේ නැහැ…
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 11, 2016 at 10:50 පෙ.ව.
ඈ … ලොකු පුතේ … ඔටුවගේ රටේ හිටිය නං ලියන්ට කියන්ට දේවල්ද නැත්තෙ …. ?
බොහොම ඉස්තුතියි උනන්දු කොලාට… 😀
කැමතියිකැමතියි
ඔක්තෝබර් 10, 2017 at 11:45 ප.ව.
👍👍👍👍
කැමතියිLiked by 1 person
අගෝස්තු 26, 2018 at 10:31 ප.ව.
??
කැමතියිකැමතියි
අගෝස්තු 26, 2018 at 11:19 ප.ව.
???
කැමතියිකැමතියි
අගෝස්තු 27, 2018 at 8:16 පෙ.ව.
mama sinhala gahuwata penne natooo… harsha ??? danme man
කැමතියිකැමතියි