වානර සම්පත් කළමණාකරනය සහ ඔටු වීසා !!!

Monkey 2.jpg

කණ්ඩ දැන් ඉන්න කොම්පැනියේ වැඩ කරන්න පටන් අරන් අවුරුදු දෙහෙකට වැඩියි, දවස් ඉගිල්ලිලා යන ඉක්මන … !

ඒ අස්සෙන් වීසා අලුත් කරන්න කාලෙත් හරි, ඉස්සර වගේ නෙමෙයි මෙහේ වැඩ කරන ජනතාවට වීසා දෙන්නෙ අවුරුදු දෙකකට විතරයි !

දැං සති තුන හතරක තිස්සේ ඉඳං අපේ වානර සම්පත් දෙපාර්තුමේන්තුවෙන් ඒ කියන්නේ HR එකෙන් හෙනම කරදරේ ගිහින් වීසා අලුත් කරන්න අවශ්‍ය කළමනා කටයුතු සම්පුර්ණ කරගෙන එන්ට කියල …

වානර … ??? ඇයි වානර කියල කිව්වම අවුල මොකද්ද ?

එක ~ අපිත් හැදිලා තියෙන්නේ වානරයන්ගෙන් කියල කොහේදෝ තඩි පොතක මං කියවල තියනවා !

(හැබැයි තව ඔයිටත් වඩා තඩි සුරංඟනා කතා පොත් වගයක තිබ්බ කවුදෝ මන්ද මැව්වා කියලත්  😀 සුරංඟනා කතා නං ඉතින් කොහොමත් ඇත්තනේ  !!!)

දෙක ~ බොහොම දියුණුයි කියල කියන අපි සම-හරක් කරන වැඩ බැලුවහම වානර කියන නමත් හොඳ වැඩියි !

(වානරයින්ට අපහස කරනවා කියල උන් ලෙමන් පෆ් කකා උපවාස කරන්න ගනීද දන්නේ නෑ ?)

තුන ~ මේකට අදාලම නැති උනාට කණ්ඩගේ රැකියාව මොකද්ද කියල කවුරු හරි ඇහුවොත් කණ්ඩ පැකිලෙන්නේ නැතුව කියන්නේ වානරයින්ට හෙවත් වඳුරන්ට පොල් කඩන්න උගන්නනවා කියල ! (Teaching Monkeys to Pluck Coconuts ! )

ඇත්තම කියනවා නම් වානරයොත් එක්ක කරන කණ්ඩගේ ජොබ් එක පොල් කඩන එකට වඩා ජුන්ඩක් විතර අමාරුයි !

ඉතිං ඔය කවුරු මොනවා කිව්වත්, හිත් අමනාප උනත්, වානරයෝ ආම්බං කරන එක වානර සම්පත් කළමනාකරණය තමයි, වානර සම්පත් කිව්වට කොහෙත්ම වැරද්දක් කණ්ඩට නං පෙන්නෙ නෑ 😀

හුටා මාතෘකාවෙන් හොඳටම පිට පැන්නද මන්ද ? ඔන්න ආපහු ආවා එහෙනම් !

ඉතිං HR කොලුවගෙ ඇවිටිල්ලෙන් බේරෙන්න බැරිම තැන කණ්ඩටත් සිද්ද උනා අන්තිමට වැඩේ පටන් ගන්න …

uae-pink-slip-employment-visa-example-for-residency

කණ්ඩට වෙන්නෙම ඇබැද්දි තමයි, පළමුවෙනි වතාවේ කණ්ඩගෙ රැකියාව විදිහට වීසා එකේ

දාල තියෙන්නේ වෙළඳ අධීක්ෂක එහෙමත් නැතිනම් “සේල්ස් සුපවයිසර්” (Sales Supervisor) කියල, ඒක කණ්ඩාගේ රැකියාවට අදාලම නැහැ  !

කොච්චර දැඟලුවත් මේ මගුල වෙනස් කර ගන්න බැරි උනා, HR කොලුවා (මේ කොලුවා ඇච් . ආර්. ජෝතිපාලගේ කවුරුවත් නෙමෙයි , හැබැයි හොඳට බයිලා කියන්න පුළුවන් හින්ද ඇම්. ඇස්. ප්‍රනාන්දුගේ කවුරුහරි වෙන්න පුළුවන්  !)නොයෙක් නිදහසට කාරණා දීල ආඳා වගේ ලිස්සල යනවා !

ඉස්සර නම් කණ්ඩගේ ළඟ හිතවතියක් වෙච්චි අසංක අක්ක හිටිය නම් මොකක් හරි කර ගන්න තිබ්බ ! (කණ්ඩව මේ කොම්පැනියට අඳුන්වල දුන්නෙත් එයා තමයි, එයත් වානර කළමණාකරනය තමයි කරන්නේ ! )

හෙහ් … හෙහ් …ඉතිං කොහොමින් කොහොම හරි කණ්ඩ තමයි දැනට මේ කොම්පැනියේ ඉන්න වැඩිම IT සුදුසුකම් ලත් “සේල්ස් සුපවයිසර් ! ඉතිං කවුද මේවට වග කියන්නේ ?

hr-leave-me-alone

කණ්ඩ HR කොලුවා තේරෙන බාසාවෙන් පැහැදිලි කරලා දුන්න මේ පාර නම් වැඩේ අනන්නේ නැතුව හරියට ඕනේ කියල , මිනිහ ගිය පාර වගේම ඔලුව හතර අතට වනල … ඕකේ …ඕකේ … කිව්වා.

මේ ගොයියට මොනවා කිව්වත් ඕනෑම දෙකට හරි ගියත් වැරදුනත් ඕකේ …ඕකේ …තමයි  ! වානරයෙක් කිව්වට මේ ගොයියා නොම්මර එකේ පකිස් ආඳෙක් … හෙක් … හෙක්… 😀

මේක දෙන හැම නිදහසට කාරණාවකටම එහා පැත්තෙන් ජම්බෝලයක් වගේ ඉන්න HR කෙල්ලත් සයිඩ් එකෙන් ඌට අඩ තියනවා …

මේ අනුන්ගේ දේවල් වලට පැනල දෙන්නේ නැතුව ඉන්නවා පැත්තකට වෙලා !!! … කණ්ඩ කෙල්ලට ඇන්න ටොක්කක් …

මේකිත් අත අරින්නෙම නෑ … මටම කොචෝක් දානවා … වීසා මාරු කරන්න අමාරු හින්ද ඒ වෙනුවට සේල්ස් වලට මාරුවක් හදල දෙන්නම්ලු එයාගේ ගානේ !

ඒ පාර අලි මදිවට කොටි කියල මේකිත් කණ්ඩව බයිට් එකට අරගෙන …@$%@$@^ !

මීට පස්සේ කිසිම IT වැඩකට හොයාගෙන එනවකො මාව !!! කණ්ඩ අන්තිම තුරුම්පුවත් ගැහුවා පොඩි තර්ජනයකුත් එක්ක …

කණ්ඩව හොඳට දන්නා හින්දද කොහෙද HR කෙල්ලටයි කොල්ලටයි  බකස් ගාල හිනා ගියා මිසක් එක හරි ගියෙත් නෑ …  චික් විතරක් !

ඒ මදිවාට මේ දවස් වල කණ්ඩලෑ කොම්පැනියේ  වානර කළමනාකාරවරිය මාතෘ නිවාඩු (Maternity Leave) ගොහිං  !

ඉතිං  වානර සම්පත් කළමණාකරන අමාත්‍යංශයේ වැඩ බොහොම හිරවෙලා …

වානරයෝ තුන්සීයක් විතර දෙන්නෙක් එක්ක ආම්බං කරනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි

ඉතිං කණ්ඩට වැඩිය කරදර කරන්න හිත දූන්නෙත් නෑ …

වීසා අලුත් කරන්න ඕන කරදහි ටිකත් අරං,  වානර සම්පත් කණ්ඩායමට නිදහසේ වැඩක් කර ගන්න දීල කණ්ඩ එන්න ආව !

~ මතු සම්බන්දයි  !

මැදක් නැති පෙර දිග ~ V කොටස ~ ඔටු දේසේ වීසා අලුත් කිරීමේ සෙල්ලං !!!

Advertisements