වානර සම්පත් කළමණාකරනය සහ ඔටු වීසා !!!

Monkey 2.jpg

කණ්ඩ දැන් ඉන්න කොම්පැනියෙ වැඩ කරන්න පටන් අරන් අවුරුදු දෙහෙකට වැඩියි, දවස් ඉගිල්ලිලා යන ඉක්මන … !

ඒ අස්සෙන් වීසා අලුත් කරන්න කාලෙත් හරි, ඉස්සර වගේ නෙමෙයි මෙහේ වැඩ කරන ජනතාවට වීසා දෙන්නෙ අවුරුදු දෙකකට විතරයි !

දැං සති තුන හතරක තිස්සෙ ඉඳං අපේ වානර සම්පත් දෙපාර්තුමේන්තුවෙන් ඒ කියන්නේ HR එකෙන් හෙනම කරදරේ ගිහින් වීසා අලුත් කරන්න අවශ්‍ය කළමනා කටයුතු සම්පුර්ණ කරගෙන එන්ට කියල …

වානර … ??? ඇයි වානර කියල කිව්වම අවුල මොකද්ද ?

එක ~ අපිත් හැදිලා තියෙන්නේ වානරයන්ගෙන් කියල කොහේදෝ තඩි පොතක මං කියවල තියනවා !

(හැබැයි තව ඔයිටත් වඩා තඩි සුරංඟනා කතා පොත් වගයක තිබ්බ කවුදෝ මන්ද මැව්වා කියලත්  😀 සුරංඟනා කතා නං ඉතින් කොහොමත් ඇත්තනේ  !!!)

දෙක ~ බොහොම දියුණුයි කියල කියන අපි සම-හරක් කරන වැඩ බැලුවහම වානර කියන නමත් හොඳ වැඩියි !

(වානරයින්ට අපහස කරනවා කියල උන් ලෙමන් පෆ් කකා උපවාස කරන්න ගනීද දන්නේ නෑ ?)

තුන ~ මේකට අදාලම නැති උනාට කණ්ඩගෙ රැකියාව මොකද්ද කියල කවුරු හරි ඇහුවොත් කණ්ඩ පැකිලෙන්නෙ නැතුව කියන්නෙ වානරයින්ට හෙවත් වඳුරන්ට පොල් කඩන්න උගන්නනවා කියල ! (Teaching Monkeys to Pluck Coconuts ! )

ඇත්තම කියනවා නම් වානරයොත් එක්ක කරන කණ්ඩගෙ ජොබ් එක පොල් කඩන එකට වඩා ජුන්ඩක් විතර අමාරුයි !

ඉතිං ඔය කවුරු මොනවා කිව්වත්, හිත් අමනාප උනත්, වානරයො ආම්බං කරන එක වානර සම්පත් කළමනාකරණය තමයි, වානර සම්පත් කිව්වට කොහෙත්ම වැරද්දක් කණ්ඩට නං පෙන්නෙ නෑ 😀

හුටා මාතෘකාවෙන් හොඳටම පිට පැන්නද මන්ද ? ඔන්න ආපහු ආවා එහෙනම් !

ඉතිං HR කොලුවගෙ ඇවිටිල්ලෙන් බේරෙන්න බැරිම තැන කණ්ඩටත් සිද්ද උනා අන්තිමට වැඩේ පටන් ගන්න …

uae-pink-slip-employment-visa-example-for-residency

කණ්ඩට වෙන්නෙම ඇබැද්දි තමයි, පළමුවෙනි වතාවේ කණ්ඩගෙ රැකියාව විදිහට වීසා එකේ දාල තියෙන්නෙ වෙළඳ අධීක්ෂක එහෙමත් නැතිනම් “සේල්ස් සුපවයිසර්” (Sales Supervisor) කියල, ඒක කණ්ඩාගෙ රැකියාවට අදාලම නැහැ  !

කොච්චර දැඟලුවත් මේ මගුල වෙනස් කර ගන්න බැරි උනා, HR කොලුවා (මේ කොලුවා ඇච් . ආර්. ජෝතිපාලගේ කවුරුවත් නෙමෙයි , හැබැයි හොඳට බයිලා කියන්න පුළුවන් හින්ද ඇම්. ඇස්. ප්‍රනාන්දුගේ කවුරුහරි වෙන්න පුළුවන්  !) නොයෙක් නිදහසට කාරණා දීල ආඳා වගේ ලිස්සල යනවා !

ඉස්සර නම් කණ්ඩගෙ ළඟ හිතවතියක් වෙච්චි අසංක අක්ක හිටිය නම් මොකක් හරි කර ගන්න තිබ්බ. කණ්ඩව මේ කොම්පැනියට අඳුන්වල දුන්නෙත් එයා තමයි, එයත් වානර කළමණාකරනය තමයි කරන්නෙ 🙂

හෙහ් … හෙහ් …ඉතිං කොහොමින් කොහොම හරි කණ්ඩ තමයි දැනට මේ කොම්පැනියෙ ඉන්න වැඩිම IT සුදුසුකම් ලත් “සේල්ස් සුපවයිසර් !

හැබැයි ඉතිං සේල්ස් පැත්තෙ උදවියට වදින දිරි දීමනා සහ වෙනත් වරප්‍රසාද ලැබෙනවා නම් කමක් නැහැ. නමුත් එහෙම නැති නිසා කවුද මේවට වග කියන්නෙ ?

hr-leave-me-alone

කණ්ඩ HR කොලුවා තේරෙන බාසාවෙන් පැහැදිලි කරලා දුන්න මේ පාර නම් වැඩේ අනන්නෙ නැතුව හරියට ඕනේ කියල , මිනිහ ගිය පාර වගේම ඔලුව හතර අතට වනල … ඕකේ …ඕකේ … කිව්වා.

මේ ගොයියට මොනවා කිව්වත් ඕනෑම දෙකට හරි ගියත් වැරදුනත් ඕකේ …ඕකේ …තමයි, වානරයෙක් කිව්වට මේ ගොයියා නොම්මර එකේ පකිස් ආඳෙක් … හෙක් … හෙක්… 😀

මේක දෙන හැම නිදහසට කාරණාවකටම එහා පැත්තෙන් ජම්බෝලයක් වගේ ඉන්න HR කෙල්ලත් සයිඩ් එකෙන් ඌට අඩ තියනවා. මේ අනුන්ගේ දේවල් වලට පැනල දෙන්නේ නැතුව ඉන්නවා පැත්තකට වෙලා !!! … කණ්ඩ කෙල්ලට ඇන්න ටොක්කක්.

මේකිත් අත අරින්නෙම නෑ … මටම කොචෝක් දානවා … වීසා මාරු කරන්න අමාරු හින්ද ඒ වෙනුවට සේල්ස් වලට මාරුවක් හදල දෙන්නම්ලු එයාගේ ගානෙ !

ඒ පාර අලි මදිවට කොටි කියල මේකිත් කණ්ඩව බයිට් එකට අරගෙන …@$%@$@^ !

මීට පස්සේ කිසිම IT වැඩකට හොයාගෙන එනවකො මාව !!! කණ්ඩ අන්තිම තුරුම්පුවත් ගැහුවා පොඩි තර්ජනයකුත් එක්ක.

කණ්ඩව හොඳට දන්නා හින්දද කොහෙද HR කෙල්ලටයි කොල්ලටයි  බකස් ගාල හිනා ගියා මිසක් එක හරි ගියෙත් නෑ …  චික් විතරක් !

ඒ මදිවාට මේ දවස් වල කණ්ඩලෑ කොම්පැනියෙ වානර කළමනාකාරවරිය මාතෘ නිවාඩු (Maternity Leave) ගොහිං, ලඟදිම බබා හම්බ වෙයි වගේ !

ඉතිං වානර සම්පත් කළමණාකරන අමාත්‍යංශයෙ වැඩ බොහොම හිරවෙලා … වානරයො තුන්සීයක් විතර දෙන්නෙක් එක්ක ආම්බං කරනවා කියන්නෙ ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි

ඉතිං කණ්ඩට වැඩිය කරදර කරන්න හිත දූන්නෙත් නෑ …

වීසා අලුත් කරන්න ඕන කරදහි ටිකත් අරං,  වානර සම්පත් කණ්ඩායමට නිදහසේ වැඩක් කර ගන්න දීල කණ්ඩ එන්න ආව !

~ මතු සම්බන්දයි  !

පසු ලිපි :

මේ කතාන්දරය ලියා දැනට අවුරුදු  වී ඇති බවත් තවමත් මේ කොම්පැනියෙ ඉන්නා වැඩිම IT සුදුසුකම් ලත් සේල්ස් සුපවයිසර්වරයා මා බවත් පවසන්නේ මහත් උජාරුවෙනි !
මැදක් නැති පෙර දිග ~ III කොටස ~ අරාබි මග මරුවෝ සහ බාප්පලා !

මැදක් නැති පෙර දිග ~ V කොටස ~ ඔටු දේසේ වීසා අලුත් කිරීමේ සෙල්ලං !!!