සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

නොවැම්බර් 2016

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ I කොටස

kabul-skyline

සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව !

කණ්ඩා ඔටු දේශයට (UAE) ගොඩ බැස රැකියාව ඇරඹීමෙන් මුල පිරුණ හත් වසක කාල සීමාවේදී අත්විඳි ඇතැම් දේ කණ්ඩාට අදටත් ඉන්ඩියානා ජෝන්ස් (Indiana Jones) සිනමා පටයක් සිහි ගන්වන්නේය.

වෙනසකට කියා ඇත්තේ ඉන්ඩියානා ජෝන්ස් කණ්ඩා තරමටම වැඩ කාරයෙකු නොවීම පමණි  🙂 Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ I කොටස”

ආරී හෙවත් රත්නයියා …

thaaththa-and-me-in-wellipillawa

මේ ලිපිය පටන් ගැන්මේදීම කණ්ඩා සමාව අයදින්නේය, එය එසේ වන්නේ කණ්ඩාගේ ඔළුවේ කැකෑරෙන වේදනාව පිට කරනු වස් ලියනා මෙය නීරස හෑල්ලක් වන හෙයිනි.

අදට කණ්ඩාගේ පියා අප අතරින් වෙන්වී විසි වසරකුත් ගෙවී ගොසින්ය, නමුත් කණ්ඩාගේ සිතේ ඇති සුව නොවන තුවාලය එසේමය.

තුවාලයක වේදනාව දන්නේ තුවාලය ඇති මිනිසාය, මේ එවන් මිනිසෙකු විසි අවුරුද්දක් තිස්සේ හිර කරගෙන සිටි වේදනාවයි ! Continue reading “ආරී හෙවත් රත්නයියා …”

අතීතය සිහිනයක් පමණයි ~ VI කොටස

චාන්දනී ටීචර් සහ කණ්ඩාගේ ඔල මොට්ටල වැඩ !

ඉස්කෝලේ පළමු දවස, තාත්තා සහ චාන්දනී ටීචර් ...
ඉස්කෝලේ පළමු දවස, තාත්තා සහ චාන්දනී ටීචර් …

කණ්ඩාගේ තාත්තා කොලුවාව හා හාපුරා කියා පන්තියට භාර දුන් අතර කණ්ඩාව වැටුනේ “1 – රෝස” කියන පංතියටය , පන්තිය භාරව හිටියේ බොහොම කරුණාවන්ත තරුණ ගුරුතුමියකි.

ඇගේ නමින් හඳුන්වනවා නම් චාන්දනී ටීචර්ය, ඇය කණ්ඩා වැනි පොඩි ළමයින්ට හරි කරුණාවන්තය එමෙන්ම පුදුමාකාර ඉවසිලිවන්ත කමකින් යුක්තය. Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ VI කොටස”

පරිප්පුවන්ගේ කතා ~ II කොටස

ගං ඔටුවා සහ රජ ඔටුවා !

camels

බොලොග් කටුවට කොටන්නේ මක්කදැයි සිතමින් ඔලුව කහමින් කල්පනා කරන අතරතුර කණ්ඩාගේ ටිකිරි මොළයට නැවතත් ආවේ ඔටුවන් ගැනමය … කණ්ඩාට ඔටුවන් පත්තියන් වෙලා යයි රට්ටු කයි කතන්දර හැදීමට ඉඩ ඇත … නමුත් කණ්ඩාට තවම එහෙමටම පයිත්තියං නැත !

පුරස්නය නම් ඔටුවන් ගැන නොලියාම බැරි රස කතා හැට හුටහමාරක් උඩ මතු වීමට පොර බදමින් කණ්ඩාගේ ඔලු ගෙඩිය තුළ කැකෑරීමය … Continue reading “පරිප්පුවන්ගේ කතා ~ II කොටස”

ගම නම් බංගම !

paddy-fields-in-bangama

කණ්ඩා හැදුනේ වැඩුනේ හෝමාගමට කිට්ටුව පාත පිහිටා ඇති වැලිපිල්ලෑවෙ කියන ගමේය, ගමක් කිව්වත් තියෙන්නේ කොළඹ දිස්තිරික්කයේ නිසා කැමති උනත් නැතත් කණ්ඩාද කොළඹ කාක්කෙකි !

එය එසේ උවද කණ්ඩලෑ තාත්තාගේ උපන් ගම පිහිටලා තියෙන්නෙ මාතර අකුරැස්ස පළාතේය, කොටින් කියනවා නම් බෙන්තර ගඟෙන් එහාය ! මේ හුඟ දෙනෙකු වැඩිය අසා නැති බංගම නම් බොහොම සුන්දර කුඩා ගමකි. Continue reading “ගම නම් බංගම !”

පරිප්පුවන්ගේ කතා ~ I කොටස

ananda-college-ananda-vihaaraya

තවත් එක පරිප්පුවෙකුගේ ආගමනය !

කණ්ඩා පළමු වරට ආන්නදයට පිය තැබුවේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් අනතුරුව පවත්වන ඇතුළු වීමේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම සඳහාය. ආනන්දයේදී ලද අත්දැකීම් මතකයට නගනා විට මෙයට වඩා රස ආරම්භයක් තවත් නැත, ඒ දවස තුල සිදු වූ සුවිශේෂ සිදුවීම්, රස කතා බොහොමයක් අදටත් කාණ්ඩාගේ ඔලුව තුල සිර වී ඇත්තේය ! Continue reading “පරිප්පුවන්ගේ කතා ~ I කොටස”

වදන් තදයට එරෙහි බ්ලොගර් යුද්ධය සහ අටමා ~ Blogger Vs WordPress War & Atam !

wp-vs-blogger

කණ්ඩාට බ්ලොග් අඩවි ගැන කුතුහලයක් ඇති වී දැනට අවුරුදු දහයක් පමණ වන්නේය … තමන්ටම කියා බ්ලොග් අඩවියක් ඇරඹීමට ඇති වූ අදහසත් අවුරුදු හත අටක් පැරණි මුත් වැළදුන බාලගිරි දෝසය හේතුවෙන් ලඟ පාතක් වනතුරුත් සිදු වුනේ නැත.

කණ්ඩාට තේරෙන විදිහට බ්ලොග් අඩවි දෙවර්ගයකි, ඒ කණ්ඩා වැනි කබ්බන් වෙලාව කා දැමීම උදෙසා බොහොම සැහැල්ලුවෙන් ලියන කියන දෑ අඩංගු “කැෂුවල් බ්ලොග්” (Casual Blogs) සහ යමක් කමක් තේරෙන, තම ක්ෂේත්‍රයේ විශේෂ දැනුමක් හිමි අයවලුන් හෙවත් වැඩ්ඩන් විසින් හඳුනා ගත් සීමා තුල විධිමත්ව පල කෙරෙන “ප්‍රොෆෙෂනල් බ්ලොග්” (Professional Blogs) ය. Continue reading “වදන් තදයට එරෙහි බ්ලොගර් යුද්ධය සහ අටමා ~ Blogger Vs WordPress War & Atam !”

හාමිනේලාගේ කතා වස්තුව – II කොටස

නිසි බළධාරිනිය හෙවත් වාරණ මණ්ඩලය !

google-wife

පහු ගිය දවස් වල කණ්ඩාගේ ප්‍රියතම මාතෘකා වන ඔටුවන් සහ සූකරයන් ගැන ලියාගෙන යද්දී නිසි බළධාරිනිය සිය අවම බලය භාවිත කර බාල්දි පිට බාල්දි පෙරළීමට නොපසුබට උනාය …

කණ්ඩා අමාරුවෙන් අකුරෙන් අකුර … වචනයෙන් වචනය එකතු කරල … එකතු කරලා මහත් මහන්සියෙන් අමුණාපු  බ්ලොග්ලාන්තයට මුදා හැරීමට ඔන්න මෙන්න සිටි සමහර ලිපි කණ්ඩා හාමිනේගේ කතුරට හසු වී කැපී කෙටී ගියේය … Continue reading “හාමිනේලාගේ කතා වස්තුව – II කොටස”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: