desert-sunset-and-a-camel-caravan

මැද පෙරදිග පිළිබඳව අන් බොහෝමයක් දෙනා මෙන්ම කණ්ඩා හටත් අසා ඇති දේ සහ ඇත්ත තත්වය අතර විශාල පරතරයක් මුලදී දැනුන බව සත්‍යයකි.

මෙම බොහොමයක් ඍණාත්මක හැගීම් සහ වැරදි අදහස් වලට විවිධාකාර හේතූන් ඇත. එයින් සමහරක් දේ සත්‍යය වන නමුත් තවත් සමහරක් බටහිර ජන මාධ්‍ය විසින් ඒක පාර්ශවීයව සිදු කරන ප්‍රචාරයන් හේතුවෙන් මවනා ලද පටු ආකල්පයන්ය.

මේ කුමන තත්වයන් යටතේ මුත් ඇත්ත ඇති සැටියෙන් ගත් කල මැද පෙර දිග යනු භූ-ගෝලීයව, දේශපාලනිකව සහ සංස්කෘතික වශයෙන් අතිශය සංකීර්ණ ප්‍රදේශයකි.

මෙවන් වෙනස්කම් යම් තරමක් දුරට හෝ පැහැදිලි කර තෝරා බේරා දීමට හැකි උවහොත් එය කණ්ඩා ලබන ජයග්‍රහණයකි !

මැද පෙර දිග ප්‍රධාන වශයෙන් අරාබි, පර්සියානු, තුර්කි, කුර්දි සහ යුදෙව් ජාතිකයන්ද තවත් නොයෙක් සුළුතර ජාතීන්ද වෙසෙන්නෝය. අරාබි ජාතිකයන් මෙයින් මුල් තැනක් ගන්නෝය.

කණ්ඩා ඇතුළු බොහෝ ශ්‍රී ලාංකිකයන් එදිනෙදා කතාබහේදී අරාබි ජාතිකයන්ව අමතන්නේ ඔටුවන් කියාය. ඉන් අත් වන වාසි කිහිපයකි, ඔටුවන් ඉන්නා තැන් වලදී කිසිවෙකුට නොතේරෙන පරිදි සිංහලෙන් අදහස් හුවමාරුව, උසුළු විසුළු සහ විවේචනය කිරීමේ හැකියාව ඉන් ප්‍රධානය 🙂

අරාබි බස හෙවත් ඔටු භාෂාව කණ්ඩා අසා හුරු පුරුදු අන් සියලු භාෂාවන්ට වඩා වෙනස්ය. මෙය ලිවීම, කියවීම දෙවිදියටම අදාලය.

අරාබි බසෙහි බොහෝ වදන් කතා බහේදී උච්චාරණය කරන්නේ යටි උගුරෙනි. මෙය ඇතැම් විට සිව්පා ඔටුවන් අනුකරණයක් විය හැකි බව කණ්ඩාට හිතෙන්නේ සිව්පා ඔටුවන් හඬ නගනා ආකාරයත් එතරම්ම කන්කළු බැවිනි.

මෙනිසා ඔටුවන් දෙදෙනෙකු අතර ඇතිවන අතිශය සාමාන්‍ය කතා බහක් උවද ඔටු බස හුරු නැති අයෙක් හට කළ කෝලාහලයක් ලෙස දැනුනොත් එහි කිසිඳු අරුමයක් නැත්තේය.

කණ්ඩා මෙතෙක් ශ්‍රවනය කර ඇති භාෂා අතුරින් ඔටු බස කර්කශම භාෂාව ලෙස හැදින්නුවොත් එය කිසිසේත් අතිශෝක්තියක් නොවන්නේය !

ඒ විස්තර කලේ ඔටු බස වැහැරිම පිලිබඳවය, එසේම ලිවීමද මෙයිට නොදෙවෙනිය. මෙලෝ හැඩයක් නැතිව දසත දුවනා කුරුමිණි අඬු වැනි අරාබි අකුරු කණ්ඩාට නම් දිරවන්නෙම නැත. අනෙක මුළු ලෝවම පාහේ වමේ සිට දකුණට ලියද්දී උතුර දකුණ මාරු උන ඔටුවන් ලියන්නේ දකුණ සිට වමටය !

වෘත්තියෙන් මෘදුකාංග උපදේශකයෙකු වන කණ්ඩා ප්‍රමිතිකරණය (Standardization) ඉහළින් පිළිගන්නේ එමගින් සමාජයේ බොහෝ කාර්යයන් පහසු වන නිසාය. එනිසා මෙම උතුර දකුණ මාරු වීම කොතනකදී කවුරු වරද්දා ගත්තත් කණ්ඩා දකින්නේ විහිළුවක් ආකාරයටමය !

මෙය ඔටුවන් හට පමණක් සිමා වූ දෙයක් නොවේ, ලොව පුරා වාහන ධාවන මං තීරුවේ වම දකුණ මාරු වීම, අංක ක්‍රමයන්හි වෙනස්කම් මෙන්ම විවිධ මිනුම් ක්‍රමද (US & Imperial Galons, Killometers & Miles) මේ විහිළුවට අදාලය.

වාසනාවට කණ්ඩා වෙසෙන ඔටු දේශයේ මෙන්ම අනෙක් අසල් වැසි රටවල් බොහෝමයකත් දැනට සම්පුර්ණයෙන්ම පාහේ භාවිත වන්නේ අන්තර්ජාතික මෙට්‍රික් මිනුම් ක්‍රමයයි, එනිසා කරදර අඩුය !

උතුර දකුණ මාරු වීම් පිලිබඳ කතා බහ කිරීමේදී ඇති අනෙක් විකාරය වන්නේ ලොව බොහොමයක් රටවල් සෙනසුරාදා සහ ඉරිදා තම සති අන්තය ලෙස සලකද්දී මැදපෙරදිග එයට එරෙහිව යමින් සිකුරාදා – සෙනසුරාදා හෝ බ්‍රහස්පතින්දා – සිකුරාදා තම සති අන්තය ලෙස සැලකීමයි.

මෙම සති අන්ත මැද පෙර දිගද අන් ප්‍රදේශ වල මෙන්ම මහජනයා බහුතරය වැළඳ ගත් හෝ බලෙන් පටවන ලද ආගමක් හා බද්ධ වූවකි, මෙහි එය ඉස්ලාම් ධර්මයය.

ක්‍රිස්තියානි රටවල සහ එහි යටත් විජිතයන්ව පැවති ප්‍රදේශයන්හි මෙය බොහෝවිට සෙනසුරාදා – ඉරිදා වන්නේද ආගමික පසුබිම නිසාමය. (සුද්දාට පෙර ලංකාවේ පොහොය දිනයන් සති අන්ත වල අඩු පාඩුව පිරිමැසීය, එයත් බුදුදහම හා බැඳී තිබුණේය)

** නමුත් ප්‍රමිතිකරණය අතින් ගත් කල මේ ආගම් සියල්ල එකය, ඉන් අත් වන සෙතක් නැත්තේමය 🙂

අරාබි ජාතිකයන් අසියාතිකයන් හට කොහෙත්ම කැමැත්තක් නොදක්වන බව කිසිවෙකු හට පුදුමය දනවන කාරණයක් නොවන්නේය. ආසියාතිකයන් හට දක්වන්නා වූ අනන්තවත් කෙනෙහිලි (Extreme Discrimination) කණ්ඩා වෙනත් කිසිම මහාද්වීපයක අත් දැක නැත්තේය.

කොටින් කියතහොත් බොහෝ අරාබි ජාතිකයන් හට ආසියාතිකයන් යනු ගෘහස්ත සේවකයන් පමණි ! කොපමණ මුදල් හදල් තිබුනත් අධ්‍යාපනයෙන් පරතෙරට ගියත් ඉන් අත් වන කිසිඳු වෙනසක් නැත්තේය.

මේ සියල්ල විඳ දරාගෙන රැකියාවන්හි නියුතු විදේශිකයන් මෙහි වාසය කරන්නේ බොහෝවිට තම මහන්සියට සරිලන සේ ඉතාමත් හොඳ වැටුපක් ලැබීම සහ මෙම ප්‍රදේශය බදු වලින් තොර වීමත් නිසාය.

අරාබි ජාතිකයන් ස්වභාවයෙන්ම වහා කිපෙන සුළු, සිනහවකින් තොර මුඩු මුහුණැත්තෝය. එමෙන්ම තම ජාතිය සහ ආගම ගැන මහත් අධිමානයකින් වෙසෙන ඔවුන් හැසිරෙන්නේ ඔවුන් හට වඩා අන් කිසිවෙක් නැත්තා සේය.

මෙම ඔටුවන් ඔවුනොවුන් අතර හැරෙන්නට අන් ජාතිකයන් සමග සිනහ වී කතා බහ කරණු කණ්ඩා දැක ඇත්නම් ඒ සුදු හම ඇත්තවුන් හා පමණක්මය.

එබැවින් සුදු හම ඇත්තන් හට පශ්චාත් භාගය පිරි නමන්නේ ආසියාතිකයන් පමණක්ම නොවන බව ඇතැම් දෙනා නොදන්නවා විය හැකිය.

නව පරම්පරාවේ අරාබි ජාතිකයන් අතර මෙම තත්වය යම් දුරකට අඩු උවත් එයින් සැලකිය යුතු වෙනසක් ඇති වන්නට තව දශක ගණනාවක් දුර යා යුතුය.

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන නමුත් අදටත් අරාබිකරයේදී කණ්ඩා අත්විඳ ඇති නොයෙක් අප්‍රසන්න දේ නිසාවෙන් කිසිඳු අරාබියෙකුට අදටත් කණ්ඩාගෙන් නම් උදව්වක් නොමැත්තේය …

**අතර මගදී ලොකු ජාති හෙවත් පාට් දමා මග විමසන ආචාරශීලී නොවන ඔටුවන් (බොහෝවිට වෙනත් මැදපෙරදිග රටවලින් පැමිණෙන්නන් ) කතරගම නොයවා අතරමග යවනා එක කණ්ඩාගේ ප්‍රියතම ක්‍රීඩාවකි  🙂

නමුත් ඔටුවන් අකමැත්තකට එහා ගිය මහත් වෛරයකින් යුතුව බලන තවත් ජාතීන් එහෙමත් නැති නම් ජන කොටස් දෙවර්ගයක් මැද පෙරදිග වෙසෙන්නේය. නමින් හදුන්වනවා නම් ඒ යුදෙව්වන් හා පර්සියානු ජාතිකයන්ය !

මේ දෙවරිගය අතරිනුත් යුදෙව්වන් සහ ඔවුන් වෙසෙන ඊශ්‍රායලය ඉදිරියෙන්ම සිටින්නේය, යුදෙව්වන් පවා අරාබි ජාතිකයන් හට කොහෙත්ම දෙවෙනි වීමට කැමති වරිගයක් නොවන්නේය.

ඉතින් යුදෙව්වන් මිලියන හයකට අධික ප්‍රමාණයක් සමුල ඝාතනය කල හිට්ලර් ප්‍රධානකොට ගත් නාසිවාදය වැළඳගත් ජර්මානුවන්ට තරමටම යුදෙව්වන් වෛර කරන ලෝකයේ වසන එකම ජාතිය අරාබි ජාතිකයින්ය !

යුදෙව්වන්ගේ රාජ්‍යය හෙවත් ඊශ්‍රායලය රටක් ලෙස බිහි වී ලෝක සිතියමට ඇතුලත් වූයේ ඉතාමත් මෑත ඉතිහාසයේදීය.

නමුත් බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නේ නමුත් අවුරුදු දහස් ගණනක් තිස්සේ යුදෙව්වන් මැදපෙරදිග අරාබි ජාතිකයන් සමග උරෙන් උර ගැටෙමින් දිවි ගෙවනා ලද බවය.

අරාබීන් සහ යුදෙව්වන් අතර පහුගිය සියවස තුලද යුද කෝලාහල දහයක් පමණ ඇති වූ අතර අද වන විට ඉන් ජයග්‍රහණය ලබා ඇත්තේ ඊශ්‍රායලයයි !

middle-east-map

(මැදපෙරදිග රාජ්‍යයන්)

අද දවසේ ආසියාතිකයන් ලක්ෂ ගණනක් අරාබින් හට වහල්කම් කරන්නේ යම් සේද විවිධ අධිරාජ්‍යයන් යටතේ අවුරුදු දහස් ගණනක් තිස්සේ යුදෙව්වන්ට සිදු වුයේද විවිධාකාරයෙන් වහල්කම් කරන්නටය.

බැබිලෝනියානු/පර්සියානුවන් (Present Iran and Iraq), මැසිඩෝනියානු/ග්‍රීක අධිරාජ්‍යය (Alexander the Great) ඊජිප්තුවේ ෆෙරෝහ්වරු (Egyptian Pharaohs) සහ රෝම අධිරාජ්‍යයන් මෙයට වගකිව යුත්තෝය.

පලස්තීනය කැබලිවලට කඩා දමමින් ජෝර්දානය, ලෙබනනය, සිරියාව සහ ඊජිප්තුව යන අරාබි රටවලට මෙන්ම සමස්ථයක් ලෙස මුළු මැද පෙර දිගටම දැඩි බලපෑමක් එල්ල කරමින් ඇති වූ ඊශ්‍රායාලය අදටත් මෙම ප්‍රදේශයේ විවිධාකාර ගැටළු ඇති කරන්නේය.

මැදපෙරදිග සිටින අනෙක් බල කනුව වන්නේ පර්සියානු ජාතිකයන් ප්‍රධාන වශයෙන් වෙසෙනා ඉරානයයි. සියවස් කිහිපයකට උඩදී ඉරාකයත් කුවේටයත් පර්සියානුවන් යටතේ පැවතියත් අද තත්වය එයට වඩා වෙනස්ය. ඉරාකය සහ කුවේටය අද ස්වාධීන රාජ්‍යයන් වනවා සේම අද දවසේ එහි වැඩිමනක් වෙසෙන්නේ අරාබි සහ කුර්දි ජාතිකයන්ය.

මුලින් කියූ ආකාරයටම අතීතයේදී පර්සියාව යනු ඉරාන, ඉරාක සහ කුවේට දේශසීමා හරහා විහිදුන ලොව පැරණිතම හා විශිෂ්ටතම මානව ශිෂ්ඨාචාර දෙකින් එකක් වන යුප්‍රටීස් ටයිග්‍රීස් නිම්නයන්ට මැදිව ගොඩ නැගුණු මෙසපොටේමියානු ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙයයි.

එයට අමතරව වසර දහස් ගනණාවක් තිස්සේ බලය රැඳුණු මේ දේශය සුමේරියානු, ආකේඩියානු, බැබිලෝනියානු සහ ඇසිරියානු අධිරාජ්‍ය රැසකට මුල් වුන තෝතැන්නකි.

මේ නිසාමදෝ බොහොම තද ආඩම්බරකාරකමක් අදටත් ඉරාන එහෙමත් නැතිනම් වර්තමාන පර්සියානු ජාතිකයන් හට අඩු නැතිවම ඇත්තේය. ඉතින් පර්සියානුවන් අරාබි ජාතිකයන්ව පහත් කර සැලකීම මේ අරාබි-පර්සියානු කොන්ත්රයට මුල් වූ එක සාධකයකි !

වහාබි අන්තවාදීන්ගේ උපන් ගෙය වන සෞදි අරාබියේ වෙසෙන සුන්නි මුස්ලිම් භක්තිකයන් විසින් ඉරාන ජාතික ෂියා මුස්ලිම් භක්තිකයන් හට අදටත් කෙරෙන කෙනෙහිලිකම්. මේ ආගමික හේතූන් දඩමීමා කරගෙන අතීතයේදී කරන ලද සෞදි අරාබියානු ආක්‍රමණ අනෙක් ප්‍රධාන හේතූන්ය.

ඉරාන විප්ලවයට ප්‍රථම සිටි ඉරානයේ “ශාහ්” වරයා (Shah) හෙවත් රජු වන මොහොමඩ් රේසා පලාවිගෙන් (Mohammad Reza Pahlavi)  පසු ඉරානය සහ අරාබින්ගේ විශාලතම බලය රැඳී සෞදි අරාබිය අතර පවතින්නේ මෑත අතීතයේ ඇමරිකාව හා සෝවියට් දේශය අතර පැවතියාක් මෙන් සීතල යුද්ධයකි.

අද වන විට මිලියන විසි හතක් පමණ වූ වන සෞදි අරාබියනුවන්ට එරෙහිව මිලියන පනහකට ආසන්න පර්සියානු ජාතිකයන් සිටිති.

ඉතින් තම හමුදාවේ සංඛ්‍යාත්මක අඩු පාඩු මකා ගැනීම උදෙසා සෞදි අරාබිය මෙන්ම අනෙක් අසල් වැසියෝත් ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් ඩොලර් බිලියන ගණන් වියදම් කර නවීනතම  අවි ආයුධ මිලදී ගන්නෝය.

මුළු බටහිරටම මරණ වරෙන්තු නිකුත් කරන ඉරානයට එවැනි අස්වැසිල්ලක් නැත, එබැවින් ඔවුන් හොඳ හෝ නරක කෙසේ වෙතත් තමන් විසින්ම ආයුධ නිපදවා ගනී.

නමුත් කොපමණ අවි ආයුධ ගොඩ ගැසුවත්, කොපමණ කට මැත දෙඩුවත් මේ රටවල් දෙක මුහුණට මුහුණලා යුද්ධයකට යාම සඳහා ඔවුන් හට අදහසක් නැත්තේය.

ඔවුන් ඒ වෙනුවට කදිම චෙස් ක්‍රීඩාවක යෙදෙති, තම අසල්වාසීන් එහෙමත් නැතිනම්  සිරියාව, ලෙබනනය, බහරේනය සහ යේමනය මෙම සුවිශාල චෙස් ලෑල්ලේ ඉත්තෝය.

එහෙයින් සිරියාව,ලෙබනනය සහ යේමනයේ පවතින සිවිල් යුධ ගැටුම් සියල්ල මේ රටවල අභ්‍යන්තරයට සීමා වූ තත්වයන් නොවේ. මේ ආරවුල් සියල්ලටම බටහිර රටවල් වල යම් අත පෙවීම් තිබුනද මෙහි චෙස් ක්‍රීඩකයෝ නම් ඉරානය සහ සෞදි අරාබියයි !

දෙපිල බෙදී ගහ මරා ගැනීම, කා කොටා ගැනීම මෙම ඉත්තන්ගේ පරම කර්තව්‍යයයි. වර්තමානයේ විදෙන් පුවත් නරඹනවා නම් ඉත්තන් විසින් තම රාජකාරිය දේව කාරිය මෙන් සිතා අකුරටම ඉටු කරන බව මොනවට පැහැදිලි වන්නේය !

තුර්කිය ප්‍රධාන වාසස්ථානය කරගත් නමුත් මැදපෙරදිග රටවල් සහ ඇතැම් පැරණි සෝවියට් රටවල වෙසෙන තුර්කි ජන කොට්ටාශය පැරණි ඔටෝමාන් අධීරාජ්‍යයේ වර්තමාන ශේෂයෝය. (මේ පිලිබඳ වෙනම ලිපියකින් විස්තරගේනේ ඒමට කණ්ඩා බලාපොරොත්තු වන්නේය)

දේශපාලනය ගැන ගැඹුරින් සැලකූ කල මැදපෙරදිග විවිධ දේශපාලන ක්‍රමයන්ගේ සම්මිශ්‍රණයකි !

මැද පෙරදිග රටවල විවිධ රාජාණ්ඩු ක්‍රමයන්, රාජාණ්ඩු ක්‍රමය හා බැඳුණු නමුත් ඉන් එහා ගිය ෆෙඩරල් ආණ්ඩු හෙවත් සන්ධීය රාජ්‍යය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන්ගෙන්ද සමන්විතය.

කණ්ඩා වෙසෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) එකම රටක් ආකාරයට පිටතින් පෙණුනත්, UAE යනු රටවල් අටකින් සැසුම් ලත් ෆෙඩරල් රාජ්‍යයකි. මෙහි ඇති රටවල් එසේත් නැතිනම් ප්‍රාන්ත හඳුන්වන්නේ එමීර් වරයකු පාලනයට නතු යන අරුත ඇතිව එමිරේට නමින්ය.

මෙලෙස අබු ඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම් අල් ක්වේන්, ෆුජේරා සහ රාස් අල් කයිමා (Abu Dhabi, Dubai, Sharjah, Ajman, Umm Al Quwain, Fujeirah and Ras Al Khaimah) යන එමිරේට ෆෙඩරල් රාමුවකින් බැඳී ඇත්තේය.

මැද පෙර දිග ප්‍රජාතන්ත්‍රවාදී රජයන් ගැන හැදැරීමේදී ලෙබනනය, ඉරාකය, සිරියාව, ඊශ්‍රායලය, යේමනය සහ මිසරය හෙවත් ඊජිප්තුව පෙරට එන්නේය.

වගකීමකින් සහ විනයකින් තොර ප්‍රජාතන්ත්‍රවාදය සමග එන වල් බුරු නිදහසේ අතුරු පල වන “අරාබි වසන්තය” (Arab Spring) වැනි දෑද මෙම රාජ්‍යයන්ගෙන් බොහොමයක් රස විඳින්නේය …

සෞදි අරාබිය, ඕමානය, බහරේනය, කුවේටය, කටාර් සහ ජෝර්දානය පාලනය වන්නේ රාජාණ්ඩු ක්‍රමයන් යටතේය. මෙම රටවල් රජෙක්, එමීර් වරයකු එසේත් නැතිනම් සුල්තාන්වරයෙකුගේ පාලනයට නතු වන්නේය.

ඉරානයේ මේ හැමටම වඩා වෙනස් වන්නේ යම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇතත් ඒ හැමට උඩින් ඉස්ලාමීය නායකත්වයක් පවතින නිසාවෙනි.

මේ සඳහන් කල කුමන ආකාරයක රටක ජිවත් උනද මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අතින් මැද පෙර දිග ලොව අන් රටවලට සාපේක්ෂව ගව් ගණනාවක් පිටුපසිනි.

කොටින්ම බොහොම මොට ආකාරයට පවසනවා නම් කන්න බොන්න නිදහස තිබුණත් බුරන්නට නිදහස අවමය !

ඒ අතින් ගත් කල මොවුන් තවමත් වෙසෙන්නේ ගල් යුගයේමය 🙂

එහෙයින් මෙම දේශයන් පෙලන බොහෝ කරුණු කාරණා ප්‍රසිද්ධ මාධ්‍යයක නිදහසේ පැවසීම අපහසුය. කණ්ඩා මාධ්‍ය යන්නෙන් අදහස් කරන්නේ රේඩියෝ/රූපවාහිනී නාලිකා සහ පුවත්පත්/සඟරා පමණක්ම නොවේ.

අන්තර්ජාලය ඔස්සේ  අප අතරට එන මුහුණු පොත – Facebook, ට්විටර් – Twitter ආදී සමාජ ජාලා (Social Networks), විවිධ බ්ලොග් සහ පුවත් වාර්තා කරන අඩවියන් – Blogs and News Aggregators මෙන්ම ස්කයිප් – Skype, වට්ස්ඇප් – WhatsApp, මෙසෙන්ජර් – Messenger වැනි පණිවිඩ හුවමාරු ක්‍රමයන්ද අදාලය.

කණ්ඩා වීරයකු මෙන් හෙළුවෙන් වනන ඇතැම් අදහස් මැදපෙරදිග බොහෝ දෙනා කියවන ඉංග්‍රීසි හෝ අරාබි බසින් ප්‍රකාශ කිරීමට පෙර දෙවරක් සිතිය යුතුය. අදහස් ප්‍රකාශ කිරීමට පහසු උවත් පොලිසියෙන් කුදලාගෙන ගොස් මහා උළුගෙදර තැපීමෙන් ගැලවීමට අපහසුය.

කණ්ඩාට මේ පිලිබඳ වැඩි ගැටලුවන් නොමැත්තේ ගෘහස්ත වාරණ මණ්ඩලය මෙම ගැටළු සියල්ල නිරාකරණය කර ගැනීමට දක්වන සහයෝගයයි. ඇතැම් විට එයත් හිරේ විලංගුවේ වැටීමක් සේ හැඟුනත් මහ උළු ගෙදර තපිනවාට වඩා කණ්ඩා එයට ප්‍රිය කරන්නේය.

ලොව අන් හැම තැනකම මෙන් මැදපෙරදිගටත් අවේණික විවිධාකාර වෙනස්කම් බොහෝය. රටින් රටට, පළාතෙන් පළාතට කෑම-බීම, ඇඳුම්-පැළඳුම් සහ හැළ-හැප්පීම් කොතෙකුත් වෙනස්ය.

මෙම හේතූන් නිසාවෙන් මුළු මැද පෙර දිගම ඉතා සරල ලෙස නිර්වචනය කිරීම (Generalization) ඉතා අපහසු කාරණාවකි.

උදාහරණයක් වශයෙන් සෞදි අරාබිය, කුවේටය, ඕමාන්, ජෝර්දානය, ලෙබනන්, ඊජිප්තුව යන රටවල් ගත් කල එම ජනයාගේ ගති පැවතුම් අතර අහසට පොලොව මෙන් වෙනස්කම් ඇත්තේය.

ඕමාන ජාතිකයන් සහ ජෝර්දාන ජාතිකයන්ය බොහෝ දුරට පොලවේ පය ගසා ඇවිදින්නෝය, කණ්ඩාගේ අත්දැකීම් අනුව ඔවුන් මැද පෙරදිග සිටින මිත්‍රශීලීම ජනකොටස්ය.

සෞදි අරාබියානුවන් සහ කුවේට ජාතිකයන් මෙයට හාත්පසින්ම වෙනස් වන අතර තවමත් ගල් යුගයේ වෙසෙන්නෝය. ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් මැදපෙරදිග ඇතැම් රටවල ප්‍රීති ඝෝෂා කිරීමට හේතු වූ බව කණ්ඩා අසා ඇත්තේය.

කුවේට වැසියන්ගේ ආකල්ප සහ ගති ගුණ සැලකූ කල එය කිසිසේත් පුදුමයට කාරණයක් නොවේ.

කාලගුණය සහ භූ ගෝලීයව ගත් කලද වෙනස්කම් එසේමය. සවුදි අරාබිය, ඕමානය, යේමනය සහ එක්සත් එමීර් අරාබි රාජ්‍යයන්ට මැදිව ලොව විශාලතම වාලුකාව වන “රුබ් අල් කාලී” නම් නිරුදක කාන්තාරය (Rub Al Khali – Empty Quater) පිහිටා ඇති බව සැබෑය.

එනමුත් මැද පෙර දිග යනු තනිකරම වැල්ලෙන් වැසුන වාලුකා කාන්තාරයක් නොවේ.

ඊජිප්තුවේ නයිල්, ඉරානය සහ ඉරාකයේ යුප්‍රටිස්-ටයිග්‍රිස් නදී නිම්නයන් දෙපස විහිදුන සෑම බවභෝගයක්ම වැවෙන අතිශය සශ්‍රික භුමි භාගයන්ය.

එසේම ලෙබනනය සහ ජෝර්දානය පුරා විසිරි ඇති අතිශය සාරවත් මිදී සහ ඔලිව් වතු (Grape and Olive Orchads) අස්වනු නෙලනා සමයන්හිදී හරිත වර්ණයෙන් බබලන ප්‍රදේශයන්ය.

කාන්තාර ප්‍රදේශ තම නිවහන කරගෙන ජිවත් වන කාන්තාර වැසියන් සහ ගොපල්ලන් හෙවත් “බෙඩුයින්” (Bedoin) වරුන්ගේ ජීවනාලිය වන මැද පෙරදිග පුරා තැනින් තැන විසිරි ඇති සරුවට වැවුණු රට ඉඳි ගස්, ගැඹුරු ලිං සහ ගලායන ජල මාර්ග වලින් සැදි ෆලාජ් (Falaj) ජල කළමණාකරණයන්ගෙන් හෙබි ක්ෂේම භූමි වල සිසිලස වචනයෙන් විස්තර කල නොහැකිය.

ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මායිම්ව ඇති හජාර් කඳු වැටිය මෙන්ම ලෙබනනයේ ඇති හිම ක්‍රීඩා කරන කඳුකර පෙදෙස්ද (Ski Resorts) ඒ හැම තැනටම ආවේණික වන චමත්කාරයෙන් යුතුය.

මේ සියල්ල මැදපෙරදිග කාන්තාර වශයෙන් වර්ග කර එකම කූඩයකට දමන්නේ කෙසේද යන්න ගැටළු සහගතය.

මෙම සියලු වෙනස්කම් යම් තරමකට හෝ තේරුම් ගැනීමට කණ්ඩාටත් අවුරුදු කිහිපයක්ම ගත විය, නමුත් මෙම නානාප්‍රාකාර විවිධත්වයන් හමුවේ දශකයකට පසුවද කණ්ඩාට පැටලුම් ලිහා ගැනීමට නොහැකි තැන් බොහෝය !

Advertisements