සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

ජනවාරි 2017

සිරි ලංකාගමනය ~ III කොටස

drinking-buddies

අටං හමුව සහ හොරෙන් ඔටර්ස් පැදීම !

මෙදා පොටේ සිරි ලංකාවට ආපු ගමනේ එක බලාපොරොත්තුවක් උනේ මේ වෙනකං මුහුණු පොතෙන් විතරක් අඳුන ගත්ත බ්ලොග් කාරයෝ දෙන්නෙක් තුන් දෙනෙක්වත් හම්බ වෙන එක.

මොකෝ ඊයේ පෙරේද ඉඳන් බ්ලොග් ලියන මම ඔය කවුරුවත් වැඩිය දන්නා කියන එකක්යැ ?

තමන්ගේ කාලේ නාස්ති කරගෙන ලියන්න තරම් පිස්සුවක් තියන උන්ගෙන් යන්තං මම දැනගෙන හිටියේ කොච්චියව විතරයි. Continue reading “සිරි ලංකාගමනය ~ III කොටස”

Advertisements

කාර් සන්නිය ~ II කොටස

galant-the-adventurerඑකෝමත් එක ගැලන්ට් එකක් සහ යුද්ධයක් !

ඕං ඉතින් ඉස්සෙලාම කණ්ඩා හාමිනේවත් කුදලාගෙන ගැලන්ට් එක බලන්න ගිය කතාව ලියුව නිසා අද එකේ ඉතිරි ඩිංගත් ලියල ඉවරයක් කරන්න හිතුන.

අනික අලුත් අවුරුද්දකුත් ආපු එකේ අර මක්කටැයි පරණ ඇරියස් තියාගෙන ඉන්නේ ???

පහුගිය සතියේ අර කාන්තාරෙ අස්සේ ගියපු වෙලේ තමයි මගේ පැරණි සගයව ආපහු සිහියට ආවේ, කොහොම අමතක කරන්නද ඒ කතන්දර 🙂 Continue reading “කාර් සන්නිය ~ II කොටස”

බිං කුණ්ඩා සහ කණ්ඩා !

al-bin-kunda

සාමාන්‍යයෙන් සතියේ දිනයන්හි ගෙදර සිටිනා පොඩිම එකා ඉස්කෝලේ යවන්නට සියල්ල සපුරා දීම සඳහා හාමිනේ අකමැත්තෙන් උවද උදේ පාන්දරම අවදි වන්නේය …

බූරුවෝ හත් දෙනෙකුගේ වයස ගියත් ගෙදර ඉන්නා පොඩිම එකා අන් කිසිවෙකු නොව කණ්ඩාය, පොඩි එවුන් නැති තැන් වල නාකි දණ ගානවා කියන්නේ කට කහනවාටම නොවේ … 🙂 Continue reading “බිං කුණ්ඩා සහ කණ්ඩා !”

පිස්සෙකුගේ ස්වයං විවේචනය !

im-crazy-and-i-know-it

මම ලෝකෙන්ම උතුම් රටෙන් ඈත් වෙලා දැන් දස අවුරුද්දක් වෙන්නට එනවා අප්‍රේල් මාසේ අග දිහාට …

ඉතින් මට හිතුන ආපු පාර ගැන වගේම මං ගැනත් පොඩ්ඩක් විතර ආපහු හැරිලා බලන්න දාර්ශනික විදිහට.

ඔය කිව්වට මං කියන එව්වා වැඩිය ගණන් ගන්න කාරී නෑ …මොකද කාපු බීපු වෙලාවට කම්මැලි කම යවා ගන්න ලියන කියන හෑලි වැඩිය ගණන් ගන්ඩ නරකයි ! Continue reading “පිස්සෙකුගේ ස්වයං විවේචනය !”

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ IV කොටස

antanov-an-12-about-to-land

පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !

නියමු කුටියෙන් පිටතට පැමිණි ඉංජිනේරුවරයා අප දෙස බලා මහ හඬින් සිනහ වුයේ අපගේ හිත හදන්නට විය යුතුය …

නමුත් එය කණ්ඩාට දැනුණේ හිත හදනා සිනහවකට වඩා මේකත් මහ ලොකු කජ්ජක්දැයි ඔලොක්කුවට අසන්නා මෙන් “බැට්මෑන්” චිත්‍රපටයේ  “ජෝකරයා” විසින් දැමූ වියරු සිනහවක් ලෙසටය. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ IV කොටස”

මා දුටු ඇෆ්ගනිස්ථානය ~III කොටස

sharjah-airport

උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !

දරුණුවට පොලීසියෙන් ගුටි කෑවා හා සමානව කණ්ඩා පෙලූ ඇඟ පත රුදාවත් සමග ගැඹුරු නින්දකට වැටුණ හෙයින් කාලය ගත වීම පිළිබඳව කිසිඳු හැඟීමක් තේරුමක් තිබුනේම නැත.

එහෙයින් කණ්ඩාට ඇති එකම මතකය පොල්ලකින් නෙළුවා සේ නින්දට වැටීම සහ අහස කඩා වැටුනා සේ සද්දයක් සමග එකවරම තිගැස්සී ඇහැරීමත් පමණි. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~III කොටස”

සිරි ලංකාගමනය ~ II කොටස

hanthana-range-from-far

හන්තාන සිහිනය සහ උඩරට සිරි පිරි කොණ්ඩගල !

කණ්ඩා මැද පෙරදිගටම කඹුරා හති වැටී බොහෝ කල්ය … දෑවුරුද්දක කාලයකට සැලසුම් කල එතෙර රැකියාවට එළඹෙන බක් මාසය වන විට දස වසරකි !

මැද පෙර දිග සේවයේදී ඇති වන විවිධාකාරයේ දැන හැඳිනුම්කම් බොහොමයකි, නමුත් මේ හිත මිතුරුකම් සමාන කල හැක්කේ උදැසන බස් නැවතුම් පොලකදී ඇතිවන් දැන හැඳිනුම් කම් වලටය … Continue reading “සිරි ලංකාගමනය ~ II කොටස”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: