සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

පෙබරවාරි 2017

මස්කට් කතන්දර ~ I කොටස

muscat-galore

මස්කට් රස සොයා …

මස්කට් කී පමණින් සිරි ලාංකිකයින් වන අපගේ කටට කෙළ උනන්නේ නිතැතිනි, ඒ එදිනෙදා ජීවිතයේදී අප දන්නා මස්කට් යනු අතිශය රසවත් රසකැවිල්ලක් වීමයි.

මේ පිලිබඳ කණ්ඩාගේ මතකයන් “බොම්බේ ස්වීට්ස්” හෝ “ස්වීට් හවුස්” තෙක් දිව යන්නේය, “බොම්බේ ස්වීට්ස්” ලෙස පොදුවේ හැඳින්වූ මෙම රසකැවිලි නිතරම රසවිඳීමට නොලැබුණු නිසාදෝ මෙවන් රසකැවිලි හල් අප කුඩා කළ සුරංගනා ලෝක බඳු විය. Continue reading “මස්කට් කතන්දර ~ I කොටස”

Advertisements

වක්පොලු කතා වස්තුව ~ I කොටස

ananda-hockey-2000

කැන්ඩොස් මාමා සහ ගෝලියා

යටගිය දවස සිරි ලංකාවේ කොළොම්පුර ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාසයන් රාජ ශ්‍රියෙන් රාජ්‍ය කරනා කල්හි, මරදාන පරණවාඩියේ එක්තරා විද්‍යාලයක පරිප්පුවන් සමුහයක් විය.

මේ පරිප්පුවන් අතර දිවයිනේ නන් දෙසින් පැමිණි අතලොස්සක් වූ වඳ වී යන සත්ව කොට්ඨාශයකට අයත් වන්නා වූ වක්පොලු ක්‍රීඩාවට ලොබ බැඳී උන්ද වන්නෝය. Continue reading “වක්පොලු කතා වස්තුව ~ I කොටස”

වැලන්ටයින් අඳුර !

black-valentine

අද වැලන්ටයින් දවස, හාමිනේගෙන් සද්දයක් නැහැ, මට දවස පැටලුනා වත්ද ?

මොකද්දෝ හේතුවකට හාමිනේගේ හිත රිදිලා නැතිනම් දැනට දවස් කිහිපයක ඉඳලම වහෙන් ඔරෝ නානා ප්‍රාකාර ඉඟි කරපු හාමිනේට වැලන්ටයින් දිනය අමතක වෙන්නේ කොහොමද කියන එක ලොකු ගැටළුවක් !

වැලන්ටයින්ට බම්බු ගහගන්න කිව්වත් මේ ඔටුවගේ රටේ හාමිනේට වඩා කෙනෙක් කොහෙන්ද මට ? Continue reading “වැලන්ටයින් අඳුර !”

වැලන්ටයින් දිනය නොහොත් නවම් සන්නිය සහ පච්ච නංගී !

vallentines-day-special

මේ දවස් වල රෝස මල්, සැන් පවුඩර්, චොක්ලට් මෙන්ම රොමෑන්ටික් ඩිනර් ගැන දැනුම්දෙමින් අපගේ ගැලවුම්කාරයින් වන අටෝරාසියක් වෙළඳ ආයතන විසින් එවනා විවිධාකාර ඊ- තැපෑල් වැහි වැහැලාය.

උදේ පාන්දරම අඩු තරමේ මෙවන් අතිශය වැදගත් ලිපි 15-20 ක් වත් කොම්පීටරේ e-කුණු බක්කියට දමන්නට සිදු නොවන්නේ එහෙමත් දවසකය 🙂 Continue reading “වැලන්ටයින් දිනය නොහොත් නවම් සන්නිය සහ පච්ච නංගී !”

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ V කොටස

kabul-at-night

කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ !

කණ්ඩට සාමාන්‍යයෙන් හීන පේනවා බොහෝම අඩුයි, වැරදිලාවත් දැක්කොතින් ඒ හැබෑ කරගන්න බැරි දවල් හීන තමයි  🙂

ඒක හන්දමද කොහෙද නිදා ගන්න ගිය වෙලාවට පොල්ලකින් ගැහුවා වගේ නින්ද යන එකයි, නිදාගෙන ඉන්න තරමක් වෙලා මොරටුවේ ලී මෝලක් වගේ ගොරවන එකයි කණ්ඩගේ ජන්ම පුරුද්ද. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ V කොටස”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: