සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

මාර්තු 2017

ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි …

Half Century

කණ්ඩාගේ හාෆ් සෙන්චරිය !

කණ්ඩා තව දුරටත් ගැටවරයෙක් නොවේ … ළපටි තරුණයෙක්ද නොවේ … කණ්ඩා ඒ වයස් සීමා පසු කර අවසන්ය 🙂

ඒ කෙසේ වෙතත් ඊයේ පෙරේදා කණ්ඩාද වැඩි සද්දයක් නැතිවම අර්ධ ශතකයක් හෙවත් හාෆ් සෙන්චරියක් දැමුවේය !

නමුත් අවසානයේ පොඩි සද්දයක් දැමුවේ නැතිනම් මදිකමක් ලෙස සිතු නිසා මේ ලිපිය ලියන්නට සිත් විය 🙂 Continue reading “ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි …”

Advertisements

මස්කට් කතන්දර ~ II කොටස

Al Wajaja Border Post

සාජා සිට මස්කට් වෙත …

අපායට ගියත් කලින් යන්නට ඕනෑ යයි කියමනක් කණ්ඩා අසා තිබේ, එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම එය අකුරටම පිළිපදින්නේ ඉන් අත්වන වාසි අත්දැකීමෙන් දන්නා නිසාය.

මස්කට් බලා යන ගමනේත් වැඩි වෙනසක් නැත, අපායටත් කලින් යන්නට උවමනා නම් රටතොට බලන්නට යන විනෝද ගමනකට එයිටත් කලින් පිටත් නොවන්නට කිසිම හේතුවක් නැත්තේය. Continue reading “මස්කට් කතන්දර ~ II කොටස”

වැස්සට ලියවෙන කවි …

Rain

වැස්ස …

කතරක් තෙමෙන්නට
දාහය නිවෙන්නට
තුරු මුදුන් දළුලන්ට
මංපෙත් නොපෙනෙන්ට
රිය සක් නොසැලෙන්ට
කන්තෝරු වේලෙන්ට
සීතලෙන් ගුලි වෙන්ට
මඩ කඩිති උතුරන්ට
පොඩි එවුන් හිනැහෙන්ට
සිත තුටින් පිරෙන්නට
වැහැපන් තව දිගට
තරහ නෑ මම වැස්ස !

නිමිත්ත :

දිනය            – 21/03/2017
නගරය         – මැදක් නැති පෙරදිග – සාජා
කාලගුණය   – කඩින් කඩ වැසි
උෂ්ණත්වය  – 18 °C

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VI කොටස

Military Convoy

කාබුල් පොල්ල !

අප රැගෙන යන්නට සුපිරි කොම්පැණියෙන් කිසිවෙකු නොපැමිණීම නිසා කණ්ඩා ඇතුළු කණ්ඩායම වැටුණේ දැඩි අපහසුතාවයකය.

ඇෆ්ගනිස්ථානය යනු පාරට අත දමා ටැක්සියක් නවත්වාගෙන ගමනාන්තය රියදුරාට පවසා ළඟා විය හැකි තරම් ආරක්‍ෂිත හෝ පහසුකම් සහිත රටක් නොවන බව අමුතුවෙන් කියන්නට අනවශ්‍යය. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VI කොටස”

පරිප්පුවන්ගේ කතා ~ III කොටස

Mathematics

මා (නො)කළ උසස් පෙළ …

උසස් පෙළ යනු කණ්ඩාගේ ජිවිතයේ සංක්‍රාන්ති සමයකි, කොටින්ම පාසලේදී පාඩම් කටයුතු වල කිසිසේත් නොයෙදුනත් වැඩියෙන්ම උගත් කාලය බව පැවසුවොත් නිවැරදිය !

උසස්පෙළ විෂය ධාරාවන් කිසිවක් කණ්ඩාගේ සිත් ගත්තේ නැත, නමුත් වැල යන අතට මැස්ස ගැහීමේ න්‍යාය පදනම් කරගෙන හෝ වෙනත් (අ)හේතුවකට කණ්ඩා ගණිතය විෂය ධාරාව තෝරා ගත්තේය. Continue reading “පරිප්පුවන්ගේ කතා ~ III කොටස”

හිද්දලයා

Silent Scream

හීසර වන් රළු වදන්,
නොවදී මා සවනත
වෙඩි පහරවන් විවේචන,
නොරඳයි හදවත
පාගා දැමූවද,
නැගීටිමි නොවළහා

ගත පෙළන ගල් මුල්,
සිත නොපෙළනා
නිස්සාර අකුණු සර,
ගිළිහෙන්න කිසිත් නැති
නොසැලී මසිත වෙළි සන්නාහය,
නොවැටෙමි, පසු නොබසිමි !

මා හෙලන්නට තැතනුවත්,
ඇද වැටෙනුයේ කවුරුන්ද ?
මොරගසමි නිහඬවම,
නොපවසමි කිසිත්
මිරිඟුවකි සබඳකම්,
අත වනමි හුදෙකලාවට

අනුවාදය – ටයිටේනියම් Continue reading “හිද්දලයා”

වක්පොලු කතා වස්තුව ~ II කොටස

all_field_hockey_stick

වක්පොලු සහ වනන්න වටිනා ආයිත්තන්

කණ්ඩා පරිප්පුවෙක් බවට පත්වීමේ වරප්‍රසාදය ලද්දෙන් අනතුරුව එළඹුණු සමයේ අම්මා සහ තාත්තා දෙපළම කණ්ඩාව වක්පොලු ක්‍රීඩාවට නොසෑහෙන්න උනන්දු කළ බව නොකියාම බැරිය.

එයට ප්‍රධානම හේතුව වනුයේ, අවුරුදු 10-12 තරම වයසේදීත් කණ්ඩා ඇදුම රෝගයෙන් (Asthma) පෙළීමයි, කුඩා කාලයේ අදින ලෙඩේ බරපතලකම නිසාම කිහිපවිටක් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට පවා කණ්ඩා හට සිදු විය. Continue reading “වක්පොලු කතා වස්තුව ~ II කොටස”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: