සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

මැයි 2017

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස

Bukingham Palace

රැජින ආත්තම්මා වෙත ආදරයෙන් ලියමි …

මංගල තානායම,
ලිච් තැන්න,
බ්‍රමී නුවර,
මැදලන්ද,
උස්වැටකෙයියාව,

ක්‍රිස්තු වර්ෂ 2017 ක් වූ මැයි මස 24 වැනි බුදදා.

සැප වේවා !

ආදරණීය රැජින ආත්තම්මේ,

ඔබතුමිය ඇතුළු පවුලේ හැට හුටහමාරක් දෙනා සුවෙන් පසුවෙතැයි සිතමි. අපි ඉන්නා ඔටුවගේ රටේ ලොකු තැනත් ඔය පැත්තේ රවුමක් ගසන්නට ආ බව පත්තර කොළයක තියනවා දුටුවෙමි, අනෙක් කාන්තාරවාසී ලොක්කන් සමග ගත් කළ මේ ලොක්කා නොම්මර එකේ බුලට් එකකි. නමුත් ලොක්කා ඔබතුමිය බැහැ දැක්කත් අපට නම් ඔබතුමියව හමු වෙන්නට තවම වරම් ලැබී නැත, පහු ගිය අවුරුද්දක ඔබ බැහැ දකින්නට නිවසට ආමුත් හමු වීමට බැරි වීම ගැන බොහොම කණගාටු වෙමි. Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස”

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VII කොටස

Kabul Security

කාබුල්හි සුපිරි කඳවුර !

අවුරුද්ද මුල් කාර්තුවේ යෙදුණු විවිධ සංචාරයන්, හිත මිතුරු සාදයන් සහ සමාගම් නිසාවෙන් නොසිතු ලෙස කණ්ඩා කාර්ය බහුල වන්නට යෙදුණේය. එවන් වටපිටාවක එක දිගට සිත එකඟ කරගෙන ලිවීමට තරම් අවකාශයක් නොතිබූ බැවින් කණ්ඩා අතින් සිදු වූයේ ලිවීමට වඩා කියවීමය.

හැලපයියාගේ හැලප කඩයේ රසකැවිලි සියල්ල පෙරේත කමින් ගිල දමා අහවර කිරීමෙන් අනතුරුව මේ දවස් වල කණ්ඩා දත කන්නේ සුදීකගේ ඇවිද්ද පය සහ අරුගේ අඩවියට වග කියන්නටය 😀 Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VII කොටස”

කූඩු හැදිල්ල, ඔට්ටපාළු සහ උණ කැපිල්ල!

Wesak Lantern - Atapattam

තවත් එක වෙසක් දිනක් උදා විය, එලෙසම එය අවසන් විය. ඒ සමගම කුඩා කල අපට රස විඳින්නට ලැබුණු වෙසක් සිහියට නැගීමෙන් කණ්ඩාගේ සිතට සියුම් සතුටක් මෙන්ම දුකක්ද කාන්දු විය.

දැන් අමු කම්මැලියෙක් වන කණ්ඩා ඔටුවන්ගේ රටට පය ගැසුවාට පසු කිසිදාක වෙසක් කූඩුවක් සාදා නැත, ඒ සඳහා “රෙඩි මේඩ්” නිදහසට කාරණා කණ්ඩා සතුය, කාන්තාරයේ රට ඉඳි මිස බට පඳුරු නොවීමත් ඔට්ටපාළු ගලවා ගැනීමට රබර් වතු වල හිඟකමත් ඒ අතර ප්‍රධානය. Continue reading “කූඩු හැදිල්ල, ඔට්ටපාළු සහ උණ කැපිල්ල!”

හාමිනේලාගේ කතා වස්තුව – III කොටස

Shopping

කඩේ යෑම හෙවත් සොපින් !

පහුගිය දිනක කණ්ඩාගේ මිත්‍රයෙක් මුහුණු පොතේ කණ්ඩා විසින් හාමිනේට තද බටර් පාරක් තවරා දැමූ පින්තූරයකට “ඔය කඩේ ගිහින් තියෙන්නේ ගානට, වෙල් ඩන් !” කියා හීනියට ටෝක්කකුත් ඇන කොමෙන්ටුවක් දමා තිබුණේය … 😀

ඒ වෙන කවුරුවත් නොව කණ්ඩාත් සමග හෝමාගම පාසල් බස් රථයේම එකට ඉස්කෝලේ ගිය පරිප්පුවෙක් වෙච්චි 25 හේ මහත්තයාය, වැදගත් නෝනා මහත්තුරු වශයෙන් මුන්නැහේට 25 කියන්නේ ඇයිද යන පැනය මාගෙන් නොඅසනු ඇතැයි යන්න කණ්ඩාගෙන් බලාපොරොත්තුවය. Continue reading “හාමිනේලාගේ කතා වස්තුව – III කොටස”

මැයි දිනය සහ අපි …

May Day

කම්කරු දිනය අපට වැදගත් ඇයි ?

වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන දිනයක්, අන්තර්ජාතිකව පැය 8 ක වැඩ දිනය වැනි කම්කරු අයිතීන් දිනා ගැනීම සැමරීමක්, කම්කරුවන් සහ වෘත්තිය සමිති වශයෙන් ඒකරාශී වී බලය පෙන්වීමක්.

අද දවසේ පුවත්පත් කියවනවිට මෙකී නොකී කතන්දර සේම නානාප්‍රාකාර සම්පප්‍රලාප රාශියක් සොයා ගන්නට බැරි වන්නට හේතුවක් නොමැත. Continue reading “මැයි දිනය සහ අපි …”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: