සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

අගෝස්තු 2017

රෙස්කියු ඔපරේෂන් මිනි

Mini Cooper

මිනියක් සමග වාසේ …

මේ ලිපිය ලියල දැනට අවුරුද්දකට වැඩියි, නමුත් මොකද්දෝ හේතුවකට පල කරන්න හිත දුන්නෙ නැහැ, නමුත් ගිය සතියේ දාපු ලිපියත් එක්ක නැවතත් මේ ගැන මතක් වෙච්චි හින්ද හිතුන මේකත් දාල ඉවරයක් කරන්න.

මිනි පිස්සන්ගේ ලාම්පු සංවේගය උදෙසා, ඕං එහෙනම් Back To Mini !


මට හැදිච්ච මිනි අසහනය ගැන මම කලින් කියල තිබුනට මිනි එක ගන්න ගොහින් සිද්ද වෙච්චි ඇබැද්දි හැම දේම කිව්වේ නැහැනෙ 😀

අනික අපිට උන ඇබැද්දි ඔක්කොම ලිව්වා නම් කට්ටිය පරණ මිනියක් ගන්න අදිමදි කරනවා ෂුවර් ! Continue reading “රෙස්කියු ඔපරේෂන් මිනි”

Advertisements

අදට අවුරුද්දයි !

1st-BDay

ක්‍රිස්තු වර්ෂ 2016 ක් වූ අගෝස්තු මස 22 වෙනිදා, ඔව් එදා තමයි දවස, හරියටම අදට අවුරුද්දකට කලින් !

ඒ වෙනකොට මම මැද පෙරදිගට ගොඩ බැහැල මෙහේ ස්ථිර බෝඩිංකාරයෙක් වෙලා  දන්නෙම නැතිව ජිවිතේ හොඳම හරියත් අරගෙන කාලය ඉගිලිලා ගිහින්.

හිතේ තියන ඒකාකාරී බවෙන් මිදෙන්න වගේම ඒ වෙනකොට උවමනාවටත් වඩා ඉතිරි වෙලා තිබුණ කාලය වෙන කාටවත් කරදරයක් නැතිව කාල දාන්න විදිහක් හොයා හොයා ඉන්න කාලෙ. Continue reading “අදට අවුරුද්දයි !”

ෆකිටෝල් !

Fuckitol - When Life Blows

හදිසියේම සිරි ලංකාවට අල්ලපු රටේ උදවිය අලුතෙන් බදු එකතු කරනා හැටි (GST Implementation) බලන්න මදුරාසියට ගොඩ බහින්නට උනු හන්දා ඒ රාජකාරිත් සමග කණ්ඩා පහු ගිය සති කිහිපයම ගෙව්වේ වලිගය ගිනි ගත්තු හනුමා වගේ කිව්වොත් නිවැරදියි.

ඒ කලබල අස්සේ නොසෑහෙන දවසකින් බොග පැත්ත පළාතේ ගොඩ නොවැදුන නිසා බොගේ පාලුවට ගොහින්, අමාරුවෙන් අටවා ගත් පැල වල් වදින්න දෙන්ට හොඳ නැති නිසා වැඩි කල් නොයවා මොකවත් ලියන එක තමා හොඳ. Continue reading “ෆකිටෝල් !”

මස්කට් කතන්දර ~ IV කොටස

Royal Opera House Muscat

මස්කට්, ඔපෙරා සහ මත්‍රා

කොච්චියා, ශාමික සහ චතුරට සමු දී එද්දී කණ්ඩාගේ හිත නොයෙක් කල්පනාවන්ගෙන් පිරී ගොසින්ය !

හාමිනේලා ඇති තැන කතා බහ කරන්නට බැරි රසකතා සියල්ල මාගලක් මෙන් අසීමාන්තිකව දිග හැරුනේ කාලාන්තරයකට පස්සේ නිසා නිදහසේ වරින් වර සිහි කරමින් නොනවත්වා රස විඳිය හැකි මතකයන්ගෙන් පිරුණු අතීතාවර්ජනය තවමත් අහවර නැත 🙂 Continue reading “මස්කට් කතන්දර ~ IV කොටස”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: