සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

ඔක්තෝබර් 2017

ජංගම සමයන් ~ 3 කොටස

Mobile Phones Shrinking in Size

ගඩොල් බාගෙන් සාක්කුවට !

කණ්ඩලගෙ ගෙදරටත් ජංගමයෙක් වැඩපු හින්ද ඒකෙන් දුසිම් ගානක පුංචම්මල, බාප්පල, නැන්දලා, මාමලා එක්ක පණිවිඩ හුවමාරු කටයුතු වලට වගේම තාත්තා ආරම්භ කරපු වායුසමීකරණ අලුත්වැඩියා ව්‍යාපාරයටත් ලොකු අත්වැලක් ලැබුණ.

තාත්තගෙ පාරිභෝගිකයන්ව අමතන්න, දැන්වීම් සහ බිස්නස් කාඩ් වලට දාන්න වගේම ගෙදර උදවිය එක්ක කතා බහ කරන්න, ඕපාදූප වලට කෝකටත් තෛලය වගේ අපිට තිබුණේ ඔය කියන වන් ඇන්ඩ් ඔන්ලි ගඩොල් බාගෙ තමයි. Continue reading “ජංගම සමයන් ~ 3 කොටස”

Advertisements

ජංගම සමයන් ~ 2 කොටස

Martin Cooper with Cellular Phones

ජංගම මාටිං සහ අපේ ගඩොල් බාගෙ !

ඔන්න ඉතින් පැය ගාණක් ගිහිල්ලත් අපේ ජංගමය චාජ් වෙලා ඉවර උණේ නැහැ නෙව, ඉතින් එහෙමයි කියල රෑ දෙගොඩ හරි ජාමයක් වෙනකම් ඇහැරිලා ඉන්නැයි ? ඕකට ඇහැ ගහගෙන ඉඳල හෙම්බත් වෙච්චි අපි නිදා ගත්ත.

හැබැයි ගඩොල් බාගේ නිදි නෑ, අර වීදුරු පටිය කොනේ තියන බල්බ් එක නිවෙනවයි පත්තු වෙනවයි හරියට කවුරු හරි එක ඇහැක් ඇර ඇර වහනවා වගේ. මේක එකැස් කන ෆෝන් එකක් 🙂 Continue reading “ජංගම සමයන් ~ 2 කොටස”

ජංගම සමයන් ~ 1 කොටස

Motorola Dynatac 8000x

ජංගමයා

මට එදිනෙදා රාජකාරි වගෙම පුද්ගලික ජීවිතයෙදිත් අකමැතිම කැමති දේ තමයි ජංගමයා කියන්නෙ,

කොටින්ම මේ උලව්ව ඇතුවත් බෑ නැතුවත් බෑ හරියට කාන්තා පාර්ශවය වගේ !

“ඔය කිව්වට මොන කෙහෙල් මලකටද එහෙනං කොයි වෙලාවෙත් ඕක අතේ තියං ඇන ඇන ඉන්නෙ එතකොට ?”

“අපි හිටියෙ නැතිනම් වෙන හරිය බලා ගන්න තිබුණ, මළ විකාර කාටද මේව්වා කියන්නේ ?”

පොඩ්ඩක් බෝලෙ උස්සල දුන්න ගමන් තක්බීර් වෙලා යන්න ඒ ඩෑෂ් පාර දුන්නේ වෙන කවුරුවත් නෙමෙයි සහෝදර සහෝදරියනි කණ්ඩගේ හොඳම බාගෙ හෙවත් හාමිනේ, සභාවෙන් දෙන්න හොඳ අත්පොළසන් නාදයක් 😀

හරි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පොඩ්ඩකට අමතක කරමුකෝ … එතකොට කවුද බොලේ ජංගමයා ??? Continue reading “ජංගම සමයන් ~ 1 කොටස”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: