සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

නොවැම්බර් 2017

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ V කොටස

The Barking Dog

බුරන ස්ටේසම සහ දැවැන්තයෙක් හමුවීම !

ලිච්ෆිල්ඩ් (Lichfield) සිට නගරාන්තර දුම්රියකින් ලන්ඩන් යුස්ටන් (London Euston) වෙත පැමිණි අප ඉන් අනතුරුව ටියුබ්” (Tube) හෝ අන්ඩග්‍රවුන්ඩ්” (Underground) ලෙස හඳුන්වන නගරය ඇතුලත දිවෙන මෙට්‍රෝ දුම්රියකට ගොඩවීමු.

විනාඩි 30 – 40 ක ගමනක අවසානයේ දුම්රිය පොළ කිහිපයකින් මාරු වී ගමනාන්තය වෙත ලඟා වෙද්දී අප මිතුරියගේ සැමියා අප එන මග බලා සිටි බැවින් අපගේ දුම්රිය ගමන එතෙකින් නිමා විය. Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ V කොටස”

Advertisements

ඩුබායි මෝටර් රථ ප්‍රදර්ශනය

Mercedes SL300 Gull Wing 7

Dubai International Motor Show – 2017

ඔන්න එහෙනං උපාසක මහත්තුරු කාණ්ඩෙම ටිෂු පෙට්ටියක් ලේන්සු කෑල්ලක් එහෙම ළඟට අරගෙන ලෑස්ති උනා නම් පෙරෙන කඳුළු වගේම බේරෙන කෙළ හත් පට්ටේම පිහිදාගන්න. ඇයි කියල තේරෙයි කියවගෙන පල්ලෙහාට යනකොට 🙂

මෝටර් රථ ප්‍රදර්ශන සහ කාර් පිස්සන් ලෙහෙසියෙන්ම සමාන කරන්න පුළුවන් බළලුන් සහ උන් පිස්සු වට්ටන කුප්පමේනියා වලට. කාර් සම්බන්ධයෙන් කවදත් උපාසක බළලෙක් වෙච්චි කණ්ඩට පසුගිය සතියේ කුප්පමේනියා වලින් අහේනියක් තිබ්බේ නැති බව කියන්න බොහොම සතුටුයි. Continue reading “ඩුබායි මෝටර් රථ ප්‍රදර්ශනය”

ජංගම සමයන් ~ 5 කොටස

Where is My Cell Phone

ෆෝන්, කැමරා ෆෝන්, NO ෆෝන් සහ ස්මාර්ට් ෆෝන් !

තමන් මිලදී ගත්තු පළමුවෙනි ජංගමයා ගැන ආපහු මතක් කරනකොට කණ්ඩා සෑහෙන්න තෘප්තිමත් පාරිභෝගිකයෙක්, මොකද කණ්ඩගේ කුළුඳුල් ජංගමයා ඒ වෙනකොට තිබුණු සියළු සිල්ලර අවශ්‍යතාවයන් වෙච්චි මල් කඩන එක, කෝල් ගන්න එක සහ SMS කෙටීම ඉහළින්ම සපුරපු නිසා.

ඔය එක්කම කැමරා ෆෝන් එකකටත් පොඩි පහේ ආසාවක් නොතිබුණා නෙමෙයි නමුත් ඒ වෙනකොට ඉතාම ප්‍රාථමික මට්ටමක තිබුණු කැමරා ෆෝන් වලින්  පින්තූර ගන්න එක කොහෙත්ම සාර්ථක නැහැ, ඒ නිසා මම එකක් ගත්තේ නැහැ. Continue reading “ජංගම සමයන් ~ 5 කොටස”

ජංගම සමයන් ~ 4 කොටස

Love Over Mobiles

මල් කැඩිල්ල සහ මෝබයිල් !

තාත්තගෙ සෙල් ෆෝන් එකට පස්සෙ අපේ ගෙදරට ජංගමයෙක්ගේ හෙවනැල්ලක් වැටෙන්නෙ කණ්ඩ රස්සාවක් කරන්න පටන් අරගෙන අවුරුදු කිහිපයක්ම ගියාට පස්සෙයි, කොටින්ම තාත්ත ගඩොල් බාගෙ ගෙනැල්ල දහ අවුරුද්දකට විතර පස්සෙ.

එතකං මේ හතර අතේම වේගයෙන් සිද්ද වෙන වෙනස්කම් දිහා පිටත ඉඳන් බලාගෙන හිටපු කණ්ඩ තවත් එක ප්‍රේක්ෂකයෙක් බවට පත් වෙලා හිටියෙ, උසස් පෙළට කණු තුනක් අරං කැම්පස් යන්න ලකුණු දෙතුන් සීයක් මදි වෙච්චි පව නිසාවෙන් ගොඩ යන විදිහක් හොයමින් හිටිය කණ්ඩට වෙනත් විකල්පයක් තිබුනෙත් නැහැ 🙂 Continue reading “ජංගම සමයන් ~ 4 කොටස”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: