සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

දෙසැම්බර් 2017

සුභ අලුත් අවුරුද්දක් !

Happy New Year

අද දෙසැම්බර් 31, අවුරුද්දේ අන්තිම දවස

ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ඒ අවුරුද්දත් ඉවරවෙලා කියපල්ලකො. කමක් නැහැ හෙට තවත් අලුත් අවුරුද්දක් එන නෙව.

ඉතින් ලබන්නා වූ නව වසර සිරි ලංකාවාසී සහ කරදිය වළල්ලෙන් එපිට වෙසෙනා සකල දේශවාසී සිරි ලාංකිකයන් හැමදෙනාටම කිරියෙන් පැණියෙන් උතුරන, බලාපොරොත්තු සියල්ල ඉටු වන සුභ අලුත් අවුරුද්දක් වේවා කියල කණ්ඩා දෙපළ හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරනව.

කණ්ඩට හිතෙන විදිහට ඉහත ප්‍රාර්ථනාවන් අතරින් වැදගත්ම බලාපොරොත්තු ඉටුවීම වෙන්න ඕන, කෑම-බීම, ඇඳුම්-පැළඳුම් සහ ඉඳුම් හිටුම් කියන මුලික අවශ්‍යතාවයන් පිරිමැසුණට පස්සෙ මිනිසා ජිවත් කරවන ප්‍රධානම දේ තමයි බලාපොරොත්තුව ! Continue reading “සුභ අලුත් අවුරුද්දක් !”

Advertisements

නත්තල !

Christmas

කොහෙන්ද ? කාටද ? කාගේද ?

දැනට අවුරුදු කිහිපයක සිට මැද පෙරදිගදී දැන හඳුනා ගත් කිතුනු මිතුරන් කිහිප දෙනෙකු සමග නත්තල සමරන්නට කණ්ඩා හට විටින් විට ආරාධනා ලැබෙන්නේය. මේ අතරින් මාගේ අතිජාත මිත්‍රයා වන මළයාලි (Malayali) ජාතික “රෝයර්” (Royer) පවුල සහ ගෝවෙන් ආ කොන්කානියන් (Konkani) වන ඩි’සූසා (D’Souza) පවුල ප්‍රධානය.

රෝයර් දෙමහල්ලන් මැද පෙරදිග ඉන්නා තෙක්ම ඔවුන්ගේ පොඩි එවුන් දෙපොල සතුටු කිරීමට ඉඳහිට නත්තල් පප්පාට සැරසීමට සිදු වුණෙත් කණ්ඩාටමය. ඉන වටේට අමුතුවෙන් පුළුන් කොට්ට බඳින්නට අනවශ්‍ය වීම නිසා  සියලු දෙනා නිතරඟයෙන්ම ඒ රාජකාරිය කණ්ඩා වෙත පංගරාත්තු කළෝය. Continue reading “නත්තල !”

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ IX කොටස

Entrace to KAIA

කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ !

තද නින්දේ සිටි කණ්ඩා හිටි අඩියේම අවදි වූයේ කවුරුන් හෝ කලහ කර ගන්නා ඝෝෂාවක් නිසාය, තවමත් පහව නොගිය නිදිමත සහ අඳුරු කාමරයත් නිසා කටහඬවල් මිස බැන අඬ ගසන උදවිය පෙනෙන්නට නැත. උස් කට හඬවල් කිහිපයකම ඇසුණත් කුමක් කියන්නේද යන්න ගැන වැටහිමක් හෝ ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට උවමනාවක්ද කණ්ඩා තුළ නොවීය.

මේ බෑඟිරි ගසන මළබාරියන් නිදි ඇඳේ ඉන්නා උදවියට නිදහසේ ඇහැ පියා ගන්නට ඉඩදී යන තැනකට තොලොංචි උනා නම් හොඳය, මේ හිපාටුවන් අනුන්ට කරදරයක් නොවන සේ තම තමන්ගේ ගනුදෙනු බේරා නොගන්නේ මන්ද යන්න ගැන දැඩි කෝපයක් හට ගත්තත්, ඇඳෙන් නැගිට ගැනීමට හෝ උන්ට නිශ්ශබ්ද වන ලෙස පෙරළා කෑ කොස්සන් ගැසීමට පණක් නැතිය. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ IX කොටස”

මස්කට් කතන්දර ~ VI කොටස

Boat Near Bhandar Khiyran

සිෆා සහ බණ්ඩාර් ඛයිරන්

මස්කට්හි සිට සිෆා (Sifah) වෙත දිවෙන මග වැටී ඇත්තේ මනස්කාන්ත කඳුකර ප්‍රදේශයක් හරහාය, ඕමානයේ ඇති විශේෂ භූ ලක්ෂණයන් පිලිබඳ හදාරද්දී රට පුරාවට විහිද ඇති කඳු පන්තීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුවාක් මෙන්ම ඒ අතර  ඉදිරියෙන්ම සිටිනා ප්‍රතාපවත් “හජාර්” කඳුවැටිය ගැන කතා බහ කිරීමෙන් වැළකීමටද බැරිය. අරාබි බසින් “ජෙබෙල් අල් හජාර්” (Jebl Al Hajar) ලෙස හඳුන්වන මෙහි සෘජු අරුත වන්නේ “ශෛලමය කඳුවැටිය” යන්නයි.

හජාර් කඳුවැටියේ එක් කෙලවරක් ඇරඹෙන්නේ ඕමානයේ උතුරු කොන වන එක්සත් අරාබි රාජ්‍යයෙන් සහ පර්සියානු මුහුදින් වටවූ මන බඳිනා “මුසන්දම්” (Musandam) ප්‍රදේශයෙනි. මුසන්දම් අර්ධද්වීපය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “කූඩාරම් කොත” ලෙස හඳුන්වන රට අග්ගිස්සේම පිහිටි “රස් අල් කයිමා” (Ras Al Khaimah) සහ එයිට මෙපිටින් ඇති “ෆුජෙරා” (Fujeirah) එමිරේට නිසා ඕමානයේ අනෙකුත් ප්‍රදේශයන්ගෙන් වෙන්ව පවතින්නේය. Continue reading “මස්කට් කතන්දර ~ VI කොටස”

කඩ්ඩ සහ ගැලවිජ්ජාව ~ 1 කොටස

Pick up your Sword

ගනු කඩුව එනු සටනට !

ඒ අපේ අපේ මලයගෙ හෝම් කමින් (Home Coming) දවස, සිරි ලංකාවෙ සමහර පැති වල ඇට් හෝම් (At Home), ඇට් + හෝම් = ඇට්ටෝම් = ඇස්ටෝං එහෙමත් නැතිනම් දෙවෙනි ගමන කියල කියන්නෙත් ඕකටම තමයි.

හවස තියන පොඩි උත්සවේට සූදානම් වෙන්න ගෙදර සුද්ද පවිත්‍ර කරන්න, පාර විසි ගහන්න, තීන්ත ගාන්න, ලයිට් වැල් එල්ලන්න පවුලේ උදවිය සහ නෑදෑ පිරිවර ගජරාමෙට වැඩ.

ඒ වෙනකොට අපි මත්තේගොඩ ගෙදරට ගොඩ වැදිලා වැඩි කලක් ගොහින් නොතිබුණු නිසා, කරන්න දේවල් තව බොහොමයක් ඉතිරි වෙලා තිබුණ. Continue reading “කඩ්ඩ සහ ගැලවිජ්ජාව ~ 1 කොටස”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: