සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

ජනවාරි 2018

බේවිස් මනතුංග නම් සොඳුරු මිනිසා

Bevis in Gal Pothuyaya - 1

The Maara Man under the Maara Tree !

සංගීතය ගැන මෙලෝ හසරක් නොදන්නා කණ්ඩා කවදත් ඉලෙක්ට්‍රොනික සංගීතයට වඩා බොක්ස් ගිටාරයක්, බොංගෝවක් වැනි අවම සංගීත භාණ්ඩයන්ගේ උදව්වෙන් උපදින සජීවී එකොස්ටික් සංගීතයට කැමතිය. (වාසනාවට සංගීතය රස විඳීමට එය පරතෙරට දැන ඉගෙන නොසිටීම බාධාවක් නොවේ 😀 )

ගීයක් රස විඳින්නට නම් සෑම තත්පරයක්ම කුමක් හෝ සංගීත භාණ්ඩයක අඬහැරයෙන් පිරිය යුතු නැතැයි යන මතයේ මා සිටින බැවින් බස් නැවතුමක්, දුම්රිය පොළක් හෝ අවන්හලක් යන කොතැනකදී උවත් එකෝස්ටික් වාදනයක් හෝ ඒ හා ගැලපෙන ගායනයක් සවනත වැටුණු තැන කුමන රාජකාරියට ගියත් එය මදකට නවතා සංගීතය රස විඳීම මා සිරිතයි. Continue reading “බේවිස් මනතුංග නම් සොඳුරු මිනිසා”

Advertisements

ද බිග් බට්න් තියරි !

Big ButtonThe Big Button Theory !

කාලයකට පස්සේ ඊයේ පෙරේද දවසක රුපවාහිනියෙ බලන්න දෙයක් නැතිව චැනල් පෙරල පෙරලා ඉන්නකොට එපාම වුණු තැන දාගත්ත නිව්ස්. නිව්ස් කිව්වට නිව්ස්ම නෙමෙයි, CNN (Certainly Not New) කියල ටෙලි නාට්ටියක් වගේ දෙයක් (අපි දැන් ජාත්‍යන්තරේට ගිහින් ඉන්න නිසා, දොට්ට පිලට යන ගමනුත් බලන්නෙම CNN කාටද ආඩම්බර 😀 )

කොහොම උනත් පුදන කොටම කාපි යකා කියල තුන් හතර දෙනෙක් ඉන්න විද්වත් පැනල් එකක් එක්කහු වෙලා අනේ අර අහිංසක පිවිතුරු ට්‍රම්පයියව පතුරු අරිනව. ට්‍රම්පයිය පොඩ්ඩක් කරත්තයකට අහු වෙච්චි තැඹිලි කොම්බයක් වගේ හිටියට, දන්න එකම වචන සෙට් එක දහ පහළොස් පාරක් විතර රිපීට් කරන “ජීනියස්” ඩයල් එකක් උන පලියට, අල්ලන එකක් පුසගෙන්ම අල්ලගන්න ඕන කිව්වට මෙහෙම කරන එක හරිද මං අහන්නේ ? Continue reading “ද බිග් බට්න් තියරි !”

අනන්තයට යනවාමයි …

Dreams

බලෙන්ම ඇතුළු වෙලා හතුරුකම් කරමින් හිත ටිකෙන් ටික කොනිත්තන හැඟුම් එක්ක ඔට්ටු වෙන්න බැරිව සැහැල්ලුව පස්සේ දොරින් පලා යද්දි … තියුණු කටුවකින් අනින්නා වගේ දැනෙන මොහොතක් පාසා හිත වේදනාවෙන් බර වෙද්දි … තවත් හැංඟෙන්නට තැනක් නැති තැන මහා තනිකමක් එක්ක බලාපොරොත්තු රහිත හිස් බවක් දැනෙද්දි 😦

කටුවකට වදින ඉදිබුවෙක් වගේ තවත් අතුලාන්තයටම ගුලි වෙනවද ? නැතිනම් සියල්ල අමතක කරලා හිත නිදහසේ පාවෙලා යන්න ඉඩ දෙනවද ?

තිර කිසිම දෙයක් නැති මේ ජිවිතයේ අපිට පාලනය කරන්න බැරි දේ බොහොමයි, හැමදේම ගැන අමතක කරලා මොහොතකට හෝ සීමාවක හිර වෙන්නෙ නැතිව හිතට නිදහසේ කැමති තැන සැරි සරන්න දෙන්න, සතුටයි සැහැල්ලුවයි නොවරදවාම එතැන ඉඳීවි 🙂

අපේ හීන වලට වැට කඩුළු බඳින්න පුළුවන් නොපෙනෙන සීමා අඳින්න පුළුවන් අපිටම විතරයි, හැමදේම අතාරින්න හීන ඉගිලේවි අනන්තයෙනුත් එහාට …. Continue reading “අනන්තයට යනවාමයි …”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: