Heartbreak

ප්‍රේමයයි විරහවයි හරියටම කාසියක දෙපස සමයි කියල කිව්වොත් එය වැරදි නෑ, එකක් නැති තැන අනිකත් නොතියෙන්න තියන ඉඩකඩ නැති තරම. කොයිතරම් ලෙන්ගතුව හිත පතුලෙන්ම පෙම් කලත් ඒ ආදරය හැම දෙනා ගාවම නොරැඳෙන එක අවාසනාව. මහමෙරක් තරම් ආදරයක් උනත් විරහවකට පෙරලෙනකොට අවසානයෙදී තනියට ඉන්නෙ සිඳී බිඳී ගිය මතක සටහන් සහ වේදනාව පමණයි.කලෙක සුව වින්දත් පසුව නොනවත්වා විඳවන මතකයන් කොයිතරම් යටපත් කරන්නට තැත් කළත් ආදරයෙදී වගේම විරහවෙදිත් හිත හීලෑ නෑ. අහුමුලුවල හැංගිලා තියන ඒ පරණ මුරණ්ඩු මතකයන් ඇසුරු සැනින් එළියට එබෙන්නෙ නොහිතන නොපතන ආකාරයට. කාලය හැම දේටම ඔසුවක් කියුවාට ඇස් පියන වාරයක් ගානේ කීරිගහන වේදනාවෙන් හිත ගලව ගන්න විදිහක් තියේද ? වේදනාව මුලිනුදුරා දමන්නට හැකිද ?

රෑට රෑට ඇවිදින් සඳ …

රෑට රෑට අවුදින් සඳ පැල ගාව
තාම තරුණ බව කියනව ජීවිතය
නීල නීල ආකාසේ එපිටහක
තාම නුඹේ රුව දකිනව මගෙ දෑස

භීත වලාකුළු අවුදින් අහස උස
හීන කඩා බිඳිනව රැය පුරාවට
පාට රැසිරුවන් සේපාලිකා නුඹ
තාම රැය පුරා පිපිලා මියෙනවද

රෑට රෑට ඇවිදින් සඳ පැල ගාව …

කාට කොහොම කීවත් දුක අහනවද
සීත පිනි නිසා දෑසම තෙමෙනවද
රෑම නුඹේ රන් රුව කැති ගාන්නට
තාම බැරි වුනා හීනෙක නිසා මම

රෑට රෑට ඇවිදින් සඳ පැල ගාව…

පද රචනය : සංජිව මූණමල්පේ
ගායනය : බේවිස් මනතුංග

පසු ලිපි :

බේවිස්‌ මනතුංග නම් සොඳුරු මිනිසාගේ නිර්මාණ අතුරින් මා වඩාත් ඇල්මක් දක්වන මේ ගීතයේ පදවැල් වගේම එහි අරුතත් නිරවුල් කර ගැනීමට බොහොම නිහතමානීව උදව් කල මේ පද වල වල නිර්මාපකයා වන සංජීවට කණ්ඩාගේ විශේෂ ස්තුතිය.

Advertisements