Snowy Evening

මා ජීවිතය නම් තේරුමක් නොමැති සර්කස් සංදර්ශනයෙන් හති වැටී බොහෝ කල්ය, මේ සමබර කිරීම සිතනා තරම් ලෙහෙසි නැත, කර දරන බර සහ වගකීම් ඇති බැවින් තරඟයෙන් මිදීමට කිසිඳු ඉඩ ප්‍රස්ථාවක් තවමත් උදා වී නොමැත්තේය.

කොතෙක් කය සංතර්පණය කලත් සිත විඩාව, ඒකාකාරීත්වය නිවනු බැරිය, අරමුණක් නොමැත. නමුත් මම තවමත් දුවමි, අත හැරීම වෙනුවට මුග්ධයකු සේ මා ඒ සියල්ල තව තවත් වැළඳ ගනිමි. ඉදිරිය ගැන සිතමින් ඈත් වන්නට සිතනා සෑම විටකම අතීතය නම් කලුකුහරයකට තව තවත් ඇදී යන්නේ මන්ද යයි මා හට තවම නොතේරේ …රොබර්ට් ෆ්රෝස්ට් (Robert Frost) කියුවා සේ “නොපිරුණු යුතුකම් එමටය , නෙතු පියන්නට තව යා යුතු දුර බොහෝමය !”

“I have promises to keep, Miles to go before I sleep And Miles to go before I sleep”

පසු ලිපි :

දැනට විසි වසකට එපිට මේ කවි පන්තිය උගත් (Thank you Mr. Kithsiri Jayasuriya) හසරක් නොදන්නා අරමුණක් නොමැති හිතුවක්කාර කොලු ගැටයා දැන් නැත, නමුත් විසි වසකට පෙර සිටි කොලු ගැටයාට වඩා අද සිටිනා අරමුණකින් තොරව ගමනේ යෙදෙන වැඩිහිටියාට මේ කවි පන්තිය වඩාත් කිට්ටුය.

~ කණ්ඩා !

 

Stopping by Woods on a Snowy Evening

Whose woods these are I think I know.
His house is in the village though;
He will not see me stopping here
To watch his woods fill up with snow.

My little horse must think it queer
To stop without a farmhouse near
Between the woods and frozen lake
The darkest evening of the year.

He gives his harness bells a shake
To ask if there is some mistake.
The only other sound’s the sweep
Of easy wind and downy flake.

The woods are lovely, dark and deep,
But I have promises to keep,
And miles to go before I sleep,
And miles to go before I sleep.

By Robert Frost

 

 

Advertisements