Dappiyaඩප්පියා

කණ්ඩ මේ දවස් වල ලියනවට වඩා කියවනව පහු ගිය අවුරුදු හතටම කියෙව්වේ පොත් දෙකයි උනාට, පහුගිය සති තුනට පොත් තුනක් ඉවර කරා. කියවන එකත් හරියට අබිං කනවා වගේ ඇබ්බැහි වෙන දෙයක්. පටන් ගත්තට පස්සේ තියන්න හිතෙන්නේ නැහැ.

දවල් දවසේ කන්තෝරුවට ගියහම පොත් දිග අරින්න බැරි නිසා, මදි පාඩුවට මූණු පොතේ සහ බ්ලොග් අස්සෙත් කරක් ගහනවා

බාගෙට ලියල පැත්තකට දාල තිබ්බ මේ කියන කතන්දරේ ආපහු ඉස් මුදුනට ආවෙ වෙල් මයිනා හෙවත් වල් මයිනා ලියපු “ගල් කටස් “ කියන කතාව දැකල. ඔය කලින් කිව්ව මයින වගේ මේ කතා නායකයටත් එකවරම අමුතු උණ සන්නිපාතයක් වැළඳුනා.

නමුත් කතන්දරේ බාගයක් ලියාගෙන යනකොට එකකට එකක් සම්බන්ධ දංවැලක් වගේ ඉස්කෝලෙ කාලෙ කතා එලියට ඇදෙනවා, අන්තිමට ලියන්න ගිය කතාවට වඩා එහාට ගියපු පඳුරු තැලිල්ලක් බවට පත් උනා කියල තේරෙනකොට පරක්කු වැඩියි.

මේ කතන්දරේ කතා නායකයා දැන් කොහේ ඉන්නවද දන්නෙ නැති උනත්, මේ හාදයගෙ නම කියන්න බැරි නිසා අපි මිනිහට ඩප්පියා කියල කියමුකෝ (අපි ඉඳල හිටල මේ හාදයට එහෙම විහිළුත් නොකර නෙමෙයි), කණ්ඩ මේ කියන ඩප්පියාව අඳුන ගන්නෙ පරිප්පුවෙක් වෙච්චි දවස් වල ඌත් එක්කම පුද්ගලික පාසල් බස් රථයක අවුරුදු දෙක තුනක් ගියපු නිසා.

Mitsubishi Rosa 1ඒ කාලෙ හැටියට බස් එකක් කිව්වට අර සාමාන්‍යයෙන් කෑලි හැලෙන ජාතියෙ ලදරම් (හු)බස් එකක් හෙම නෙමෙයි, හොඳ සැප පහසු අලුත් පහේ මිට්සුබිශී රෝසා බස් එකක්. ඕනෑම ගැට්ටක වාදී වෙලා නාහෙන් අඬන්නේ නැතුව වාඩි වෙලා යන ටෙස්ටොස්ටෙරෝන් වැඩි එවුන් ඉස්සරහ කොටහෙ, නාහෙන් අඬන ඊස්ට්‍රොජෙන් වැඩි එවුන් ටික සැපට තියන පිටි පස්සෙ සීට්වල. ඔන්න ඔහොමයි මිත්‍රවරුණි තත්වය.

අපිත් එක්කම බස් එක අයිති අංකල්ගෙ දුවලත් පාසල් අරගෙන ගියා, ව්‍යාපාරිකයෙක් වෙච්චි ඒ මනුස්සය කරුණාවන්ත කෙනෙක්, ගාස්තු එහෙමත් හරි සාධාරණයි සල්ලි හම්බ කරනවට වඩා දුවල දෙන්නව ඉස්‌කෝලෙ යවන්න පහසු වෙන්න තමයි බස් එක දාල තිබ්බේ අපිට තේරුණ විදිහට.

බස් එක එලෙව්වෙ පීරිස් කියල පෙන්ෂන් ගිය බස් ඩ්‍රයිවර් කෙනෙක් (නෙමෙයි දෙයියෙක්), අනේ අපි මොන අලුගුත්තේරු වැඩේ කරත් පීරිස් අන්කල් පොඩ්ඩක් බනිනවා මිස දෙමව්පියන්ගෙ කනේ තියන්න යන්නෙ එහෙම නැහැ. සමහර විට උන්දැ හිතන්න ඇති මේ ඔක්කොම විසේට හේතුව වයසෙ වැරද්ද කියල.

 

“ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි”

තව පොඩ්ඩෙන් ඩප්පියව අමතක වෙනව, නැවත ඩප්පියට. ඕං ඔය බස් එකේ අපිත් එක්ක ගියපු නිත්‍ය සාමාජිකයෙක් වෙච්චි ඩප්පියා වචනයේ පරිසමාප්තයෙන්ම රාජකීය බඩුවක්. මිනිහ හොඳට ඉගෙන ගන්න දස්සයා, පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙට ගිය නිසා තමයි අපිත් එක්ක කොළඹ ඇද්දෙ.

සුද්ද අපිට තේරෙන්නෙ නැති වෙන්න අමුතු සඟින්ස්කුරුතෙන් රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ ඉස්සෙල්ලාම තියෙන ලොකු ගඩොල් බිල්ඩිමේ ලියල ගියපු හරුපෙ දන්නව නේද ?

Royal College Main BuildingDiske Ammata Diske Discadi

නෑ  .. නෑ … සුද්ද ගහපු කැලෑ පත්තරයක් නෙමෙයි, දැන් අර කොල්ලයි බල්ලයි හැමෝම දන්න (ක්‍රීඩා ඇමති විතරක් දන්නේ නැති) රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ අප්තෝපදේශය.

“ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි” (Disce Aut Discede)

දන්නෙ නැති අය ඔය පල්ලෙහා දයාසිරි ඇමතිතුමාගෙ පාඩම බලන්නකෝ (ක්‍රීඩාව නෙමෙයි අප්පා අජ්ජාපනේ දෙන්න තිබ්බෙ) 😀

ඔය හරුපෙ තේරුම මොකද්ද කියල මට මුලින්ම ඉගැන්නුවෙ ඕං ඩප්පියම තමයි. මිනිහ කිව්ව විදිහට නම් ඕකෙ තේරුම :

“උගනිව් නැතිනම් පිට වෙව්” කියන එකලු (රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙට නොගියත් ඕක හිතට අරං තමයි මාත් උසස් පෙළ කරපු අවුරුදු දෙකම ඉස්කෝලෙ ඇතුලෙ හිටියට වඩා පිට හිටියෙ :-D)

බලාගෙන යන කොට කතාව සැටිපිකෙට් ඇත්ත, ඒත් මොන ලබු ගෙඩියකටද එහෙම එළියට දාපු හැත්ත බුරුත්තක් පාර්ලිමේන්තුවට වැද්ද ගත්තෙ ???

මෙව්වා දැවෙන ප්‍රශ්ණ ;-D


තාත්තගෙ පුතා සහ අම්මගෙ දුව

ඩප්පිය කණ්ඩට අවුරුද්දක් වැඩිමහල් උනාට සමවයසේ විදිහට තමයි ආස්සරේ, මේ හාදය හිටියෙ කණ්ඩලෑ ගෙදර ඉඳන් හූවයි බල්ටි දෙකයි දුරින් තිබ්බ ලේලන්ඩ් හන්දිය කිට්ටුව. ඔය හන්දියට ලේලන්ඩ් හන්දිය කිව්වෙ ඒ කිට්ටුවම තිබ්බ අශෝක ලේලන්ඩ් බස් හදන කර්මාන්ත ශාලාවට එතැනින් හැරිලා යන්න ඕන නිසා.

ඩප්පියා කිව්වට මිනිහ කොහෙත්ම කචල් හාදයෙක් නෙමෙයි, අම්මලා තාත්තලා බැංකු රස්සා කරපු වැදගත් පවුලක පොත්ත සුදු එළකිරි කොල්ලෙක්.

Yin and Yangඩප්පියට නංගි කෙනෙක් හිටිය මුන් දෙන්න නිකන් අර චීන “යින් & යැන්” වගේ  (Yin & Yang ? Don’t you remember Grasshopper ?) , කුංග්ෆු බලපු  එවුන් දන්නවා 🙂

බලපු ගමන් කාටවත් කියන්න බෑ මුං දෙන්න සහෝදර සහෝදරියො කියල. ඩප්පිය සුද්ද වගේ පාටට හිටියට ඩප්පියගෙ නංගි තරමක් කළුයි නමුත් මූ වගේම හොඳට ඉගෙන ගන්න පුළුවන්. කොළඹ ප්‍රසිද්ධ කනත්තක් ළඟ ඉගෙනීමට හපන්නු හිටපු බාලිකාවකට අපි ගිය බස් එකේමයි ගියේ.

ඉතින් ඩප්පිය තමන්ගෙ නංගි ගැන කවුරු ඇහුවත් කියන්නෙ “ඒ අම්මගෙ දුව” කියල 😀

ඉතිං අපිත් ඩප්පියගේ නංගි කළුයි කියල ඒ ගැන ඉඳ හිට විහිළු කරනව (අනවශ්‍ය ඇස් රතුවෙන එව්වා නෙමෙයි).

දැන් මේකනේ … මම තාත්තගෙ පුතා, එයා ඇවිල්ල අම්මගේ දුව … ඒකයි වෙනස් !!!

ඔය එක්කම මුන් දෙන්න ගාන සබන්, පුයර, ක්‍රීම් ජාති ගැනත් අපේ එවුන් රහ කරල නොයෙක් කඩප්පුලි කතා කිව්වට ඩප්පිය ඇඟට දැනෙන්නෙ නැතුව ඒ විහිළු විහිළුවකින්ම ලිස්සල යවනව මිසක කවදාවත් තරහ ගත්තෙ නෑ 🙂

සමයංවර්ධනේ – දර්ශන සහ (සං)-දර්ශන

නමුත් අපේ පාසල් බස් රථයේ අපි කරපු ඕනෙම කුප්ප වැඩක කොනක ඩප්පිය හිටපු නැති දවසක් නැහැ.

කණ්ඩලෑ පාරෙම හූවක දුරින් හිටපු උපන්ගෙයි අහිංසකයෙක් වෙච්චි අපිට අවුරුද්දක් බාල ඉන්දික, අල්ලපු හන්දියේ හිටපු අපිත් එක්ක වැඩිය පයුරු පාසානෙට නැති කොලුවෙක් වූ ඒ වයසේම ලසන්තත් ඩප්පියට අමතරව රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙට ගිය අනිත් උන්.

ඔය අතරින් ලසන්තට අම්මල තාත්තල කේන්දරේ මුලකුරු සමග ගලපලා දාල තිබ්බ නම හරි මදි නිසා “ලබ්භා” කියල අලුතින් බවුතිස්ම කරෙත් ඩප්පියම තමයි.

ඉන්දිකයි, ලබ්භයි, ඩප්පියයි එක ඉස්කෝලෙ උනාට මුං අහසට පොලොව වගේ වෙනස්, ඒ හන්දම තමයි ඩප්පිය ලබ්භටයි ඉන්දිකටයි වඩා අමු මැරෑටියෝ රොත්තක් වෙච්චි අපිත් එක්ක ෆිට් උනේ.

ඇත්තම කිව්වොත් ඩප්පිය රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට වැරදිලා ගියපු පරිප්පුවෙක්ද කොහෙද?

අපේ වෑන් එකේ කොල්ලොන්ගෙන් වැඩිපුර හිටියෙ “ආ” යන්නෙන් ලිව්වත් “නා”යන්නෙන් ලිව්වත් සහෝදර පරිප්පුවෝ, ඩප්පියා මේ හැමෝම එක්ක බොහොම හොඳින් හිටිය.

ඔය කාලෙ කාලෙ වෑන් එකේ ගිය ගෑල්ලමයි එකෙක්ටවත් අපෙත් එක්ක හිතහොඳින් ගනුදෙනුවක් තිබ්බේම නැති තරම්, ඒක උන්ගෙ වැරද්දක් කියන්න බැහැ අපේ තිබ්බ අලුකුත්තේරුකම නිසාම තමයි.

උන්ට ඉඳහිට වතුර ගහනවා, කොල්ලො ලියුම් දෙන පාරක් ගානෙ උන්ව බයිට් කරනවා, ඉතින් කොහෙද හිත හොඳ කමක් ?

ඒ මදිවට බොරැල්ලේ සුසමයවර්ධනේට ගිය අමුඩෙයි පුකයි වගේ එකටම හිටපු කොල්ලො දෙන්නෙක් හිටිය ලොක්කගෙ නම දර්ශන පොඩි එකාගෙ නම මතක නැහැ ඒ උනාට අනික දර්ශන නිසා මේ හාදයට සං-දර්ශන කියල දාන්න තිබ්බ. පොඩි එකා නොම්මර එකේ අමු නසරාණි පොකට් රොකට් එකක්.DUMB AND DUMBER TO

අපි ඩප්පියා ඇතුළු නඩය පොකට් රොකට් එක ෆෝම් කරල යැව්වම සීට් යටින් රිංගල කෙල්ලන්ගේ සපත්තු වල ලේස් ගැට ගහනවා, ඒ මදිවට ඒ යන එන අතරේ අනවශ්‍ය තැන් වලට එබිලා විවිධ යටිතල පහසුකම් ගැන බස් එකේ එංජින් එක උඩ ස්ටේජ් එකට නැගල හැමෝටම විස්තර කරනවා. (ඔය කියන්නෙ අර රියදුරු මහත්තයට පිටි පස්සෙන් කකුල් ඔඩොක්කුවේ තියන් වාඩි වෙන නවන සීට් අල්ලල තියන කෑල්ල).

දවසක් ඔහොම පොකට් මල්ලියා එන්ජින් එක උඩට නැගල ලොකු සංදර්ශනයක් පවත්තන්න පටන් ගත්ත. හේතුව මට මතක විදිහට බස් එකේ ගියපු ගෑල්ලමයෙක්ට සත්‍ය ප්‍රේම බෘන්ග රාජයෙක් මල් දුන්නකින් විදපු ආදර හසුනක් ඉලක්කය වැරදිල බස් එක ඉස්සරහ අපි ඉන්න හරියෙ ජනේලයකින් ඇතුලට වැටිල.

හදිස්සියේ ළඟ පාත හිටපු එවුන් දෙතුන් දෙනෙක් කලබලේ ඕක කියෙව්වත්,වැදගත් ප්‍රවුර්තියක් උනහම හැමොත් එක්කම බෙදා ගන්න ඕන හින්ද ස්ටේජ් එක උඩට නැගල ඕක හැමෝටම කියවන්න පොකට් රොකට් මල්ලියට දුන්න.

මුට දුන්නට වඩා හිටිය නම් නොදී හිටිය නම්, මොකද මේ යකා අකුරු කියවන්න හොරයි, අකුරෙන් අකුර අමුණ අමුණ කියවනකොට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ.

කෙල්ලෝ ටික ලියුම ඉල්ලලා දෙන්න කියල බලකරල මාතලී පීරිස් අන්කල්ට කෑ ගහනවා ලියුම වීසි කරන්න කියල, අපේ එවුන් කෑ ගහනවා ඒක අපිට ඉස්කෝලෙන් දුන්නු ලියුමක් කියල. එක කෝලාහලයක් බස් එක ඇතුළෙ.

මේ කලබල අස්සෙත් කොලුවා නෙමෙයි වැඩේ අත ඇරියෙ ඉස්කෝලෙ පෙළ පොතක් කියවනවටත් වඩා උනන්දුවෙන් ගොත ගහමින් හරි ලියුම කියවනවා.

කියන්න දුකයි මිත්‍රවරුනි ඒ ලියුම එදා කියවල ඉවර වෙන පාටක් නැති නිසා ඔය අලල්ල පනල්ලේම ඩප්පියට අපූරු හිතිවිල්ලක් පහළ වෙනව.

Pants Down හිටි අඩියේ උන්නු තැනින් ඉස්සරහට පැන්න ඩප්පියට සං-දර්ශන මලයගෙ කලිසන් කොට රාජයව සපත්තු දෙක ගාවටම පහත් කරා ප්‍රිය මිත්‍රවරුනි, දැන් කලිසමට වඩා උසයි මේස දෙක.

ඒ අස්සෙ මේ කොලුවා යටට අදිනා වයසකවත් නොහිටිය හින්ද පිය උරුමෙන් ආපු ආභරණ සෙට් එකම එළියේ 😀

පොඩි එකා හදිසියේ කලිසම් කොටේ උස්ස ගන්න දඟලන ගමන් කරණමකුත් ගැහුව, නමුත් අවාසනාවකට ඒ කලබලය අස්සෙ ඒ කිට්ටුව පාත හිටපු කෙල්ලෙක් අර ලියුම ඇදල ගත්ත.

උගේ කතාව අහගෙන හිටපු අක්කලා නංගිලා ඔක්කොටම එදා නොමිලේ බයිස්කෝප් එකක් 😀

කොහොමහරි ඔය දර්ශනයයි, සං-දර්ශනයයි හින්ද බස් එකේ ගිය කෙල්ලො ටික සුසමයවර්ධන විද්‍යාලයට කිව්වෙ “සමයංවර්ධනේ” කියල.

අපිට නම් ඉතිං කිව්වේ මොනවද නෙමෙයි, නොකිව්වෙ මොනවද ?

ඒ අතරින් නිතරම ඇහිච්චි දේ තමයි

“අප්පමාදෝ අමුතු පදං – පරිප්පු නම් ඕන තරම්”

“මරියකඩේ පරිප්පුවෝ”

“චොප්පෙ අයියලගෙ මොන්ටිසෝරි ගැන්සිය”

බල්ලො බිරුවට කඳු පාත් වෙනවද ? නෑනේ … අපි සැලෙයි ඕවට !

කෝ ලොකුවට හේවිසි ගහගෙන පෙරහැර පටන් ගත්තට ලියන්න ආපු ඩප්පි කතන්දරේ ලිව්වේ නෑනේ, මක්කරන්නද සෙස්ස පස්සට 😀

මතු සම්බන්ධයි !

~ කණ්ඩා