හෙලිකොට්ටෝරුවෙක් සහ කණ්ඩෙක්
මැලේ ක්‍රීඩාංගනය සහ පිටියේ කතන්දරය පහුගිය සතියක කියපු නිසා මෙදාපාර ඒ හා සම්බන්ධ කියලත් බැරි නොකියත් බැරි සන්තෝසේ විලි ලැජ්ජාවේ පණ යන කතාවක් කියන්න කියල හිතුව. අපේ එව්වො මඩ ගහන්න දෙයියො, එහෙව් එකේ මේ ගැන කමෙන්ට් එකක් වැටිලා සායම යවා ගන්නවට වැඩිය නම්බු පිටින් කණ්ඩම මේ ගැන කියල අහවර කරන එක වඩා හොඳයි 🙂
අපේ එකාලව සත පහකට විස්වාස කරන්න බැහැ !!!
මේ කියන්නෙ 93 – 94 වගේ මට මතක විදිහට, අපි 15 න් පහළ වක් පොලු කෙළින කාලෙ. ඔය දවස් වලත් කොළඹ පාසැල් හොකී ක්‍රීඩා තරඟ පැවැත්තුවේ මැලේ ක්‍රීඩා පිටියෙමයි. ඒ අතර මේ කියන සිදුවීම උන තරඟය මොන පාසලකට එරෙහිව තිබුණ එකක්ද කියල අදටත් මට ඒ හැටි මතකයක් නැහැ. ඒ ඇයි කියල තේරෙයි කියවගෙන පහලට යනකොට. Continue reading “වක්පොලු කතා වස්තුව ~ IV කොටස”