Blogger

මෙහි දක්වා තියන කිසිම ලිපියක අයිතිය කණ්ඩගේ නෙමෙයි, ඒ ගෞරවය සජිත් දිල්හාන්, මාතලන් ලොක්ක සහ අටමට යන්න ඕන. මේක වෙනම ලිපියකට දැම්මේ වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවියක් හදන හැටි විස්තර දාපු ගමන කට්ටිය බ්ලොගර් එක ගැනත් අහන්න ගන්න නිසා. මෙහෙම දැම්මහම වැඩේ සමබරයි කැමති එකෙක්ට කැමති මංගල්ලයක් තෝරා ගන්න පුළුවන්. ( ** අනිත් හේතුව මට දැන් අටමගෙන් කනක් ඇහිලා ඉන්න පුළුවන් ** )

හැබැයි ඔය බ්ලොගර් ගැන තියන ගැටළු කණ්ඩා බ්ලොගර් ජොකියෙක් නොවෙන නිසා කියල දෙන්න විදිහක් නැහැ. බ්ලොගර් පිළිබඳ වැඩි විස්තර සහ උපදෙස් අදාළ උදවියගෙන් ගන්න එක සුදුසුයි 🙂

ඒ වගේම මෙතරම් සවිස්තරාත්මකව සිංහලෙන් ලියවුණු ලිපි ටික කියවල අහවර වෙලත් බ්ලොග් එකක් හදාගන්න බැරි නම් ඉතින් බණක් භාවනාවක් කර ගන්න එක තමයි වඩාත් හොඳ 😀

පොඩි විහිළුවක් කරේ … ට්‍රයි ඇන්ඩ් ට්‍රයි … වන් ඩේ “යූ” විල් ෆ්ලයි කියල තමයි සුද්ද කියල තියෙන්නෙ, ඔබගේ නමත් “යූ”නම් වැඩේ හරි යන්න ඉඩ  තියනවා 🙂

සජිත් දිල්හාන්ගේ යූ බටේ බ්ලොග් පාඩම්

Sajith Dilhan

 

මාතලන්ගේ බ්ලොග් පාඩම්

Maathalan

 

අටමාගේ බ්ලොග් පාඩම්

Atampahura

 

නැවතත්, මගේ කියා කිසිම දෙයක් මෙතන නැත, ලිපි වල අයිතිය ඒ මහත්වරුන් සතුයි !

~ කණ්ඩා !

Advertisements