බ්ලොග් අඩවියක ආකෘතිය (Theme)
කලින් ලිපියෙන් වර්ඩ්ප්‍රෙස් ගිණුමක් (WordPress Account) සහ බ්ලොග් අඩවියට ලිපිනයක් (Blog Address) වෙන් කර ගන්න හැටි කියල දීපු නිසා කණ්ඩගේ මේ ලිපිය බ්ලොත් අඩවියට ගැලපෙන ආකෘතියක් තෝරා ගැනීම ගැන. ඔක්කොම එකපාර කලබලයට ලියන්න අමාරු නිසා හෙමිහිට දන්නා හැම දේම කියල දෙන්නම් 🙂
වර්ඩ්ප්‍රෙස් වල මෙම ආකෘති වලට ලබා දෙන නම තමයි “තීම්” (Theme) ( බ්ලොගර් – Blogger වල ටෙම්ප්ලේට් – Template කියන්නෙත් මේකටම තමයි).
සෑම බ්ලොග් අඩවියකටම ආකෘතියක් තියනව, ඒ බොහොමයක පහත දැක්වෙන ප්‍රධාන කොටස් ඇතුළත් වෙනව, නමුත් විවිධ කොටස් ස්ථානගත කිරීම ආකෘතියෙන් ආකෘතියට වෙනස් වෙන්න පුළුවන්.
- Header / හෙඩර් / සිරස – බ්ලොග් අඩවියේ නම සහ මෙනූ අංගයන් මෙහි ඇතුලත් වේ
- Main Content / මේන් කන්ටෙන්ට් / බඳ කොටස – ලිපි හෝ ලිපි එකතුවන් ඇතුළත් ප්‍රධාන බඳ කොටස
- Side Bar / සයිඩ් බාර් / පැති තීරුව – සමාජ ජාල සබැඳි (Social Media Links), පාඨකයන් (Followers), පැරණි ලිපි එකතු (Archives), යතුරුපද සහ වර්ගීකරණයන් (Keywords and Categories), සෙවීමේ පහසුකම් (Search Facilities) මෙහි ඇතුලත් කල හැක
- Footer / ෆුටර් / පාදම – තමන් පිලිබඳව හෝ බ්ලොග් අඩවිය ගැන විස්තර (About) සහ අදහස් හුවමාරු කරගැනීමට අවැසි සබැඳි (Contact) මෙහි ඇතුළත් කළ හැක
ඉහත දක්වා ඇත්තේ දැනට වඩාත්ම ප්‍රචලිත පිටු සැකැස්ම මිස අපට ඇති එකම තේරීම නොවේ. වෙනත් විකල්ප ආකෘතිද ඇති නමුත් පාඩම් මාලාව පහසු සහ සරළ කිරීම උදෙසා ඉහත සැකැස්මට හැකි තරම් කිට්ටුවෙන් යන බ්ලොග් ආකෘතියක් හෙවත් “තීම්” (Theme) එකක් තෝරා ගැනීම තමයි කණ්ඩාගෙ බලාපොරොත්තුව.
1 පියවර – බ්ලොග් අඩවිය වෙත ඇතුළු වන්න
පාඩම ඉදිරියට ගෙන යාම සඳහා කලින් ලිපියේ විවෘත කළ “මගේ පන්තිය” වර්ඩ්ප්‍රෙස් ගිණුමට ඇතුළු වන්න (Login).
My Site > View Site ක්ලික් කිරීමෙන් බ්ලොග් අඩවියේ දැනට පවතින ආකෘතිය ගැන දළ අදහසක් ගැනීමට ඔබට හැකිවනු ඇත
2 පියවර – බ්ලොග් අඩවියේ ආකෘතිය වෙනස් කිරීම
දැනට ඇති ඉතා සරල පිටු සැකැස්ම වෙනුවට වඩාත් ගැලපෙන ආකෘතියක් තෝරා ගැනීම මීළඟට සිදු කරමු ඒ සඳහා “Personalize” කොටස හමු වනතුරු වමපස ඇති පැති තීරුව දිගේ පහළට යන්න.
“Personalize” කොටස යටතේ “Customize”මෙනූව ඉදිරියෙන් ඇති “Themes” බොත්තම ඔබන්න.
3 පියවර – බ්ලොග් ආකෘතියක් තෝරා ගැනීම
1 – “Current Theme” යටතේ දැනට භාවිත වන ආකෘතිය දැක්වේ
2 – නොමිලයේ ලබා ගත හැකි අනෙක් ආකෘති “Free” යන ෆිල්ටරය (Filter – පෙරහන) භාවිතයෙන් සොයා ගත හැක
3 – “Layout” වර්ගීකරණයට ලක් කර ඇති වෙනස් ආකෘති සොයා ගැනීම පහසු කරයි
1 – මෙම වර්ග අතරින් “Fixed Layout” තෝරා ගැනීමට එය මත ක්ලික් කරන්න.
2 – නව ආකෘතිය ලෙස “Twenty Sixteen” තීම් එක තෝරා ගැනීමට එය මත ක්ලික් කරන්න.
මෙම ආකෘතිය තෝරා ගැනීමට පෙර ඒ ගැන ඒ පිලිබඳ පෙර දැක්මක් (Preview) අවැසි නම් “Open Live Demo” සබැඳිය මත ක්ලික් කරන්න. මෙම ආකෘතිය පිළිබඳ වඩාත් හොඳ හැදෑරීමක් කිරීමට ඉන් ඉඩකඩ සැලසෙනවා. (මතකනේ … පනින්න පෙර සිතා බලනු)
මෙම ආකෘතිය තෝරා ගැනීම සඳහා දකුණු පස උඩු කෙළවරේ ඇති “Activate” බොත්තම ක්ලික් කරන්න.
4 පියවර – බ්ලොග් ආකෘතියට වෙනස්කම් සිදු කිරීම
වෙනස්කම් කිව්වට අනාදරයෙන් කරන කුඩම්මාගේ සැලකිලි නෙමෙයි ආදරේ වැඩි හන්ද කරන ඒවා 🙂 , එනිසා තෝරා ගත් ආකෘතිය තව දුරටත් වෙනස් කිරීම සඳහා “Customize site” බොත්තම ක්ලික් කරන්න.
1 – බ්ලොග් අඩවිය පෙන්විය යුතු නම ඇතුළත් කරන්න (Title)
2 – කෙටි පෙරවදනක් (Tagline) එක කරන්න
3 – ලාංඡනයක් (Logo) භාවිත කරන්නට බලාපොරොත්තු වනවා නම් ඒ සඳහා “Add logo” බොත්තම ක්ලික් කර පින්තූරය තෝරා ගන්න (මෙය අත්‍යවශ්‍ය නැත, මෙලෙස ලාංඡනයක් භාවිතය සෑම ආකෘතියකටම නොගැලපීමටද ඉඩ ඇත)
4 – වෙබ් පිටුවල සහ බුක් මාර්ක් සඳහා අයිකනයක් (Icon) භාවිත කරන්නට බලාපොරොත්තු වනවා නම් ඒ සඳහා “Select image” බොත්තම ක්ලික් කර පින්තූරය තෝරා ගන්න (මෙය අත්‍යවශ්‍ය නැත, පසු කාලයකදී වඩාත් ගැලපෙන් පින්තූරයක් ලැබුණු පසුද සිදු කළ හැක)
1 – වෙනස්කම් තහවුරු කිරීම සඳහා (Save) වම්පස උඩු කෙළවරේ ඇති “Publish” බොත්තම ඔබන්න.
2 – අනෙක් වෙනස්කම් සඳහා කලින් පිටුවට යාමට “<“ බොත්තම ඔබන්න.
පෙර ආකාරයටම පහත දැක්වෙන බ්ලොග් අඩවියට අදාල අංගයන් වෙනස් කර “Publish” බොත්තම එබීම මගින් තහවුරු කරන්න.
Colors & Backgrounds – පසුතල වර්ණ
Font – අකුරු මුහුණත හෙවත් ෆොන්ට්
Header Image – වෙබ් අඩවිය ඉහළ තිරස්ව පෙන්වන පින්තූරය
අනෙක් ඒවා දැනට වෙනස් නොකර සිටීම වඩාත් යෝග්‍යය, අදට මෙච්චරයි සෙස්ස පස්සට ! 🙂
මතු සම්බන්ධයි
~ කණ්ඩා !
අදාල අනෙකුත් ලිපි :
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ I කොටස ~ පනින්න පෙර සිතා බලනු
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ II කොටස ~ වර්ඩ්ප්‍රෙස් ගිණුම් සහ බ්ලොග් අඩවි ලිපින
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ III කොටස ~ බ්ලොග් අඩවියක ආකෘතිය (Theme)
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ IV කොටස ~ සයිඩ් බාර් (Sidebar) සහ විජට් (Widget)
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ V කොටස ~ වර්ඩ්ප්‍රෙස් Site Settings වෙනස් කිරීම
- කුරුටු ගෑමේ දුෂ්කරක්‍රියා
- වදන් තදයට එරෙහි බ්ලොගර් යුද්ධය සහ අටමා ~ Blogger Vs WordPress War & Atam !
- බ්ලොගර් වෙබ් අඩවියක් සාදා ගනිමු
සැප්තැම්බර් 25, 2018 at 11:17 පෙ.ව.
ඔහොම යං.
කැමතියිLiked by 1 person
සැප්තැම්බර් 25, 2018 at 2:50 ප.ව.
කොහෙටද ? 🙄
කැමතියිLiked by 1 person
සැප්තැම්බර් 25, 2018 at 8:07 ප.ව.
නියමයි කණ්ඩා.
ඔය සිංහල වචනේ එක්ක ඉංගිරිසි වචනේ දාන එක හොදයි. පස්ස දිහා එහෙනම් අපි බලන් ඉන්නවා .😂😂😂😂😂
ඉක්මනට ඒකත් ලියන්න .
කැමතියිLiked by 1 person
සැප්තැම්බර් 25, 2018 at 8:22 ප.ව.
ස්තූතියි, අම්මෝ පස්සක් කිව්වොත් නේද ? 😁
කැමතියිකැමතියි
ඔක්තෝබර් 6, 2018 at 9:56 පෙ.ව.
ඔැිඑ
කැමතියිකැමතියි