Kensington Great Hall

දෙගොඩහරි ජාමේ හිමකිරම, ගී අමා සහ පරිප්පු කතා

රැජින ආත්තම්මාගේ රටේ සවාරිය ගැන කණ්ඩා අන්තිමට ලියුවේ දැනට නව මාසයකටත් කලියෙන්ය, එතැන් සිට හිරු නොබසිනා දූපතේ කතා වස්තුවට බාලගිරි වැළදුණු නමුත් දැන් එය සනීප බව කියන්නට සතුටුය. පැරණි ලිපි කිහිපය නැවතත් පහතින් දැමුවේ මෙතක් කල් කතාව අමතක වූ උදවියගේ මතකය පෑදෙන්නටය.

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස ~ රැජින ආත්තම්මා වෙත ආදරයෙන් ලියමි !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස ~ A380 ය සහ සුද්දගේ ජර්මන් බෝම්බ !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ III කොටස ~ බ්‍රමී නුවර සහ ලිච්ෆීල්ඩ්

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ IV කොටස ~ පෙන්ඩොලීනෝ, අණ්ඩග්‍රවුන්ඩ් සහ බෝම්බ

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ V කොටසබුරන ස්ටේසම සහ දැවැන්තයෙක් හමුවීම !

අරූ, කණ්ඩා සහ ස්ටෙලා සමග කාලය ඔරලෝසුවේ කටු වේගයෙන් දුවා ඇති බව තේරෙන විට පමා වැඩිය, හමුවෙන් පසුව අන්ඩග්‍රවුන්ඩ් හරහාම අප නැවතී සිටි මිතුරිය “උස එකී”ගේ නිවස ආසන්නයට ගිය මා කැටුව යාමට ඇගේ සැමියා පැමිණ සිටි නිසා කරදරයකින් තොරව නිවස වෙත ලඟා වීමු. නමුත් නිවසට ගොඩ වැදුණු වහා මහ අලකලංචියකට කණ්ඩා මුහුණ දුන්නේ රෑ කෑමට ගෙදර එන බවට මේ උදවියට දුන් පොරොන්දුව කණ්ඩාගේ ටිකිරි මොළය තුළ අස්ථානාගත වීම හේතුවෙනි. Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ VI කොටස”