සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

නොවැම්බර් 2018

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ XII කොටස

How-to-add-social-media-to-WordPress

වර්ඩ්ප්‍රෙස් අඩවියට සමාජ ජාල සම්බන්ධ කිරීම

පාඨක ඔබගෙන් වෙනත් ඉල්ලීම් නොලදහොත් මේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් සාදා ගන්නා අකාරය පිළිබඳව ලියවෙන අවසාන ලිපියයි. මෙම ලිපි පෙළෙන්  කවුරුන් හෝ යමක් ඉගෙන ගත්තා නම් එය කණ්ඩාට සතුටකි. “නෙදකින් වදන්තද” යයි මුමුණමින් කාට හෝ මුලගින්න තද උනේ නම් එයද අප්‍රමාණ සතුටකි 🙂

බ්ලොග් අඩවි ප්‍රවර්ධනය සඳහා සමාජ ජාල අඩවි ප්‍රයෝජනයට ගත හැකි බව පෙර ලිපියෙන් කතාබහ කළ නිසා මෙම ලිපියෙන් පහත දැක්වෙන මාතෘකා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි :

  • ඔබගේ බ්ලොග් අඩවියට Facebook පිටුවක් සාදා ගැනීම
  • ඔබගේ Facebook පිටුව බ්ලොග් අඩවියට සම්බන්ධ කිරීම

  • බ්ලොග් අඩවියට Facebook විජට් ඇතුළත් කිරීම
  • බ්ලොග් අඩවියට Instagram විජට් ඇතුළත් කිරීම

ෆේස්බුක් සහ Instagram වලට අමතරව Google+, TumblrTwitter වැනි අනෙකුත් සමාජ ජාල සමග සම්බන්ධ වීමේ පහසුකම්ද ඇති අතර, එම සමාජ ජාල හා සම්බන්ධ වීමට මෙය පෙරහුරුවක් වනු ඇත. මෙම සමාජ ජාල ගිණුම් භාවිත කිරීම අත්‍යවශ්‍ය නැතත් ඒවා ඔබට පහසු සහ අවශ්‍ය ආකාරයට යොදා ගැනීමෙන් ඔබ බ්ලොග් අඩවියට පැමිණෙන පාඨක සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට අවස්ථාව ඇත. Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ XII කොටස”

ශිල්ප කාලා නිදි !

Art by Joanne

ඇත්ත ඇති සැටියෙන් කියනව නං කලාව කියන දේ ලඟින්වත් ගෑවිලාවත් නොගිය මනුස්සයෙක් තමයි මේ කණ්ඩ කියන්නෙ, ඔය නොදන්නා මගුල් කරන්න ගොහින් වෙච්චි අකරතැබ්බ සහ අහ ගත්ත කුණු කතා ගැන තමයි අද මේ කියන්න යන්නෙ.

ඔය කලාව කිව්වට ඉතින් ඉස්කෝලෙ යන්න පටන් ගත්තු සන්දියේ ඇටිකිච්ච කාලෙ කලාව කියල එකක දැනං උන්නේ නැහැ නෙව, අපි දැනගෙන හිටියෙ චිත්තර, කවි සිංදු සහ නැටුම් කියන හතර වරිගයනෙ. ඒකෙනුත් අම්මයි තාත්තයි කියපු විදිහට නැටිල්ල තමයි කණ්ඩට හොඳටම පිහිටලා තිබ්බෙ හැබැයි ඒකට හොඳක් කියනව වෙනුවට පොල්කටු හැඳි මිටෙන් හරි ළඟ පාත කඩා ගන්න තිබ්බ ක්‍රෝටන් කොටුවකින් තමයි අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම සමබරව හම්බ උනේ. Continue reading “ශිල්ප කාලා නිදි !”

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ XI කොටස

Promote-your-blog 2

බ්ලොග් අඩවි ප්‍රවර්ධනය කිරීම

ඔබ බ්ලොග් අඩවියක් සාදා ගත් පමණින් එය වටා විශාල පාඨකයන් පිරිසක් එක් රොක් වේ යයි ඔබ සිතන්නේ නම් එය වැරදි වැටහීමකි. බ්ලොග් අඩවිය ප්‍රචලිත කිරීම සහ එමගින් පාඨකයන් හෙන්වා ගැනීම සඳහා ඔබ අතින් නිරතුරුව සිදු විය යුතු කරුණු කාරනා කිහිපයක් ඇත.

මේ සඳහා අමතර ශ්‍රමයක් වැය කිරීමට සිදු වනවා මෙන්ම ඒ සඳහා කාලය කැප කරන්නට අවශ්‍ය කාලය සහ ඉවසිලිවන්ත බවද ඔබ සතු විය යුතුය. ඒ මෙම කාර්යයන් ඉටු කිරීමට මෙන්ම ඒවායේ ප්‍රථිපල ලැබීමටද අවුරුදු කිහිපයක කාලයක් ගත විය හැකි නිසාය.

සැලකිය යුතුයි :

රෝමය එක දිනකින් ගොඩ නැගුවේ නැත ~ Rome Wasn’t Built In a Day ! 😀

Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ XI කොටස”

කන්තාරයේදී සිත බැඳුණු ගීත …

Arabic Music

කණ්ඩා අරාබි කාන්තාරෙට ගොඩ බැහැල දැනට එකොළොස් අවුරුද්දකට වැඩියි, ඒ දශකයකට අධික කාලය පුරාවට අරාබි බාසාව ඉගෙන ගන්න නොලැබුණේ කණ්ඩා අරාබි කොම්පැණියක කඹුරා නැති නිසාත් මෙහෙ ඉන්න ඔටුවො අපිත් එක්ක නොපෑහෙන නිසාත් තමයි. සමහර විට යටි උගුරෙන් කියවන අරාබි බසේ ඇති කටෝර ස්වභාවයට ඇති අසාත්මිකතාවයත් මෙයට බලපාන්න ඇති.

කණ්ඩා යන හැම රටකම ආගම, ඉතිහාසය සහ සංස්කෘතිය ගැන සැලකිලිමත් වෙනවා වගේම තමන්ගෙ ජීවිතෙන් තුනෙන් පංගුවක් ගත කරපු රට ගැන හොයන්නත් උනන්දුයි. එහෙම හොයා ගත්ත විස්තර, රස කතා ලියන්න කියන්න වෙලාවක් හොයා ගන්න අමාරුව තමයි තියෙන්නෙ 🙂

නමුත් ජීවිතේ ඉතිරි කාලෙත් කාන්තාරෙට සින්න වෙන්න නොදී ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත මෙහෙන් චුත වෙන්න හිතාගෙන ඉන්න එකේ අරාබි කලාපයේ තියන නොයෙක් දේ ගැන ඉඩ තියන විදිහට ලියන්න හිතුන. සංගීතයේ සයන්න දන්නෙවත් නැති උනාට මුලින්ම ලියන්න හිතුනෙ සංගීතය ගැන. Continue reading “කන්තාරයේදී සිත බැඳුණු ගීත …”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: