Promote-your-blog 2

බ්ලොග් අඩවි ප්‍රවර්ධනය කිරීම

ඔබ බ්ලොග් අඩවියක් සාදා ගත් පමණින් එය වටා විශාල පාඨකයන් පිරිසක් එක් රොක් වේ යයි ඔබ සිතන්නේ නම් එය වැරදි වැටහීමකි. බ්ලොග් අඩවිය ප්‍රචලිත කිරීම සහ එමගින් පාඨකයන් හෙන්වා ගැනීම සඳහා ඔබ අතින් නිරතුරුව සිදු විය යුතු කරුණු කාරනා කිහිපයක් ඇත.

මේ සඳහා අමතර ශ්‍රමයක් වැය කිරීමට සිදු වනවා මෙන්ම ඒ සඳහා කාලය කැප කරන්නට අවශ්‍ය කාලය සහ ඉවසිලිවන්ත බවද ඔබ සතු විය යුතුය. ඒ මෙම කාර්යයන් ඉටු කිරීමට මෙන්ම ඒවායේ ප්‍රථිපල ලැබීමටද අවුරුදු කිහිපයක කාලයක් ගත විය හැකි නිසාය.

සැලකිය යුතුයි :

රෝමය එක දිනකින් ගොඩ නැගුවේ නැත ~ Rome Wasn’t Built In a Day ! 😀

 

1 ) නිතිපතා බ්ලොග් ලිපි පළ කිරීම

Write Regularlyපාඨකයන් ඔබ බ්ලොග් අඩවියට පැමිණෙන්නේ ඔවුන් ඔබ ලියනා දේ රසවිඳින නිසාය. නමුත් ඔවුන් ඔබ බ්ලොග් අඩවිය වෙත නැවත නැවතත් පැමිණෙන  නිත්‍ය සාමාජිකයන් බවට පත් කර ගැනීමට අවශ්‍ය නම් රස විඳින්නට යමක් නිරන්තරයෙන් සැපයීම ඔබ සතු වගකීමකි. ඔබ ලියන්නට තෝරා ගන්නා මාතෘකා ගැන සැලකිලිමත් වන්න, වැඩි දෙනෙක් කියවන්නට උනන්දු ජනප්‍රිය මාතෘකා මගින් ඔබගේ බ්ලොග් අඩවිය වෙත වැඩි අවධානයක් යොමු වේ.

එබැවින් සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට අඩුම තරමේ සතියකට එක ලිපියක් හෝ එයට වැඩි ප්‍රමාණයක් පළ කිරීම අත්‍යවශ්‍යය.

 

2 ) බ්ලොග් රෝල් සඳහා ඔබගේ බ්ලොග් අඩවිය ඇතුළත් කිරීම

Blog Rollඔබ නිතර යන එන, කියවන සිත් ගත් බ්ලොග් අඩවි ඔබ අඩවියේ බ්ලොග් රෝල් එකට ඇතුළත් කල සේම ඔබගේ බ්ලොග් අඩවියද අනෙකුත් බ්ලොග් අඩවි වල බ්ලොග් රෝල් එකට එක් කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට හැකිය.

නමුත් එය ඇතුළත් කිරීම හෝ නොකිරීම තනිකරම එම අඩවිය පවත්වාගෙන යන පුද්ගලයන්ගේ කැමැත්ත/අකමැත්ත මත තීරණය වන අතර ඉල්ලීමක් කිරීම හැරුණු විට ඒ සඳහා බල කිරීමට සාධාරණ අයිතියක් ඔබට නොමැති බව මතක තබා ගන්න.

එමෙන්ම ඔබගේ අඩවියේ සබැඳි ඇතුළත් කරනා බ්ලොග් අඩවි ජනප්‍රියත්වයෙන් ඉහළ නම් එමගින් ඔබගේ අඩවියට පාඨකයන් ගෙන්වා ගැනීම වඩාත් සාර්ථක වනු ඇත.

 

3 ) බ්ලොග් සින්ඩිකේටර්/සින්ඩි (Syndicator/Syndi) වල සාමාජිකත්වය ලබා ගැනීම

Increase Blog Trafficබ්ලොග් සින්ඩිකේටර්/සින්ඩි (Syndicator/Syndi) ලෙස හැඳින්වෙන්නේ බ්ලොග් අඩවි රාශිගත කරනා වෙබ් අඩවියන්ය. මෙම අඩවි මගින් පාඨකයන් සහ බ්ලොග්කරුවන් සඳහා පහත දැක්වෙන පහසුකම් සපයයි

 

  • බ්ලොග් අඩවි රාශියකට එකම තැනකින් පිවිසීමට හැකි වීම
  • බ්ලොග් අඩවි වල නම් සහ ලිපින මතකයේ තබා ගැනීමට අනවශ්‍ය වීම
  • බ්ලොග් අඩවි වල මෑත පලකරන ලද එක තැනකින් ඉදිරිපත් කිරීම
  • බ්ලොග් අඩවි වර්ගීකරණය
  • බ්ලොග් අඩවි ප්‍රවර්ධනය

ඔබගේ බ්ලොග් අඩවියත් බ්ලොග් සින්ඩිකේටර්/සින්ඩියකට ඇතුළත් කිරීම වැදගත් වන්නේ මේ නිසාය. කණ්ඩා යන එන බ්ලොග් සින්ඩිකේටර් /සින්ඩියකට කිහිපයක් මෙහි දැක්වෙන අතර එයට අමතරව තවත් එවැනිම අඩවි තිබිය හැක.

 

4 ) ඔබ කැමති සහ රසවිඳින බ්ලොග් අඩවි වලට ප්‍රතිචාර පළ කිරීම

Commentවර්තමානයේදී සංනිවේදන පහසුකම් අතින් මුළු ලෝකයම ගම්මානයකි, සියළු දේ එකිනෙක හා සම්බන්ධය. ඔබගේ පුද්ගලික ජීවිතයේ මෙන්ම බ්ලොග් අඩවියේ සාර්ථකත්වය පවතිනුයේ ඔබ කෙතරම් හොඳින් අනෙත් අය හා සම්බන්ධ වන්නේද සන්නිවේදනය කරන්නේද යන්න මතයි.

එනිසා හැකි සෑම විටම අනෙකුත් බ්ලොග් කරුවන් සහ පාඨකයන් සමග සුහදව අදහස් හුවමාරු කර ගන්න. ඔබ යන එන බ්ලොග් අඩවි වල කියවන ලිපි සඳහා ප්‍රතිචාර දක්වන්න. එම ප්‍රතිචාර වල සබැඳි ඔබ බ්ලොග් අඩවියට පිවිසීමට අනෙකුත් බ්ලොග් කරුවන් සහ පාඨකයන් හට ලැබෙන අවස්ථාවක් මෙන්ම දිරි ගැන්වීමක්ද වනු ඇත.

මුළු බ්ලොග් අවකාශයම රැඳී පවතින්නේ මෙම සහ සම්බන්ධතාවයන් සහ සබැඳි මත බව කිසි විටෙකත් අමතක නොකරන්න.

 

5 ) බ්ලොග් අඩවිය  සමූහ (Groups) වලට සම්බන්ධ වී ඒවායේ ලිපි පළකිරීම

Facebook-GroupsFacebook වැනි සමාජ ජාලයන්හි බ්ලොග්කරුවන් සහ අනෙකුත් ලේඛකයන් එකතුවෙන් සැදුණු කණ්ඩායම් (Groups) රාශියක් ඇත. ඒ අතරින් ඔබට සහ ඔබගේ බ්ලොග් අඩවියේ ලිපි පල කිරීමට වඩාත් සුදුසු කණ්ඩායම් වල සාමාජිකත්වය ලබා ගැනීමෙන් ඔබගේ ලිපි එම සාමාජිකයන් අතරට ගෙන යා හැකිය.

මෙලෙස නව පාඨකයන් ඔබ අඩවිය හා සම්බන්ධ වීම එක වරම සිදු නොවූවත් අනෙක් අයගේ ලිපි ලියවීම මගින් ඔබට අලුත් බ්ලොග්කරුවන් සහ අනෙකුත් ලේඛකයන් හඳුනා ගැනීමේ අවස්ථාව සහ අදහස් හුවමාරු කර ගැනීම මගින් සබඳතා ගොඩ නගා ගැනීමට හැකිය.

 

6 ) සමාජ ජාල ගිණුම් ඇසුරින් බ්ලොග් අඩවිය ප්‍රවර්ධනය කිරීම

Socil Mediaවර්තමානයේ සමාජ ජාලයන් ජනප්‍රියත්වය සහ සාමාජික සංඛ්‍යාව අතින් බ්ලොග් අඩවි පරයා බොහෝ සෙයින් ඉදිරියට පැමිණ ඇත. එය ඛේදවාචකයක් ලෙස නොසලකා එය බ්ලොග් අඩවි ප්‍රවර්ධනයට තවත් අනගි අවස්ථාවක් බවට පත් අරගැනීමේ වගකීම ඔබ සතුය.

එනිසා හැකි පමණින්  Facebook, Instagram, Twitter වැනි සමාජ ජාල වලට ඔබගේ ඔබගේ බ්ලොග් අඩවිය සම්බන්ධ කරන්න. ඒ ඔස්සේ ඔබගේ ලිපි බෙදා හැරීම මගින් වැඩි පාඨක සංඛ්‍යාවක් වෙත ලඟා වීමේ හැකියාව ඔබට ඇත. එම සමාජ ජාල ගිණුම් සඳහා සාමාජිකයන් ආකර්ෂණය කර ගැනීමද වැදගත්ය.

එමෙන්ම පාඨකයන් හට ඔබගේ ලිපි සමාජ ජාලා ඔස්සේ බෙදා ගැනීමට හැකි වන ආකාරයට ඒ සඳහා අවශ්‍ය පහසුකම් (Share Buttons) සැපයීමද පලදායක ක්‍රියාවකි.

 

7 ) වීඩියෝ චැනල් මගින් ප්‍රවර්ධනය

Video Sharingඔබ නිතර වීඩියෝ බෙදා ගන්නේ නම් ඔබගේ බ්ලොග් අඩවිය වෙනුවෙන් YouTube, Vimeo චැනලයක් ආරම්භ කරන්න. ඔබ බෙදා හරින වීඩියෝ එම චැනල් හරහා සිදු කළ හැකි අතර බ්ලොග් අඩවියේ සබැඳි එම වීඩියෝ චැනල් වල ප්‍රදර්ශනය කළ හැක. එමගින් ඔබගේ බ්ලොග් අඩවිය සඳහා අමතර පිරිසක් ගෙන්වා ගැනීමට හැක.

 

මීළඟ ලිපිය මගින් ගේ බ්ලොග් අඩවිය සමාජ ජාල හා සම්බන්ධ කිරීම පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

~ කණ්ඩා !

මුලාශ්‍ර :

අදාල අනෙකුත් ලිපි :