How-to-add-social-media-to-WordPress

වර්ඩ්ප්‍රෙස් අඩවියට සමාජ ජාල සම්බන්ධ කිරීම

පාඨක ඔබගෙන් වෙනත් ඉල්ලීම් නොලදහොත් මේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් සාදා ගන්නා අකාරය පිළිබඳව ලියවෙන අවසාන ලිපියයි. මෙම ලිපි පෙළෙන්  කවුරුන් හෝ යමක් ඉගෙන ගත්තා නම් එය කණ්ඩාට සතුටකි. “නෙදකින් වදන්තද” යයි මුමුණමින් කාට හෝ මුලගින්න තද උනේ නම් එයද අප්‍රමාණ සතුටකි 🙂

බ්ලොග් අඩවි ප්‍රවර්ධනය සඳහා සමාජ ජාල අඩවි ප්‍රයෝජනයට ගත හැකි බව පෙර ලිපියෙන් කතාබහ කළ නිසා මෙම ලිපියෙන් පහත දැක්වෙන මාතෘකා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි :

  • ඔබගේ බ්ලොග් අඩවියට Facebook පිටුවක් සාදා ගැනීම
  • ඔබගේ Facebook පිටුව බ්ලොග් අඩවියට සම්බන්ධ කිරීම

  • බ්ලොග් අඩවියට Facebook විජට් ඇතුළත් කිරීම
  • බ්ලොග් අඩවියට Instagram විජට් ඇතුළත් කිරීම

ෆේස්බුක් සහ Instagram වලට අමතරව Google+, TumblrTwitter වැනි අනෙකුත් සමාජ ජාල සමග සම්බන්ධ වීමේ පහසුකම්ද ඇති අතර, එම සමාජ ජාල හා සම්බන්ධ වීමට මෙය පෙරහුරුවක් වනු ඇත. මෙම සමාජ ජාල ගිණුම් භාවිත කිරීම අත්‍යවශ්‍ය නැතත් ඒවා ඔබට පහසු සහ අවශ්‍ය ආකාරයට යොදා ගැනීමෙන් ඔබ බ්ලොග් අඩවියට පැමිණෙන පාඨක සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට අවස්ථාව ඇත.

ඔබගේ බ්ලොග් අඩවියට Facebook පිටුවක් සාදා ගැනීම

ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රවර්ධනය සඳහා Facebook පිටුවක් සාදා ගන්නා ආකාරය මෙම කොටසින් විස්තර අතර මේ සඳහා ඔබ සතුව Facebook ගිණුමක් තිබිය යුතුය. ඔබ සතුව Facebook ගිණුමක් නොමැති නම් අලුතින් ගිණුමක් ඇරඹීමෙන් අනතුරුව පහත පියවර අනුගමනය කරන්න.

1 පියවර – ඔබ Facebook ගිණුමේ වම්පස තීරුවේ ඇති සබැඳි (Links) අතුරින් Pages මත ක්ලික් කරන්න

FB1

2 පියවර Create Page බොත්තම මත ක්ලික් කරන්න

FB2

3 පියවර Community or public figure  යටතේ ඇති Get Started බොත්තම මත ක්ලික් කරන්න

FB3

4 පියවර – පිටුවට යොදන නම සහ එයට අදාල කැටගරිය ඇතුළත් කර Continue බොත්තම මත ක්ලික් කරන්න

FB4

5 පියවරFacebook පිටුවෙහි තොරතුරු සම්පුර්ණ කරන්න

මේ වන විට ඔබගේ Facebook පිටුව නිර්මාණය වී තිබුණත් එහි සම්පුර්ණ කරන්නට තවත් තොරතුරු ඇත. ඒ සඳහා පහත දැක්වෙන කොටස් උපයෝගී කර ගන්න :

1 – Cover photo එකක් ඇතුළත් කරන්න
2/3 – Profile පින්තූරය ඇතුළත් කරන්න
4 – ඔබගේ මිතුරන් හට Facebook පිටුව හා එක්වන්නට ආරාධනා කරන්න (මෙය පිටු සැකසුම් සියල්ල සම්පුර්ණ කිරීමෙන් පසුව කිරීම වඩාත් සුදුසුය)
5 – Settings මගින් පිටුවේ අනෙකුත් සැකසුම් සම්පුර්ණ කරන්න

FB5

6 පියවරCover photo සහ Profile පින්තූරය ඇතුළත් කිරීමෙන් පසුව පහත අයුරින් පිටුව දිස් වන අතර, සැකසුම් සම්පුර්ණ  Settings මත ක්ලික් කරන්න

FB6

6 පියවරSettings මත ක්ලික් කර අනෙකුත් පිටු සැකසුම් සම්පුර්ණ කරන්න

1 – Page Info මත ක්ලික් කරන්න
2 – පිටුව පිළිබඳ කෙටි විස්තරයක් ඇතුළත් කරන්න
3 – Save Changes බොත්තම මත ක්ලික් කරන්න
4 – ඔබ බ්ලොග් අඩවියේ වෙබ් ලිපිනය ඇතුළත් කරන්න
5 – Save Changes බොත්තම මත ක්ලික් කරන්න
6 – ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න
7 – Save Changes බොත්තම මත ක්ලික් කරන්න

සැලකිය යුතුයි : Page මත ක්ලික් කිරීමෙන් නැවත Facebook පිටුවට පිවිසිය හැක

FB7

7 පියවර – Facebook පිටුව හා එක්වන්නට ආරාධනා කරන්න

නැවත මුල්පිටුවට පිවිස  ඔබගේ මිතුරන් හට Facebook පිටුව හා එක්වන්නට ආරාධනා කරන්න (Invite).

FB 8

ඔබගේ Facebook පිටුව බ්ලොග් අඩවියට සම්බන්ධ කිරීම

ඔබගේ Facebook පිටුව හෝ Google+ වැනි අනෙකුත් සමාජ ජාලා වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවිය හා සම්බන්ධ කළ පසු ඔබ පල කරනා ලිපි ස්වයංක්‍රීයව එම ගිණුම් වල පළ කෙරෙනු ඇත. මෙය ඔබට අමතර පහසුවක් සැලසුවත් එම ලිපි යම්  නැවත තරමකට සකස් කිරීම/ෆෝමැට් කිරීම (Formatting) අවශ්‍යය.

Facebook පිටුව වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවිය හා සම්බන්ධ කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

Mysite > Sharing මත ක්ලික් කර ඒ යටතේ ඇති සමාජ ජාල අතරින් Facebook ඉදිරියෙන් ඇති Connect බොත්තම මත ක්ලික් කරන්න

සැලකිය යුතුයි :

වර්ඩ්ප්‍රෙස් සමග සම්බන්ධ කළ හැකි අනෙකුත් සමාජ ජාලයන් සියල්ල Sharing කොටසෙහි දක්වා ඇති අතර ඔබට අවශ්‍ය ආකාරයට ඒවා යොදා ගැනීමේ තීරණය ඔබ සතුය.

Social Media Connect 1

ඔබ මේ වන විට ඔබගේ Facebook ගිණුමට ඇතුළත් (ලොග්) වී නොසිටියහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඉදිරිපත් කරනු ඇත. Facebook වෙත ලොග් වී ඇති නම් ඔබ සතු ගිණුම් මෙහි ප්‍රදර්ශනය කරනු ඇත. ඒ අතරින් ඔබට අවශ්‍ය ගිණුම තෝරා ගෙන Connect බොත්තම මත ක්ලික් කරන්න.

Social Media Connect 2

ඔබගේ Facebook ගිණුම සමග වර්ඩ්ප්‍රෙස් සම්බන්ධතාවය සාර්ථක උවහොත් පහත පරිදි පණිවිඩයක් ප්‍රදර්ශනය කරනු ඇත.

Social Media Connect 3

 

බ්ලොග් අඩවියට Facebook විජට් ඇතුළත් කිරීම

Facebook විජට් එක මගින් ඔබ බ්ලොග් අඩවියට අදාල Facebook පිටුවේ පලවන දෑ බ්ලොග් අඩවියේ පෙන්වීම සිදුකළ හැකි අතර ඔබගේ පාඨකයන් එම Facebook පිටුව පිළිබඳ දැනුවත් කිරීමට මෙමගින් ඔබට අවස්ථාව ලැබේ.

බ්ලොග් අඩවියක සයිඩ් බාර් (Sidebar) එක සඳහා විජට් (Widget) එකතු කරනා ආකාරය සයිඩ් බාර් (Sidebar) සහ විජට් (Widget) ලිපියෙහි “පැති තීරුව/සයිඩ් බාර් එක සඳහා විජට් එකතු කිරීම” කොටසෙහි සවිස්තරාත්මකව දක්වා ඇත. එම උපදෙස් අනුගමනය කර පහත දැක්වෙන පරිදි  Facebook Page Plugin විජට් එක සයිඩ්බාර් එකට ඇතුළත් කරන්න. පහත දැක්වෙන පරිදි විජට් සැකසුම් වෙනස් කරන්න.

Facebook Widget

 

Title – මාතෘකාව /කෙටි හැඳින්වීමක්

Facebook Page URL – Facebook පිටුවේ වෙබ් ලිපිනය

Width   – පළල අවැසි පමණ වෙනස් කරන්න

Height  – උස අවැසි පමණ වෙනස් කරන්න

Show Faces – ප්‍රොෆයිල් පින්තුරය ප්‍රදර්ශනය

Show Stream – ලිපි ප්‍රදර්ශනය

Show Cover Photo – කවර් පින්තූරය ප්‍රදර්ශනය

 

 

 

 

 

 

බ්ලොග් අඩවියට Instagram විජට් ඇතුළත් කිරීම

Instagram විජට් එක මගින් ඔබ Instagram ගිණුමේ පල කරනා පින්තූර බ්ලොග් අඩවියෙහි ප්‍රදර්ශනය කළ හැකිය.

බ්ලොග් අඩවියක සයිඩ් බාර් (Sidebar) එක සඳහා විජට් (Widget) එකතු කරනා ආකාරය සයිඩ් බාර් (Sidebar) සහ විජට් (Widget) ලිපියෙහි “පැති තීරුව/සයිඩ් බාර් එක සඳහා විජට් එකතු කිරීම” කොටසෙහි සවිස්තරාත්මකව දක්වා ඇත. එම උපදෙස් අනුගමනය කර පහත දැක්වෙන පරිදි Instagram විජට් එක සයිඩ්බාර් එකට ඇතුළත් කරන්න.

පහත දැක්වෙන පරිදි විජට් සැකසුම් වෙනස් කරන්න.

Instagram 1

 

Instagram විජට් එක සයිඩ්බාර් එකට ඇතුළත් කළ පසු පිටුවේ උඩින් ඇති Publish බොත්තම මත ක්ලික් කරන්න.

ඔබ Instagram ගිණුමට ලොග් වී නොමැති නම් මුලින් logging into correct account සබැඳිය මත ක්ලික් කර ගිණුමට ලොග් වන්න.

අනතුරුව Authorize Instagram Access  බොත්තම මත ක්ලික් කරන්න.

 

Authorize බොත්තම මත ක්ලික් කර සම්බන්ධ කිරීම තහවුරු කරන්න.

Instagram 2

පහත දැක්වෙන පරිදි විජට් සැකසුම් වෙනස් කරන්න

Instagram 3

 

Widget Title – මාතෘකාව /කෙටි හැඳින්වීමක්

No to display – ප්‍රදර්ශනය කළ යුතු පින්තුර ගණන

No of columns – පින්තුර ප්‍රදර්ශනය කළ යුතු තීරු ගණන

 

 

 

 

 

 

~ කණ්ඩා !

මුලාශ්‍ර :

අදාල අනෙකුත් ලිපි :