සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

දෙසැම්බර් 2018

ආයෙත් පාරක් … අලුත් ආරම්භයක් ?

Happy New Year 2019 - Low Res

සැමට සුභ නව වසරක් වේවා !

අලුත් අවුරුද්දක් ලබන්නට තියෙන්නේ තවත් හෝරා කිහිපයක් පමණක් නිසා ලබන්නා වූ නව වසර දේස පාළුවන් සහ උන්ට කඩේ යන උන් හැර ඔබ සියළු දෙනාගේම පැතුම් සියල්ල ඉටු වන වාසනාවන්ත නව වසරක් වේවා යයි කණ්ඩා දෙපල ප්‍රාර්ථනා කරනවා.

ඒ හන්ද වැරදි දේවල් එහෙම වැඩිය ප්‍රාර්ථනා කරන්න එපා කියල බොහොම ආදරයෙන් ඉල්ලලා හිටිනවා ! Continue reading “ආයෙත් පාරක් … අලුත් ආරම්භයක් ?”

Advertisements

කවියකුගේ අබිනික්මන …

මගේ නිර්මාණයක් නොවුණත් මේ කවිය පල කරන්න මා වෙත එවපු නිසා මොකද්දෝ හේතුවකට හිත ගැස්සුනා, බොහොම තදට වැදුණා … එනිසයි පල කරන්න හිතුවෙ 😦

අවසන් කවිය ලියනට නෙත කදුලු පිරී
පන්හිද අතට ගමි සරසවි දෙසට හැරී
කවිකම අතැර ඉන්නට මට නමුත් බැරී
කවියට සමුදෙන්න මට දැන් කාලෙ හරී

කරමින් රූසිරිය වර්ණා කෙලෙස් ගගේ
පිහිනා සිටිය කාලය ඇතිබවක් හැගේ
හොදහැටි වැටහුනා බියකරු සසරෙ රගේ
සදහම් ඔරුව පැද ගොඩයමි සසර ගගේ Continue reading “කවියකුගේ අබිනික්මන …”

නත්තල් පප්පා වෙත ආදරයෙන් ලියමි !

Sad Christmas

අති ගරු කණ්ඩාචාර්යතුමා,
OCD – Uස්වැටKයියාව, BBQ – Soමාලියා, දිවයිනෙත් නැති සාම විනිසුරු
(බල්ලෙක්වත් නැති) අපේ කන්තෝරුව,
මැදක් නැති පෙරදිග,
ඔටුවංගේ රට.

ක්‍රිස්තු වර්ෂ 2018 ක් වූ දස වෙනි මස 24 වැනිදා

සැන්ට් නිකුලස්,
ආයතන ප්‍රධානී – නත්තල් තෑගි බෙදීමේ මධ්‍යස්ථානය,
උතුරු පොල්ල, පිණිමුවා ජනපදය,
හෝ ..හෝ.. හෝ .. ලන්තය.

මයි ඩියර්* දයා බර නත්තල් පප්පේ,

නත්තල් තෑගි / තෑගි අයදුම් පත්‍රය පිලිබඳ පැමිණිලි

අහිංසක හොඳ ළමයෙක් වන මා අනිත් නාහෙට නාහන උන් වගේ නොව පසු ගිය අවුරුද්දේ ඉතාමත් යහපත් කල් කිරියාවෙන් ගෙවූ බව දැනුම් දෙන්නට කැමැත්තෙමි.

සැලකිය යුතුයි : බුකියේ එවුන් ලියන වඳුරු කුණුහබ්බ කියවා ඒවාට කමෙන්ට් කිරීම, ඉඳහිට අපාය සහායක යාලුවෙක්ගේ වැරදි ආස්සරය නිසා දෙකක් නවා ගත්කල දේසපාලුවන්ගේ සහ උන්ට කඩේ යන උන්ගේ මව්පියවරු සිහි කරමින් ජාතිය ඇමතීම වැනි දෑ නොසලකා හැරිය හැකි අංශුමාත්‍ර වැරදි යයි සිතමි. Continue reading “නත්තල් පප්පා වෙත ආදරයෙන් ලියමි !”

අඩු වියදම් කාර්‍යක්ෂම මී උගුල

Mouse Looking Terrified

මීයන් අල්ලං .. අල්ලං .. අල්ලං ..

ඔන්න කාලෙකට පස්සේ අනිත් රටේ ලෝකෙ වැඩ වලින් නිදහස් වෙලා ආයෙමත් කණ්ඩගෙ බ්ලොග් මැසිම පණගහල ගන්න හිතුව, එහෙම කිව්වට ඉතිං ලියන්න දෙයකුත් එපායැ ඒ හන්ද මැසිම රත් වෙනකං පොඩි හෑල්ලක් දානව අදට.

ඇත්තටම මේක මම මීයො ගැන පොස්ට් එකකට කමෙන්ට් එකක් විදිහට කොටන්න ලියාපු එකක්, නමුත් කොහොමින් කොහොමහරි ඒක මග අරුන නිසා කතාවක් විදිහටම දාන්න හිතුන. මේ මීයො ගැන කතන්දර උගේ බ්ලොග් එක හරහා මුලින්ම ඇවිස්සුවේ පැණ්ඩෙක්, නිකම්ම නිකං පැණ්ඩෙක් නෙමෙයි රතු පැණ්ඩෙක් !

හැබැයි මුට වල් පැණ්ඩ කියලත් කියනව ඒ නම් වර්ගයාටත් වඩා කල් කිරියාව නිසා. දැන් අහන්න එපා චීනෙන් රතු දත්ත පොතට ගිය එවුන් කොහෙද ලංකාවෙ බ්ලොග් ලියන්නෙ ? වගේ අපිට උත්තර දෙන්න බැරි කතන්දර 🙂 Continue reading “අඩු වියදම් කාර්‍යක්ෂම මී උගුල”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: