Happy New Year 2019 - Low Res

සැමට සුභ නව වසරක් වේවා !

අලුත් අවුරුද්දක් ලබන්නට තියෙන්නේ තවත් හෝරා කිහිපයක් පමණක් නිසා ලබන්නා වූ නව වසර දේස පාළුවන් සහ උන්ට කඩේ යන උන් හැර ඔබ සියළු දෙනාගේම පැතුම් සියල්ල ඉටු වන වාසනාවන්ත නව වසරක් වේවා යයි කණ්ඩා දෙපල ප්‍රාර්ථනා කරනවා.

ඒ හන්ද වැරදි දේවල් එහෙම වැඩිය ප්‍රාර්ථනා කරන්න එපා කියල බොහොම ආදරයෙන් ඉල්ලලා හිටිනවා !

ගිය අවුරුද්දෙදි කණ්ඩා අඬබෙර ගහල උජාරුවට කරන්නට හිතාගෙන උන්නු දේවල් හතරෙන් තුන් පංගුවකටත් වැඩියෙන් කට කයිවාරු මිසක් ඉටු නොවුණ බව කියන්නේ බොහොම කණගාටුවෙන්. ඒ කොහොම නමුත් මෙදා පාරත් බොහොම සන්තෝසයෙන් නව වසරේ පළමුවෙනි කර්තව්‍යය ලෙස පෙර අවුරුදු රාජකාරි ගිණුමේ වන ශේෂයන් මෙම අවුරුද්ද සඳහා පෙරට ගෙන ඒමට කණ්ඩා යෝජනා කරන අතර එය වැඩි ජන්ද එකකින් සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා 😀

එසේනම් සභාවාරය ආයෙත් ලියන්නට ඉස්පාසුවක් ලැබෙන තෙක් කල් තබන්නට අවසරයි 🙂

ඔබ සැමට සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

~ කණ්ඩා !