සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

මැයි 2019

සෝමාලි කතා ~ II කොටස

Djibouti Ambouli International Airport 2

ගුවනේ සමයං සහ ජිබූටි

කණ්ඩව සෝමාලියා පටවන දවස උදා උනා … හාමිනේගෙ නම් මේ ගමනට වැඩි කැමැත්තක් තිබුනෙ නැහැ … හාමිනේල කොහොමත් එහෙමනෙ … එහෙමයි කියල නොයා ඉන්නයැ, රාජකාරිය කියන්නෙ දේවකාරිය. එනිසා පටන් ගත්ත ගමන යනවා ඇරෙන්න ආයිත් අමුතුවෙන් කියන්න තරම් වටිනා දෙයක් විශේෂ දෙයක් සිදු උනේ නැහැ.

ඒ වෙනකොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අන්තර්ජාතික ගුවන් තොටුපොළවල් හතරක් තිබුන ඒ සාජා, ඩුබායි, අබුඩාබි සහ රාස් අල් කයිමා. මේ අතරින් අපේ කොටුව දුම්රියපොළ තරම්වත් නැති රාස් අල් කයිමා ගුවන් තොටුපොළ ඇරෙන්න අනික්වා ගුවන් ගමන් රාශියකට පහසුකම් සලසන කලාපයේ තිබුණු හොඳ මට්ටමේ ඒවා. මේ අතරින් කණ්ඩා ගුවන් යානයට නැග්ගෙ ලෝකෙ තියන කාර්ය බහුලම අන්තර්ජාතික ගුවන් තොටුපලක් වෙන ඩුබායි වලින්. Continue reading “සෝමාලි කතා ~ II කොටස”

සෝමාලි කතා ~ I කොටස

Somalia Flag1

නුබියාව නැතත් සෝමාලියාවට

කතාව පටන් ගන්න කලියෙන් කියන්නෙ මේක පට්ටම කම්මැලි හෑල්ලක්, හේතුව මේ කොටස මගේ මතකයන් අමු අමුවේ වැමෑරීමක් සහ මේ හා සම්බන්ධ සිදුවීම් වලට පසුබිම සැකසීමක් විතරක් වීම. කණ්ඩගෙ ඇෆ්ගන් කතන්දර කියවපු අයට නම් ඒ ගැන අලුතින් විස්තරයක් ලොකුවට ඕන වෙන එකක් නැහැ … නමුත් අලුතින් කියවන අයගේ පහසුව තකා මේ ටික ලිව්වෙ එහෙම නැතිව කතාවෙ අගක් මුලක් නැති වෙයි කියල හිතුන නිසා.

සුපිරි කොම්පැණිය කියන්නෙ කණ්ඩට ජීවිතේ ගැන කියල දීපු, එතෙක් දැනගෙන හිටියයි කියල හිතපු හැම දේම උඩුයටිකුරු කරපු අමතක නොවෙන හොඳ සහ නරක මතකයන් රාශියක් තිලිණ කරපු තැනක්. කොටින්ම බණ්ඩ රට ආව වගේ හිටපු කණ්ඩව වලිගෙ කපල මොඩ් ගොයියෙක් කරපු ආයතනය. කණ්ඩගෙ ජීවිතේ හොඳම කාලය මෙතනට ගෙවුනත් ඒ ගැන පසු තැවිල්ලක් නැත්තෙ ඒ හැම දේම වගේ බෙදා ගන්න හාමිනෙත් හිටපු නිසා. Continue reading “සෝමාලි කතා ~ I කොටස”

ගජ බින්ණාලංකාරයට තවත් ටීකාවක් !

Angry bull cartoon

ඇත්තම කියන්නං මේ කතාව බ්ලොග් එකක කමෙන්ටුවක් විදිහට කොටාපු එකක් …අපි පරිසර හිතකාමී උන්දැල නිසා (කැපුවත් කොළ) ඒකම ප්‍රතිචක්‍රීකරණය කරලා තව ජුණ්ඩක් ආරිච්චි බෝරිච්චි දාල පුම්බල ගත්ත පෝස්ට් එකක් විදිහට. එතකොට අර මුලින් කිව්ව බ්ලොග් පෝස්ට් එක ? ඒ චේතිය රජ්ජුරුවන්ගෙන් පැවත එන පරම්පරාවෙ අපේ කාලයේ දැවැන්ත පුරුකක් වෙන දැතිහුලහ විසින් ලියන්නට යෙදුණ ගජ බින්ණාලංකාරයේ වැනුමක්. ඉතිං ඔය නිකන් ඉන්න මටත් හිතුන මගේ සත දෙකත් ඕකටම එකතු කරන්න.

කියවන්න පටන්ගන්න කලියෙන් මේවත් මුචලින්ද නාග රාජය සීල් ගහල සහතික කරපු සැටිපිකෙට් ඇත්ත බව ඔය ඇත්තො හැමෝම සිහි තබා ගත්තොත් හොඳයි. එහම් නැත්තං ඔය එක එකාලා කට කැඩිච්චි කතා කියාගෙන එනකොට උත්තර දෙන්න වෙලාවක් නැහැ. Continue reading “ගජ බින්ණාලංකාරයට තවත් ටීකාවක් !”

හාමිනේලාගේ කතා වස්තුව ~ V කොටස

Appa - Hoppers 1

රස ආප්ප සහ රස වතුර

වර්තමානයේ ඉතිරි වෙලා ඉන්න වානර විශේෂ ඉන්නව නේද … “ඔරන්උටං” (Orangutan) , “ගෝරිල්ලො” (Gorilla), චිම්පන්සියො (Chimpanzee) සහ අනිත් වඳුරෝ වගේ නෙමෙයි ලෝකෙටම ඇණයක් වෙලා ඉන්න අර මයිල් නැති වානරයො සෙට් එක … එක එක පාටට සයිස් එකෙන් හිටියට මුන් ඔක්කොම “හෝමෝ සේපියන්ස්” (Homo sapiens) කියලනෙ පොදුවේ හඳුන්වන්නෙ.

ඒත් එහෙමත් මදි, ඔය අලගිය මුලගිය තැන් හොයන්න තියන කැසිල්ල නිසා තමයි අපිට ඉස්කෝලෙ යන කාලෙ නීග්‍රොයිඩ් (Negroid), මොන්ගොලොයිඩ් (Mongoloid) සහ කෝකසොයිඩ් (Caucasoid) කියල තව අනු වර්ග තුනක් ඉගැන්නුවෙ.

හැබැයි නුතන මානව විද්‍යාව ගත්තහම සමාජය හිතන ආකාරයේ වෙනස්කම්, වර්ගවාදී බවින් මිදිල මේ දිහා බලන්න පුළුවන් සමාජීය, ජෛව විද්‍යාත්මක සහ භාෂාමය විධික්‍රම දැන් තිබෙන නිසා දැන් මේව භාවිතයෙන් ඈත් වුණු යල් පැනගිය බෙදීම්. නමුත් උ.බු.ජ. (උගත් බුඩ්ඩිමත් ජනතාව) අතුරින් මංතුමා වගේ පුෂ්ටිමත් පුද්ගලයෙක්ට ඔය බෙදන වැඩේ බාර දුන්න නම්  ඕක බෙදන්නෙ “සරම් & චීත්ත” කියල විතරයි. Continue reading “හාමිනේලාගේ කතා වස්තුව ~ V කොටස”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: