මරණයක උණුහුම
කඳවුරේ ඒ වෙනවිට හිටපු අනෙකුත් සගයන් හමු වීමෙන් අනතුරුව රමන් නැවත කාර්යාලයට ගිය නිසා එදින කරන්නට වෙනත් වැඩක් නොතිබුණ මම මුළුතැන්ගෙය වෙත යන්නට පිටත් උනා. ඒ යන අතරෙතුරේ කඳවුර මැද සාරෙට හැදිල තිබ්බ තුරු ගොන්නට හිත ගියේ ඉබේමයි, ඒ වෙනකොටත් එතන ප්ලාස්ටික් පුටු කිහිපයක් තියල තිබුන නිසා ගිමන් නිවාගන්න පංකාදු තැන.
කණ්ඩගේ සෝමාලියා ගමන යෙදිල තිබ්බ වකවානුවේ උෂ්ණත්වය සෙල්සියස් 32-35 තරමට තිබුනත් හිටපු ප්‍රදේශයේ ආර්ද්‍රතාවය වැඩි අගයක් නොගත්ත නිසාදෝ හෙවනකට උනහම වායු සමනය නැතත් සැප පහසුවට ඉන්න පුළුවන්. නමුත් ඉර මුදුන් වෙච්ච වෙලාවට නම් තරමකට රස්නෙයි. Continue reading “සෝමාලි කතා ~ IV කොටස”