සෝමාලි කතා වගේ කතා හෙවත් වාලුකාවේ කුසුම
සෝමාලි කතා ඉවර කරල ආපහු හැරිලා බලනකොට තමයි මතක් උනේ .. ඒ කතා ඉවරයි කිව්වට ඉවරම නැහැ කියල. කණ්ඩා සතුව සෝමාලියාවට සම්බන්ධ තවත් ඉවර නොකරපු කතන්දරයක් තියෙනව. ඒ වෙන මොනවත් නෙමෙයි හම්බ වෙලා දැනට අවුරුදු 3 – 4 ක් වෙලත් කියවන්න පටන් අරන් අරගෙන අතරමග නවත්තල කුඩම්මාගේ සැලකිලි ලබමින් මගේ පොත් රාක්කයේ කොනකට වෙලා දුක් විඳින “කාන්තාරයේ කුසුම” පොත.
රංජිත් කුරුප්පු විසින් පරිවර්තනය කරන ලද මෙම කෘතිය කැත්ලීන් මිලර් (Cathleen_Miller) සහ වරිස් දිරී (Waris Dirie) විසින් රචිත Desert Flower කෘතියේ පරිවර්තනයක්. ප්රසිද්ධ සෝමාලි ජාතික සුරූපී මෝස්තර නිරූපිකාවක්, සමාජ ක්රියාකාරිනියක් සහ නිළියක් වන වාරිස් දිරීගේ චරිතාපදානයක් ලෙස ලියවුණු මෙය 1998 ප්රකාශයට පත්කරන ලදුව ලොව පුරා අතිශයින් ජනප්රියත්වයට පත් උනා. පසුව 2007 දී මෙය සිංහලට පරිවර්තනය කරනු ලබනවා. Continue reading “සෝමාලි කතා ~ VII කොටස”