සීතගෙ දේවාලෙට රිංගපු හනුමා
මුලින්ම කියන්න ඕන මේ මගේ අත්දැකීම් සහ දැක කියවා තියෙන දේ සංවාදය උදෙසා අකුරට පෙරළීමක් පමණක් බව, ඒ ඇරෙන්න අපේ දේ පහත් කිරීමේ හෝ හෙලා දැකීමේ වෙනත් සැඟවුණු ඇජෙන්ඩාවක් කණ්ඩට නැහැ.
මම මින් බලාපොරොත්තු වන්නෙ කවුරු හෝ කියවන කෙනෙක් වෙනස් විදිහට හිතන්න සහ ඇත්ත දකින්න පෙළඹෙයි කියන එක විතරයි. මෙයින් ආගම් සම්බන්ධ යම් සංස්කෘතික ඇදහිලි වලට පහර වදිනවා නම් ඒ ඇස් ඇරිලා සත්‍ය එළිපිටට පැමිණීමක් පමණයි. නමුත් අප කිසිමදාක ආගමික සාහිත්‍ය පරම සත්‍ය ලෙස පිළිගැනීමට අවශ්‍ය නැහැ. එය බුද්ධාගම, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ඇතුළු අනෙකුත් අටෝරසියක් ආගම් සියල්ලටම පොදුයි.
කණ්ඩා සකල සිරින් පිරි සිරි ලංකාවෙන් පිටතට අඩිය තිබ්බෙ ඔටු දේසෙකටනෙ ඉතිං එහෙම ගොඩ බැහැල හා හාපුරා කියල රාජකාරි කරන්න පටන් ගත්තෙ “සුපිරි” කොම්පැණියෙ … මේ ගැන පරණ කතා කියවාපු උදවිය නම් දන්නවනෙ … නමුත් පටන් ගත්ත තැනම මේ ගැන පොඩි ඇඩ් එකක් දැම්මෙ කියන්න යන කතාවට මග පාද ගන්න. මොකද මේ කියන කතාවට අඩි තාලම වැටෙන්නෙ ඔය කියාපු සුපිරි කොම්පැනියෙදි. (කතාව මට මතක් උනේ කැලුම් නොහොත් ලොකුපුතා කොලුව අටම්පහියට දාපු කමෙන්ට් එකක් නිසා) Continue reading “රාම-රාවණ සංග්‍රාමය ~ I කොටස”