සුලෝහිත මහා වක්පොලු කෙළිය සහ තවත් කතා
ලියනවා කියන්නෙ අමාරුවෙන් නොකඩවා පවත්වාගෙන යන්න අවශ්‍ය පුරුද්දක් … පොඩි හරි විරාමයක් ගත්තහම ලියන්න තියෙන ආසාව සහ උනන්දුව නැති වෙලා යනව. එහෙම උනහම ආපහු ලියන්න පටන් ගන්න හරි අමාරුයි, ලියන ඇත්තො මේක දන්නව. තවමත් ඉඳහිට හරි ලියවෙන බ්ලොග් අඩවි කිහිපයෙන් එකක් වෙන තිලක සිත ලියන තිලකසිරි මහත්මය ඔය ලෙඩේට දුන්න නම් තමයි “කංකානම් අඩය” කියල … බොරුනම් ගිහිල්ල කියවල බලන්න. ඒක හදාගෙන තියෙන්නෙ Writer’s Block කියන සුද්දගෙ පදේ හෙළුවට පෙරළලා අරගෙන.
පහු ගිය ටිකේ විවිධ හේතු නිසා මටත් ඔය කියන අඩේ තදටම වැදිල තිබ්බ. ඔය අඩේ ගලවන්නෙ කොහොමද කියල හිත හිතා ඔලුව කහමින් ඉන්නකොට තමයි පොටක් පෑදුනේ. හීනියට උනත් පොඩි පහේ පම්පොරියක් ගහන්න අවස්ථාවකුත් ඒකෙන්ම උදාවෙනව, මොකද අපි හැම තිස්සෙම සරල, නිහතමානී සහ අල්පේච්ච වෙන්න හොඳ නෑ .. (මතකනේ එහෙම එකෙක්ට උඩම පුටුවට යවල උන් හරිය). Continue reading “වක්පොලු කතා වස්තුව ~ V”