ජංජාල අංජබජල් සහ ඉට් ඉස් අ ලැට්
ආයෙමත් ගෙවල් මාරු කරනකොට සිද්ධ උන අකරතැබ්බයක් ගැන කතාවක් මතක් උනා … නෑ … නෑ … හිත යන යන විදිහට ඇඳුම් මාරු කරන්නැහේ ආයෙත් ගෙවල් මාරු කරේ නැහැ … මේකත් ගිය පාර වෙච්ච සංගදියක්ම තමයි. එදා පොටේ කාපු කට්ට මතක් වෙනකොට අම්මපා ආයෙ නං ගෙවල් මාරු කරන්න අදහසකුත් නෑ .. එහෙනං ඕං අහගන්ටකො ඉතිං.
ගෙවල් මාරුවට ලෑස්ති වෙලා ඉන්න අස්සෙ අලුත් බිල්ඩිමේ මුරට හිටිය හාදය බලෙන්ම ඇඟේ ගැහුව අඩු ගානට තියෙන අන්තර් ජංජාල පැකේජ් එකක් ගැන විස්තර තියෙන තුණ්ඩු කෑල්ලක්. කෝල් එකක් දීල ඔය ගැන ඇහුව කියල ඇඟෙන් ඇටයක් යනවයි, ඉතිං කණ්ඩත් ඒ හෝඩුවාව ඔස්සෙ නිකමට “ඉට් ඉස් අ ලැට්” කොම්පැනියෙ අලෙවි ප්රවර්ධන හෙවත් සේල්ස් ඒජන්ත මහත්තයෙක්ට කතා කරල ඇහුව අලුතෙන් තියෙන පැකේජ් මොනවද කියල. Continue reading “ගෙවල් මාරුව II කොටස”