ආසයි අම්මේ
වැටෙනා වාරක් පසා
හැකිනම් ඔය අතැඟිලි අල්ලන්නට …
දැනුනා සෙනෙහස
ඔය අතගිලි ගැටෙනා විට …
දැවුනා මගේ සිත
ඔබ තනි කර යන විට …
සාමාවෙන්න මට
යලි ඔබ දකිනා තුරු …

පුංචි කාලේ මම
දුව පැන ඇවිදින විට …
තරවටුවට අල්ලන
මගේ අත …
අද වේවුලයි
මාගේ අත උඩ …
හැඬුනා මගේ ආත්මයම
ඔය ලස්සන අත් මැද …

~ ජීවිකා !