මාස්ක්වාදය වැළඳ ගැනීම
හාමිනේට වගේම උන්දැලාගේ පවුලේ උදවියටත් ජෙප්පන් නයාට අඳු කොළ වැනිය, පුටින්ට චෙච්නියන්කාරයන් වැනිය … හේතුව දැනට තිස් අවුරැද්දකට කලින් හාමිනේගේ මව ඝාතනයට පැමිණි රතු සහෝදරවරැ ඇය සොයාගත නොහැකි වූ තැන නිවැසියන් ඉදිරිපිටදීම නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා යාමයි. එහෙව් එකේ ජෙප්පන් කළ කී දෑ මතක තියෙනා එළඹි සිහියෙන් යුතු සියළුදෙනාට ජෙප්පන් මෙන්ම මාස්ක්වාදයත් ඇලජික්ය.
නමුත් පවතින කොරෝනා තත්වය ඒ හැම දෙයක්ම උඩුයටිකුරු කර අවසානය. මාස්ක්වාදය කෙරේ එතරම් කළකිරීමක් සහ වෛරයක් ඇත්තවුන්ටද අවසානයේ මාස්ක්වාදය වැළඳ ගැනීමට සිදු වීම ජීවිතයේ තවත් එක දරැණු අයිරනියකි. මාස්ක්වාදයේ පරාද කිරීමේ පරම අදිටනින් පනස් අවුරැද්දකට අධික සීතල යුද්ධයක නිරත වුණු මහා බල සම්පන්න ඇමරිකාවට පවා අවසානයේ මාස්ක්වාදය වැළඳ ගන්නට වූ කල අපි වැනි හුදී ජනයා ගැන කවර කතාද? Continue reading “හාමිනේලාගේ කතා VII”