IMG_7067

මාස්ක්වාදය වැළඳ ගැනීම

හාමිනේට වගේම උන්දැලාගේ පවුලේ උදවියටත් ජෙප්පන් නයාට අඳු කොළ වැනිය, පුටින්ට චෙච්නියන්කාරයන් වැනිය … හේතුව දැනට තිස් අවුරැද්දකට කලින් හාමිනේගේ මව ඝාතනයට පැමිණි රතු සහෝදරවරැ ඇය සොයාගත නොහැකි වූ තැන නිවැසියන් ඉදිරිපිටදීම නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා යාමයි. එහෙව් එකේ ජෙප්පන් කළ කී දෑ මතක තියෙනා එළඹි සිහියෙන් යුතු සියළුදෙනාජෙප්පන් මෙන්ම මාස්ක්වාදයත් ඇලජික්ය.

නමුත් පවතින කොරෝනා තත්වය ඒ හැම දෙයක්ම උඩුයටිකුරු කර අවසානය. මාස්ක්වාදය කෙරේ එතරම් කළකිරීමක් සහ වෛරයක් ඇත්තවුන්ටද අවසානයේ මාස්ක්වාදය වැළඳ ගැනීමට සිදු වීම ජීවිතයේ තවත් එක දරැණු අයිරනියකි. මාස්ක්වාදයේ පරාද කිරීමේ පරම අදිටනින් පනස් අවුරැද්දකට අධික සීතල යුද්ධයක නිරත වුණු මහා බල සම්පන්න ඇමරිකාවට පවා අවසානයේ මාස්ක්වාදය වැළඳ ගන්නට වූ කල අපි වැනි හුදී ජනයා ගැන කවර කතාද?

ඉදින් කොරෝනා වසංගත තත්වය පැතිර යාම ආරම්භ වී දෙමසකට ආසන්නව මාස්ක්වාදය ප්‍රතික්ෂේප කණ්ඩා දෙමහල්ලන්ටද මොන දේශපාලන මතයක හිටියත් අන්තිමට අත් උනේ ඒ ඉරණමමය. කණ්ඩාගේ අනෙකුත් පල් හෑලි සේම ඒකත් තරමක දිග කතාවකි. දිගෙන් දිගට කියාගෙන යනකොට මුල මැද අග ගලපා ගැනීම කියවන අයගේ රාජකාරියකි.

දැනට හත් අවුරැද්දකට පෙර රස්සාවෙන් ඉවත් වූ හාමිනේ පූර්ණ කාලීන රාජකාරි වශයෙන් තෝරාගත්තේ බේබි සිටිං සහ දත් දොස්තරකමයි. පොඩි එවුං නැති ගෙදර කණ්ඩාට දණ ගාන්නට උනත් ලැබෙන සැප සලකා ඒ ගැන කරන්නට පැමිණිල්ලක් නැත. නමුත් දත් දොස්තර වැඩේටත් හාමිනේ තෝරා ගත්තේද කණ්ඩාම බැවින් මේ වනවිට හක්කේ දත් ඉතිරි වී නැති බව පවසන්නේ මහත් වූ සංවේගයෙනි.

නමුත් “What goes around comes around “ කියා රවුන්ඩ් අබවුට් එකක් වටේ යමින් සිටි සුද්දෙක් කියා ඇතිවා මෙන්ම අපේ දත් දොස්තරතුමියටද දත් දොස්තර මුණ ගැසීමට යාමට කරැණු කාරණා උදා වූයේ දෛවෝපගතවය. ලෝකෙට පේන්න තවුසන්ඩ් ටෝක්ස් දීගෙන කවුරු කවුරුත් කටින් බයකරගෙන හිටියද අපේ දත් ඩොකී දන්ත සායනයට යන්න වෙනවාට ගූ බයය … එනිසා දැනට හය මාස කිහිපයක් තිස්සෙ නොයෙක් නිදහසට කාරණා දෙමින් මග හැරිය මේ ගමන අවසානයේ කොරෝනා අල්ල පනල්ලේම කරන්නට සිදු උනේ අවාසනාවටය.

IMG_7061අප වාසය කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වන විට හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ගණන 1,500 ද පන්නා ඇති බැවින් අවදානමට පෙර සුදානම වැදගත්ය එනිසා ගෙයින් එළියට බහිනාවිට මාස්ක්වාදයට අවනත වනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. එහෙයින් මෙතෙක් කල්  කොරෝනා තරමටම පිළිකෙව් කල මාස්ක් හෙවත් මුඛවාඩම් පැළඳීමට කණ්ඩා දෙමහල්ලන්ටද සිදුවිය.

රෝහලට ඇතුළු වන සියල්ලන්ම ශරීර උෂ්ණත්ව පරික්ෂාවකට සහ ඒ හා අදාළ සරල ප්‍රශ්න කිහිපයකට මුහුණ දීමට සිදුවේ. එතැන් සිට පැයකට පමණ සිමා වූ මාස්ක් පැළඳීමේ අපහසුව අප දෙදෙනාට දැනුනේ දවසක් තරම් දිගටය …  රෝහල් වල සේවය කරනා සහ අනෙකුත් සේවකයන් දවස පුරා කෙසේ මාස්ක් පැළඳ සිටිනවාද යන්න කණ්ඩාට තේරෙන්නේ නැත.

දත් ඩොකී ඉස්සරහ හාමිනේ නටාපු නාඩගම් ඇරෙන්නට සිදු වූ අනෙක් විශේෂතම සිදුවීම අප ගිය ඩුබායිහි නව සුලේඛා රෝහල් ගොඩනැගිල්ලේ  බිම් මහ සහ පළවෙනි මහලේ අලංකරණයට ප්‍රදර්ශනය කර ඇති සිතුවම් රාශියක් ඉන්දික විජේවර්ධන නම් ශ්‍රී ලාංකික සිත්තරෙක්ගේ නිර්මාණ බවට කණ්ඩාගේ ඇහැ ගැටීමය. ශිල්ප කාලා නිදි කණ්ඩා චිත්තර කර්මාන්තය ගැන දන්නා ඉටි ගෙඩියක් නැතත් ඒ පින්තූර ඇහැට ප්‍රිය මනාපය එතෙක් කල් යමින් එමින් අතරමග දුටු නිර්මාණ  වඩාත් කිට්ටුවෙන් රසවිඳීමට හැකි උන එක ගැන සතුටුය.

හාමිනේගේ දත් කැක්කුමට පින් සිද්ධ වෙන්න එලියට බැස්සත් ඒ ඇරෙන්නට ජීවිතය හොඳටෝම කම්මැලිය. දැනට සතියක කාලයක් පුරා වර්ග අඩි හාර පන්සීයකට කොටු වී සිටීම තරම් එපා කරපු දේ කණ්ඩා අත් දැක ඇති නම් ඒ ඉතාමත් අල්පයක් විය යුතුය. මේ කොටුවීම තව කොයි කාලයක් ඇදේවිද යන්න දන්නේ නැත. වසර දහයක් තිස්සේ හීන දකිමින් සැලසුම් කළ ඇවිදින ජොනී අයියගේ රටේ සංචාරය මෙන්ම එයට යට කළ දෙයියන්ගේ මල්ලිද ආගිය අතක් නැත … ඒ සියල්ල අමතක කරත් පෙර සංචාර කරපුවායේ පින්තූර බලමින් හුල්ලනවාට වඩා කරන්න දෙයක්ද නැත.

ඉවසපන් පපුව ඉවසපන් … කොරෝනා උනත් හැමදාම තියෙන්නෙ නැහැ … මේ වෙලාවෙ … #StayTheFuckHome !

~ කණ්ඩා !

පෙර ලිපි :