කොරෝනා ගැන මුල් වරට කණ්ඩා දෙපල දැනුවත් වූයේ මේ වසරේ ජනවාරි මාසය මුල. ඒ වනවිට රෝගයේ බරපතලකම ඉස්මතුව නොතිබුණු නිසාවෙන් මුල් තැන ලැබුනේ පෙර පරිදිම සාමාන්‍ය ජිවන රටාවක් පවත්වාගෙන යාම කෙරෙහි තමයි. එබැවින් අපි මාස කිහිපයක් තිස්සේ තවත් මිතුරු යුවලක් සමග සැලසුම් කළ සිංගප්පූරු සහ ඉන්දුනීසියානු සංචාරය පැතූ අයුරින්ම අහවර කළේ කොවිඩ් -19 සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු වරට වාර්තා වීමට සමගාමීව.
වාසනාවකට ඇබද්දියකින් තොරව ගමන අහවර උනත් අපගේ ඊළඟ අවධානය යොමු උනේ ඒ වන විටත් ලහි ලහියේ එමීර් රාජ්‍යයේ සංවිධානය වෙමින් පැවතුණු අප විද්‍යාලයීය වාර්ෂික සංගීත සැඳෑව පිලිබඳව. එහිදීත් වේගයෙන් පැතිරෙන කොරෝනා වෛරසය තත්වය පිළිබඳව අවධානය යොමු වූ හැමවිටම කණ්ඩාගේ මතය වූයේ සුද්දා කිව්වා විදිහටම “Show Must Go On!” කියල. ඒ මේ වසංගතයේ බරපතලකම ගැන කණ්ඩා දැරූ අවතක්සේරුවේ තරම, එහෙම බැලුවම අපි ගොඩ දෙනෙක් එකම බෝට්ටුවේ. Continue reading “කොරෝනා මළ මඟුල්”