සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

අගෝස්තු 2020

පරිප්පුවන්ගේ කතා ~ V කොටස

Late to School

පමා නොවී එමි අකුරට මෙයින් මතු …

මේ දවස් වල අපේ කන්තෝරුවෙ ෆේස්බුක් සහ බ්ලොගර් දෙකම බ්ලොක් කරල, හෙඩ් ඔෆිස් ඉන්න IT අගමැතිලගෙ මෑණියන්දැල සෙට් එකටම නොනවත්වා හච්චින් යනව ඇති ෂුවර් එකටම. මේ දවස් වල වැඩත් අඩු එකේ දවස ගෙවා ගන්න බැරිව හතේ හත වැදිල ලියන්න දෙයක් ගැන හිතමින් ඉන්න අතර ආයෙත් ඉස්කෝලෙ කාලෙ මතක් උනා. කණ්ඩගෙ ඉස්කෝලෙ කාලෙ ඔය හැමෝම කියන තරම් සුන්දර නැතත් ලියන්න කතා වලින් නම් දෙයියන්ගෙ පිහිටෙන් කිසි අඩුවක් නැහැ. Continue reading “පරිප්පුවන්ගේ කතා ~ V කොටස”

උයන්පුර සංචාර ~ III කොටස

Camel Race with Jockey

බෙදූ, ඔටුවෝ සහ ඔටුපොළවල්

පහුගිය සතියෙ නැවැත්තුවෙ අල් කට්ටාරා සහ අල් ජිමී ක්ෂේම භුමි වලට ගොඩ වැදුන ගමන සහ ඒ අවට තියෙන වැදගත් තැන් ගැනනෙ. අද කතාව පටන් ගන්න හදන්නෙ ඔටුවන්ගෙන්, ඔටුවන්ගෙ රටේ සවාරි ගහනකොට ඔටුවො ගැන කතා නොකර කොහොමද ? නෑ … නෑ … මේ කියන්නෙ කකුල් දෙකේ එවුන් ගැන නෙමෙයි හතරෙ එවුන් ගැන. කකුල් දෙකේ එවුන් ගැනත් කියවන්න ඕන නම් මැදක් නැති පෙර දිග සහ ගං ඔටුවා සහ රජ ඔටුවා ලිපි බලන්න.

අද කතාවට වස්තු බීජය වෙන්නෙ ක්ෂේම භුමියෙන් පිටත් උනාට පස්සෙ අපේ මීළඟ නැවතුම උන ඔටුවො වෙළඳාම් කරන කඩ මණ්ඩියක් (Camel Souq/Market). මුලදි කතන්දරේට ප්‍රවේශයක් විදිහට බොහොම කෙටියෙන් ලියල අහවර කරන්න හිතුවත් පස්සෙ තේරුම් ගත්ත ඒක ඔටුවන්ට කරන අසාධාරණයක් කියල. ඒ හන්ද ඔටුවො ගැන සත්ව කරුණාවෙන් යුතුව ටිකක් දිග විස්තරයක් ලිව්වට අන්තිමට නොදැනිම ඒක පතරංගයක් වෙලා. දිග නිසා කියවන්න කම්මැලි ඇති ඒත් ආපු එකේ ඔන්න ඔහේ කියවලම යන්න. Continue reading “උයන්පුර සංචාර ~ III කොටස”

උයන්පුර සංචාර ~ II කොටස

Al Qattara Oasis

අල් කට්ටාරා ක්ෂේම භූමිය

මේ ගමනේ පළවෙනි දවසෙ සැලසුම අලේන් නගරය කිට්ටුව තියන අල් කට්ටාරා (Al Qattara) සහ අල් ජිමී (Al Jimi) ක්ෂේම භුමි වල රවුම් ගහල අහවර වෙලා ඔටුවො විකුණන කඩ මණ්ඩියකටත් ගොඩ වැදිල (ඔව් .. ඔව් .. නෑදෑයො බලන්න තමයි) ජෙබෙල් හෆීත් (Jebel Hafeet) කියන එහෙමත් නැතිනම් හෆීත් කන්ද උඩත් රවුමක් ගහන්න (අරාබි බසින් ජෙබෙල්  කියන්නේ කන්ද). එදා නවතින්න තීරණය කරේ හෆීත් කන්දෙම මැදක් දුරට වෙන්න තියෙන බොහොම නිස්කලංක හෝටලේක (Mercure Grand). මේ ගැන වෙනම දවසක විස්තර අරගෙන එන්නම්. Continue reading “උයන්පුර සංචාර ~ II කොටස”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: