සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

මාසය

පෙබරවාරි 2021

II කොටස ~ භූතරණ උමතුව

පාරෙන් පිට පැනීම සහ අවලම්බන

දැන් ඉතින් මේ මොන අවලම්බනයක්ද කියල අහන්න එපා, අද ලියන්න බලාපොරොත්තු වෙන්නෙ රෝද සහ සස්පෙන්ෂන් සම්බන්ධයෙන් අපේ ගමන් සගය වෙන FJ කෘසරේට කරපු වෙනස්කම් වෙනස්කම් කිව්වෙ වැඩි දියුණු කිරීම් මිස කෙනෙහිලි නෙමෙයි හොඳේ ) සහ අදාල නිධාන කතාව. කවදාවත් ලොකුවට හිතුවෙ නැති උනාට සස්පෙන්ෂන් කියන සුද්දගෙ පදේ හෙළුවෙන් වනන්නෙ කොහොමද කියල හෙමිහිට අන්තර් ජංජාලය පීරල බලනකොට තමයි ඔය අවලම්බන පද්ධතිය කියන හරුපෙ හමු උනේ. රෝද හතර වාහනේට එල්ලල තියෙන අංගෝපාංග වලට කියන්න වෙන නමකුත් නැති හන්ද නමේ ලොකු අවුලක් නෑ. ඒත් ඩිංගක් විතර හෙළ අවුල් සහ සර්වලෝක පූට්ටු (Universal Joint) ගතියක් එන්න ඉඩ තියෙන නිසාත් මම ආර්යසේන ආශුබෝධ නොවෙන නිසාත් සස්පෙන්ෂන් කියල දන්නා සිංහලෙන්ම කියන්නම්.

වාහනයක් උනහම ගැස්සෙන්නෙ පෙරලෙන්නෙ නැතිව යන ගමනක් පහසුවෙන් යන්න පුළුවන් වෙන එක තමයි සැප පහසුව තීරණය කරන ලොකුම කාරණාව. ඒකට වග කියන්න ඕන ඉතිං වාහනේ රෝද සහ සස්පෙන්ෂන් පද්ධතිය නිසා හැමදාම පාරෙන් පිට පනින්න බලන් ඉන්න අපිට FJ යන්තරේ ගැන අමුතුවෙන්ම හිතන්න උනා. මේකට ප්‍රධාන හේතුව කණ්ඩා විප්‍රවාසීව ඉන්න ඔටු දේසෙ ටොයොට ඒජන්ත තැන වෙන “අල පුටයිං” කොම්පැණිය වාහනේට කරපු හදි හූනියමක්. වාහනේ ගෙදර ගෙනත් යකා වගේ පාක් කරල තිබ්බට මොකද බරපතල වැඩ ගන්න තහනම්.

Continue reading “II කොටස ~ භූතරණ උමතුව”

හායි කොරෝනා … බායි කොරෝනා !

රට බේරාගත් දේශ හිතේෂි, දේශ මාමක සුදු සූට්ධාරී රට රකින විරුවන් සහ උන්ට කඩේ යන රට වැසියන් නිදහ ස’ සමරද්දී කණ්ඩා දෙමහල්ලන් වෙනස්ම ආකාරයක නිදහසක් සමරන බව කියන්නේ හද පිරි සතුටිනි. ඒ දෙසතියකට කලින් (ජනවාරි 14) සිදු කළ PCR පරික්ෂාව පොසිටිව් උන දා සිට අල්ලපු චීන කොරෝනා ජල්ලි ඇල්ලීම පෙරදා ලැබුණු නෙගටිව් PCR ප්‍රතිපලයත් සමග නිල වශයෙන් අවසන් වූ නිසාය. මේ අබග්ගයන් අතරතුර සිදු වූ සියල්ල මගේ සහෝදරයාත් හාමිනේගේ අක්කාත් මිතුරන් කිහිප දෙනෙක්ද හැරුණුකොට ගෙවල් දොරවල් වලින් වසන් කර තබා ගැනීම අප කළ නුවණැතිම දේය, නැතිනම් මේ සියල්ල නිම වන තුරු ඒ සියලු දෙනාත් හිතේ ගින්දරින්ය.

කොරෝනා වැළදෙන්න කෙල කෝටියක් විධි තිබුණත් කණ්ඩා කොරෝනා ගෙදර ගෙනාවේ කන්තෝරුවෙන්ය. රෝගය පැතිරෙන්න පටන් ගත්තේ කණ්ඩාත් සමග අල්ලපු මේසයේ රාජකාරි කරන සගයාගෙන්ය. පිළිකාවක් සමග කළ යුද්ධයකින් ජයගෙන නැවත සුව අතට හැරෙමින් සිටිනා ඔහු කොරෝනා සම්බන්ධයෙන් කන්තෝරුවේ අන් සියලු දෙනා අභිබවා ප්‍රවේශම් වුයේ ඔහුගේ ප්‍රතිශක්තිය අඩු බව දන්නා නිසාය. නමුත් ඒ අහිංසකයා ගත් සියළු ආරක්ෂිත පියවර වලට කොකා පෙන්වූ කොරෝනා කන්තෝරුවේ සහ ඔවුන්ගේ පවුල් වල අය දුසිමකට එහා පිරිසක් තම ග්‍රහණයට ගන්නට සමත් විය. Continue reading “හායි කොරෝනා … බායි කොරෝනා !”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: