දිගු ගමනක පිය සටහන් !

තිස් අවුරුද්දක් පුරාවට අමාරුවෙන් ඉතිරි කරගත්ත මතක සටහන්, බොඳ වෙලා යන්න කලින් බෙදා හදා ගන්න තියන හොඳම වේදිකාව තමයි බ්ලොග් එකක්  ලියන එක.

ඔය අතරේ කම්මැලිකම මකා ගන්නත් එක්ක අපි හුඟ දෙනෙක් දන්න කාර් පිස්සුව බ්ලොග් එක කියව කියව ඉන්න ගමන් අවරුදු ගණනාවකට පස්සේ මමත් අන්තිමට තීරණය කරා බ්ලොග් කට්ටක් හදනවා කියල !

ඉතින් නොයෙක් සංචාරක සටහන්, රට තොට විත්ති, යාන වාහන සහ විවිධ අත්දැකීම් සමඟ හිත ගිය බොහෝ දේ බෙදා හදා ගන්න තමයි මේ වෑයම.

මේ සමගම ඔබේ යෝජනා, අදහස් සහ නොයෙක් සාධනීය චෝදනා සියල්ල සතුටින් බාර ගන්න සැදී පැහැදී ඉන්නවා !

ලියපුවයේ පරහකුත් මගේත් එක්ක අමනාපයකුත් නැත්නම් කොමෙන්ටුවක් හරි ලයික් එකක් හරි දමල සහයක් දක්වන්න අමතක කරන්න එපා.

අමාරුවෙන් කාලේ කමින් බොසාටත් හොරෙන් හැංගී හැංගී කුරුටු ගානකොට, පිටට පොඩි තට්ටුවක් වැටෙනවා කියන්නේ බොහොම හිත සතුටු වෙන කාරණයක් !

~ කණ්ඩා !