බෙදූ, ඔටුවෝ සහ ඔටුපොළවල්
පහුගිය සතියෙ නැවැත්තුවෙ අල් කට්ටාරා සහ අල් ජිමී ක්ෂේම භුමි වලට ගොඩ වැදුන ගමන සහ ඒ අවට තියෙන වැදගත් තැන් ගැනනෙ. අද කතාව පටන් ගන්න හදන්නෙ ඔටුවන්ගෙන්, ඔටුවන්ගෙ රටේ සවාරි ගහනකොට ඔටුවො ගැන කතා නොකර කොහොමද ? නෑ … නෑ … මේ කියන්නෙ කකුල් දෙකේ එවුන් ගැන නෙමෙයි හතරෙ එවුන් ගැන. කකුල් දෙකේ එවුන් ගැනත් කියවන්න ඕන නම් මැදක් නැති පෙර දිග සහ ගං ඔටුවා සහ රජ ඔටුවා ලිපි බලන්න.
අද කතාවට වස්තු බීජය වෙන්නෙ ක්ෂේම භුමියෙන් පිටත් උනාට පස්සෙ අපේ මීළඟ නැවතුම උන ඔටුවො වෙළඳාම් කරන කඩ මණ්ඩියක් (Camel Souq/Market). මුලදි කතන්දරේට ප්රවේශයක් විදිහට බොහොම කෙටියෙන් ලියල අහවර කරන්න හිතුවත් පස්සෙ තේරුම් ගත්ත ඒක ඔටුවන්ට කරන අසාධාරණයක් කියල. ඒ හන්ද ඔටුවො ගැන සත්ව කරුණාවෙන් යුතුව ටිකක් දිග විස්තරයක් ලිව්වට අන්තිමට නොදැනිම ඒක පතරංගයක් වෙලා. දිග නිසා කියවන්න කම්මැලි ඇති ඒත් ආපු එකේ ඔන්න ඔහේ කියවලම යන්න. Continue reading “උයන්පුර සංචාර ~ III කොටස”