සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

වර්ගය

මැදක් නැති පෙර දිග

මැදක් නැති පෙර දිග / Middle East

මස්කට් කතන්දර ~ II කොටස

Al Wajaja Border Post

සාජා සිට මස්කට් වෙත …

අපායට ගියත් කලින් යන්නට ඕනෑ යයි කියමනක් කණ්ඩා අසා තිබේ, එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම එය අකුරටම පිළිපදින්නේ ඉන් අත්වන වාසි අත්දැකීමෙන් දන්නා නිසාය.

මස්කට් බලා යන ගමනේත් වැඩි වෙනසක් නැත, අපායටත් කලින් යන්නට උවමනා නම් රටතොට බලන්නට යන විනෝද ගමනකට එයිටත් කලින් පිටත් නොවන්නට කිසිම හේතුවක් නැත්තේය. Continue reading “මස්කට් කතන්දර ~ II කොටස”

මස්කට් කතන්දර ~ I කොටස

muscat-galore

මස්කට් රස සොයා …

මස්කට් කී පමණින් සිරි ලාංකිකයින් වන අපගේ කටට කෙළ උනන්නේ නිතැතිනි, ඒ එදිනෙදා ජීවිතයේදී අප දන්නා මස්කට් යනු අතිශය රසවත් රසකැවිල්ලක් වීමයි.

මේ පිලිබඳ කණ්ඩාගේ මතකයන් “බොම්බේ ස්වීට්ස්” හෝ “ස්වීට් හවුස්” තෙක් දිව යන්නේය, “බොම්බේ ස්වීට්ස්” ලෙස පොදුවේ හැඳින්වූ මෙම රසකැවිලි නිතරම රසවිඳීමට නොලැබුණු නිසාදෝ මෙවන් රසකැවිලි හල් අප කුඩා කළ සුරංගනා ලෝක බඳු විය. Continue reading “මස්කට් කතන්දර ~ I කොටස”

බිං කුණ්ඩා සහ කණ්ඩා !

al-bin-kunda

සාමාන්‍යයෙන් සතියේ දිනයන්හි ගෙදර සිටිනා පොඩිම එකා ඉස්කෝලේ යවන්නට සියල්ල සපුරා දීම සඳහා හාමිනේ අකමැත්තෙන් උවද උදේ පාන්දරම අවදි වන්නේය …

බූරුවෝ හත් දෙනෙකුගේ වයස ගියත් ගෙදර ඉන්නා පොඩිම එකා අන් කිසිවෙකු නොව කණ්ඩාය, පොඩි එවුන් නැති තැන් වල නාකි දණ ගානවා කියන්නේ කට කහනවාටම නොවේ … 🙂 Continue reading “බිං කුණ්ඩා සහ කණ්ඩා !”

මා දුටු ඇෆ්ගනිස්ථානය ~III කොටස

sharjah-airport

උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !

දරුණුවට පොලීසියෙන් ගුටි කෑවා හා සමානව කණ්ඩා පෙලූ ඇඟ පත රුදාවත් සමග ගැඹුරු නින්දකට වැටුණ හෙයින් කාලය ගත වීම පිළිබඳව කිසිඳු හැඟීමක් තේරුමක් තිබුනේම නැත.

එහෙයින් කණ්ඩාට ඇති එකම මතකය පොල්ලකින් නෙළුවා සේ නින්දට වැටීම සහ අහස කඩා වැටුනා සේ සද්දයක් සමග එකවරම තිගැස්සී ඇහැරීමත් පමණි. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~III කොටස”

මැදක් නැති පෙරදිග ~ VIII කොටස

ladies-of-the-night

අරාබි දේසේ නුතන අම්බපාලියෝ …

කණ්ඩා අතින් මැද පෙර දිග ගැන ලියවුණු කලින් ලිපියේදී කතා බහ කලේ තහනම් සතුන් ගැනය, සිවුපාවන් ගැන ලියා අහවර කල එම ලිපියට පසුව මේ වෑයම දෙපා වරිගයේ තහනම් සතුන් ගැන ලිවීමටය, එනම් අසම්මත කතා බහකටය (Taboo).

මෙය බොහෝම සීරු මාරුවෙන් යුතුව කතා බහ කලයුතු මාතෘකාවක් බව හැබෑය, ඒ මදිවාට කණ්ඩාගේ පවුලේ උදවිය මෙන්ම හිත මිතුරන්ද මේ බ්ලොග් කට්ටේ රසිකයන්ය ! Continue reading “මැදක් නැති පෙරදිග ~ VIII කොටස”

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ II කොටස

antanov-aircraft-ready-to-refuel-in-kabul-international-airfield-kia

හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !

ඇෆ්ගනිස්ථානයට ඇතුළු වීමේ වීසා බලාපොරොත්තුවෙන් බලා සිටි නොඉවසිලීමත් සති කිහිපය අදටත් කණ්ඩා හට සිහියට නගා ගැනීමට අපහසු නැත.

අලුත් රටකට ගොඩ බැස යහළු මිත්‍රාදීන්ගෙන් ‍දුරස්ව මහත් චකිතයකින් යුතුව ගෙවුන එම කාලසීමාව දරා ගැනීමට හැකියාව ලබා දුන්නේ අලුත් රැකියාවේ වූ කාර්ය බහුලත්වයයි. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ II කොටස”

දුටු නොදුටු මැද පෙර දිග !

desert-sunset-and-a-camel-caravan

මැද පෙරදිග පිළිබඳව අන් බොහෝමයක් දෙනා මෙන්ම කණ්ඩා හටත් අසා ඇති දේ සහ ඇත්ත තත්වය අතර විශාල පරතරයක් මුලදී දැනුන බව සත්‍යයකි.

මෙම බොහොමයක් ඍණාත්මක හැගීම් සහ වැරදි අදහස් වලට විවිධාකාර හේතූන් ඇත. එයින් සමහරක් දේ සත්‍යය වන නමුත් තවත් සමහරක් බටහිර ජන මාධ්‍ය විසින් ඒක පාර්ශවීයව සිදු කරන ප්‍රචාරයන් හේතුවෙන් මවනා ලද පටු ආකල්පයන්ය. Continue reading “දුටු නොදුටු මැද පෙර දිග !”

මැදක් නැති පෙරදිග ~ VII කොටස

ඔටුවෝ, මාරු උස් සහ කබායන්ස්ලා … !

No Pork.png

හෙළු බසින් සූකරයා හෝ ඌරා යන නමින් හදුන්වන මේ පව්කාර තහනම් සත්වයා සුද්දගෙ බාසාවෙන් පිග් හෝ ස්වයින් (Swine / Pig) යන නාමයෙන් හදුන්වයි. Continue reading “මැදක් නැති පෙරදිග ~ VII කොටස”

මැදක් නැති පෙරදිග ~ VI කොටස

ඔටුවාගේ රටේ තහනම් සත්තු … !!!

banned-1

කණ්ඩා පුංචි සන්දියෙ ගුවන් විදුලියේ විකානශය වූ එක්තරා විනෝදජනක වැඩසටහනක් කණ්ඩාගෙ මතකයේ තවමත් රැදී ඇත.

තරඟකරුවන්ට යම්කිසි සරල ජනප්‍රිය මාතෘකාවක් ලබාදී එයට අතිශය අදාල වචන කිහිපයක් භාවිතයෙන් තහනම් කරන ලදුව විනාඩියක් හෝ දෙකක් කතාකිරීමට සැලැස්වීම මෙහි ප්‍රධාන අංගය විය. Continue reading “මැදක් නැති පෙරදිග ~ VI කොටස”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: