සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

වර්ගය

රස මසවුළු

රස මසවුළු / Food and Bererage

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ XI කොටස

kabul-market

කාබුල් නගරසිරි, පටාන් රොටි සහ කාමර මාරුව

දැක්කත් පිටගැස්ම හැදෙනා සුපුරුදු වෑන් රථයට ගොඩවුණු අප අතිශය සුඛෝපභෝගී පහසුකම් යටතේ සුපිරි කඳවුර වෙත එන්නට වූ ගමන අතරතුරදී සැලකිය යුතු කරදරයකට මුහුණ පාන්නට වූයේ නැත. එනිසා පරිසරය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට නිදහස කණ්ඩා වෙත ලැබුණි.

ඇෆ්ගනිස්තානයේ අගනුවර කාබුල් නගරය බව කීම ගහ දන්නා අයට කොළ කඩා පෑමක් විය හැකි උවත් ඒ ගැන නොදන්නා උදවියගේ දැනගැනීම උදෙසා ඒ ගැන යම් විස්තරයක් සටහන් කිරීම වැදගත් යයි සිතමි. හින්දුකුෂ් කඳු වැටියේ පටු නිම්නයක පිහිටා ඇති කාබුල් මිලියන 4.6 ක් පමණ වන ඇෆ්ගනිස්තාන වැසියන් වෙසෙන ජනගහනය වැඩිම සහ විශාලම නගරයයි. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ XI කොටස”

Advertisements

හිම කිරම සහ තවත් කතා !

Keep Calm and Eat Ice Cream

ජනේරුවේදී මස්කට් යන්නට කිට්ටුව හිම කිරම බාල්දියකට වගකීම හේතුවෙන් මුහුණ දෙන්නට සිදු වුණු අකරතැබ්බය කණ්ඩා පසුගිය සතියේ විස්තර කළේය, එත් සමගම හිමකිරම සම්බන්ධ කතා එකින් එක කණ්ඩාගේ ඔළුවට ගලාගෙන එන්නට විය. Continue reading “හිම කිරම සහ තවත් කතා !”

මස්කට් කතන්දර ~ I කොටස

muscat-galore

මස්කට් රස සොයා …

මස්කට් කී පමණින් සිරි ලාංකිකයින් වන අපගේ කටට කෙළ උනන්නේ නිතැතිනි, ඒ එදිනෙදා ජීවිතයේදී අප දන්නා මස්කට් යනු අතිශය රසවත් රසකැවිල්ලක් වීමයි.

මේ පිලිබඳ කණ්ඩාගේ මතකයන් “බොම්බේ ස්වීට්ස්” හෝ “ස්වීට් හවුස්” තෙක් දිව යන්නේය, “බොම්බේ ස්වීට්ස්” ලෙස පොදුවේ හැඳින්වූ මෙම රසකැවිලි නිතරම රසවිඳීමට නොලැබුණු නිසාදෝ මෙවන් රසකැවිලි හල් අප කුඩා කළ සුරංගනා ලෝක බඳු විය. Continue reading “මස්කට් කතන්දර ~ I කොටස”

මැදක් නැති පෙරදිග ~ VII කොටස

ඔටුවෝ, මාරු උස් සහ කබායන්ස්ලා … !

No Pork.png

හෙළු බසින් සූකරයා හෝ ඌරා යන නමින් හදුන්වන මේ පව්කාර තහනම් සත්වයා සුද්දගෙ බාසාවෙන් පිග් හෝ ස්වයින් (Swine / Pig) යන නාමයෙන් හදුන්වයි. Continue reading “මැදක් නැති පෙරදිග ~ VII කොටස”

මැදක් නැති පෙර දිග ~ II කොටස

නොදන්නා රටක දන්නා කෑම ~ ශවර්මා !

al-ijahaza-cafeteria

ඕනෑම රටකගියහම රස විඳින්න තියෙන හොඳම දෙයක් වගේම මිනිස්සුන්ගේ හුරු පුරුදු,  ජීවන රටාව තේරුම් ගන්න පහසුම විදිහක් තමයි කෑම බීම !

Continue reading “මැදක් නැති පෙර දිග ~ II කොටස”

අතීතය සිහිනයක් පමණයි ~ IV කොටස

අයිස් පලා….ම්, අයිස් පැකේ…..ට්… !

lanka_ice_cream_man-1

විවේක කාලේදී බොම්බයි මොටයි කාල ඉවර වෙලා අයිස් පලමකුත් කන්න පුළුවන් එකෙකේ හිටිය නම් ඒ බොහොම කලාතුරකින්, කොච්චර සල්ලි බාගේ තිවුණු පවුලක එකෙක්ට උනත් මහා භාණ්ඩාගාරෙන් ඒ කියන්නේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි දවසකට හම්බ උනේ රුපියලක් හමාරක් වගේ ඉච්චියක් තමයි.

Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ IV කොටස”

අතීතය සිහිනයක් පමණයි ~ III කොටස

බොම්බා….යි මොටා……යි !!!

bombayi-motayi-3

සුභාරතියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙලා ටිකක් දුරක් ඉදිරියට එනකොට තමයි ලිඳයි අඹ ගහයි හමු වෙන්නේ. මේක බොහොම සාරේට කොළ තියන තදට හෙවන වැටිච්ච ලොකු ගහක්. මේ අඹ ගහ යට තමයි මුළු ඉස්කෝලෙටම තිබුන  සනීපම තැන. Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ III කොටස”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: