නයිරෝබි නරි නාටක සහ ඇදගෙන නෑම
මේ ඔක්කොම දේවල් ඉවර වෙලා අපිව ආයෙමත් ගුවන් යානයට නැග්ගුව, අන්තිමේදි අපි නයිරෝබි වලට ගොඩබානකොට නියමිත වෙලාවට වඩා පැයකටත් වඩා ප්රමාදයි. අපේ ෆ්ලයිට් එක මිස් උන නිසා මීළඟට තියෙන මොන දහිරිවාට්ටුවක හරි එල්ලිලා ආපහු ඩුබායි යනව කියල අපි හිත හදාගෙන හිටියෙ. ඩෙනිස් හිටිය නිසා මටත් ඒ ගැන එහෙමට අවුලක් තිබ්බෙ නැහැ, ඔලුවෙ තිබ්බ එකම දේ ආපහු බෑග් එක අර ගන්න එක විතරයි.
නමුත් අපි යානයෙන් එළියට එනකොටම ඉතියෝපියන් ගුවන් සේවයෙන් ඩුබායි බලා ගමන් ගන්නා මගීන් හැකි ඉක්මනින් ඇතුළු වීමේ දොරටුව (Boarding gate) වෙත යන්න කියල එතන හිටිය නිළධාරීන් දෙන්නෙක් බෑගිරි ගාන්න පටන්ගත්තෙ අපි නොහිතපු විදිහට. බලන් යනකොට ඉතියෝපියන් ගුවන් සමාගමත් හදවතින්ම ශ්රී ලංකිකයි, අපි යන්න නියමිතව හිටපු ගුවන් යානය පැයකටත් වඩා පරක්කු වෙලා නිසා යන්න තවමත් යන්න අවස්තාවක් තියෙනව. Continue reading “සෝමාලි කතා ~ VI කොටස”