සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

වර්ගය

සංචාරක සටහන්

සංචාරක සටහන් / Travel Notes

සිරි ලංකාගමනය ~ IV කොටස

Pothgul Viharaya - Bo Tree and Pagoda

පොත්ගුල් විහාරය සහ බබ්බු දෙන පොකුණ

මෙදා පාර සිරි ලංකාවට ( කාලයක් නිකං ලංකාව, ඊට පස්සෙ ශ්‍රී දැන් දැන් කියන්නෙ චී. ලංකාවද මන්ද ?) ආපු වෙලේ හෙම්බත් වෙලා තිබ්බ හිත සන්සුන් වෙන්නත් එක්ක දැම්ම කුරුවිට, රුවන්පුර සහ නුවර පළාතෙ දවස් කිහිපයක සවාරියක්. මේ කියන්න යන කතන්දරේ සිද්ද උනේ ඔය අතරතුර රත්නපුර පොතුගුල් විහාරෙට ගිය ගමනෙදි.

හැබැයි මේ ගමනේ ප්ලෑන ගැහුවේ මම නෙමෙයි දැනට වසර කිහිපයක ඉඳන් ලංකාවට එනකොට නෑ බෑ නොකිය කියන ඕනෑම තැනක උස්සගෙන යන අපේ මාතලී වෙච්චි සම්පත්, සම්පත් තමයි නඩේගුරා. Continue reading “සිරි ලංකාගමනය ~ IV කොටස”

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ IX කොටස

Entrace to KAIA

කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ !

තද නින්දේ සිටි කණ්ඩා හිටි අඩියේම අවදි වූයේ කවුරුන් හෝ කලහ කර ගන්නා ඝෝෂාවක් නිසාය, තවමත් පහව නොගිය නිදිමත සහ අඳුරු කාමරයත් නිසා කටහඬවල් මිස බැන අඬ ගසන උදවිය පෙනෙන්නට නැත. උස් කට හඬවල් කිහිපයකම ඇසුණත් කුමක් කියන්නේද යන්න ගැන වැටහිමක් හෝ ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට උවමනාවක්ද කණ්ඩා තුළ නොවීය.

මේ බෑඟිරි ගසන මළබාරියන් නිදි ඇඳේ ඉන්නා උදවියට නිදහසේ ඇහැ පියා ගන්නට ඉඩදී යන තැනකට තොලොංචි උනා නම් හොඳය, මේ හිපාටුවන් අනුන්ට කරදරයක් නොවන සේ තම තමන්ගේ ගනුදෙනු බේරා නොගන්නේ මන්ද යන්න ගැන දැඩි කෝපයක් හට ගත්තත්, ඇඳෙන් නැගිට ගැනීමට හෝ උන්ට නිශ්ශබ්ද වන ලෙස පෙරළා කෑ කොස්සන් ගැසීමට පණක් නැතිය. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ IX කොටස”

මස්කට් කතන්දර ~ VI කොටස

Boat Near Bhandar Khiyran

සිෆා සහ බණ්ඩාර් ඛයිරන්

මස්කට්හි සිට සිෆා (Sifah) වෙත දිවෙන මග වැටී ඇත්තේ මනස්කාන්ත කඳුකර ප්‍රදේශයක් හරහාය, ඕමානයේ ඇති විශේෂ භූ ලක්ෂණයන් පිලිබඳ හදාරද්දී රට පුරාවට විහිද ඇති කඳු පන්තීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුවාක් මෙන්ම ඒ අතර  ඉදිරියෙන්ම සිටිනා ප්‍රතාපවත් “හජාර්” කඳුවැටිය ගැන කතා බහ කිරීමෙන් වැළකීමටද බැරිය. අරාබි බසින් “ජෙබෙල් අල් හජාර්” (Jebl Al Hajar) ලෙස හඳුන්වන මෙහි සෘජු අරුත වන්නේ “ශෛලමය කඳුවැටිය” යන්නයි.

හජාර් කඳුවැටියේ එක් කෙලවරක් ඇරඹෙන්නේ ඕමානයේ උතුරු කොන වන එක්සත් අරාබි රාජ්‍යයෙන් සහ පර්සියානු මුහුදින් වටවූ මන බඳිනා “මුසන්දම්” (Musandam) ප්‍රදේශයෙනි. මුසන්දම් අර්ධද්වීපය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “කූඩාරම් කොත” ලෙස හඳුන්වන රට අග්ගිස්සේම පිහිටි “රස් අල් කයිමා” (Ras Al Khaimah) සහ එයිට මෙපිටින් ඇති “ෆුජෙරා” (Fujeirah) එමිරේට නිසා ඕමානයේ අනෙකුත් ප්‍රදේශයන්ගෙන් වෙන්ව පවතින්නේය. Continue reading “මස්කට් කතන්දර ~ VI කොටස”

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ IV කොටස

Tilting Train

පෙන්ඩොලීනෝ, අණ්ඩග්‍රවුන්ඩ් සහ බෝම්බ

මෙවර හිරු නොබසිනා දූපතට යෙදුණු සවාරිය අතරමැද්දට හිරවුණු සති අන්තය තුළ කුමක් කරන්නේද යන්න ගැන වැඩි දුර සැලැස්මක් අප දෙදෙනාටම තිබුනේ නැත, එමෙන්ම ලිච්ෆීල්ඩ් සහ බර්මින්හැම් අවට නැරඹීමට ඇති බොහෝ දේ ඒ වන විටත් නරඹා අහවරය.

අප සංචාරයට යොදාගෙන තිබුණු තැන් ගැන විමසු කණ්ඩාගේ කන්තෝරු සගයින් ඔලොක්කුවට කියා සිටියේ ඒ සියල්ල වඩා ගැලපෙන්නේ කුඩා ළමුන්ට උවත් කණ්ඩාට නම් අවුලක් නැති බවය 😀

එනිසා අවසානයේදී අප තීරණය වූයේ ඒ සියල්ල අත්හැර නැවත ලන්ඩන් නුවර බලා යන්නටය ! Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ IV කොටස”

මස්කට් කතන්දර ~ V කොටස

Oman National Museum

සින්බෑඩ්, වහල්ලු සහ පරංගි !

මස්කට් අගනුවර කර ගත් ඕමානය අරාබි අර්ධද්වීපයේ විහිදී ඇති තුන් වන විශාලතම රාජ්‍යයයි, මස්කට් යන නාමය සැදී ඇත්තේ “නැංගුරම් දමන ස්ථානය” (Anchorage) යන අරාබි අරුතින් බවට මතයක් ඇත. ලොව පුරා විහිදුණු සේද මාර්ගයේ වැදගත් නැවතුම්පොළක් වූ මස්කට්, පුරාතනයේ සිටම ඉතා ප්‍රසිද්ධ වරායක් වූ බැවින් එය පිළිගැනීමට අපහසු නැත. Continue reading “මස්කට් කතන්දර ~ V කොටස”

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස

A380-Doubledecker-Comparison

A380 ය සහ සුද්දගේ ජර්මන් බෝම්බ !

මෙවර හිරු නොබසිනා දූපතට ගොඩ වැදුණු කණ්ඩාගේ සංචාරය අනපේක්ෂිත සිදුවීම් වලින් පිරුණු හොඳ නොහොඳ දෙකම සම සමව කළවන්/කවළන් (මින් කැමති එකක් තෝරා ගත්තාට මගේ කිසිම අමනාපයක් නැත :-D) වූ තවත් අමතක නොවන එකක් විය.

කණ්ඩාගේ බලාපොරොත්තුව වෙලාව ලැබෙන ආකාරයට මේ ගැන වැඩිදුර විස්තර කොනක සිටම ලියන්නටය. Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස”

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස

Bukingham Palace

රැජින ආත්තම්මා වෙත ආදරයෙන් ලියමි …

මංගල තානායම,
ලිච් තැන්න,
බ්‍රමී නුවර,
මැදලන්ද,
උස්වැටකෙයියාව,

ක්‍රිස්තු වර්ෂ 2017 ක් වූ මැයි මස 24 වැනි බුදදා.

සැප වේවා !

ආදරණීය රැජින ආත්තම්මේ,

ඔබතුමිය ඇතුළු පවුලේ හැට හුටහමාරක් දෙනා සුවෙන් පසුවෙතැයි සිතමි. අපි ඉන්නා ඔටුවගේ රටේ ලොකු තැනත් ඔය පැත්තේ රවුමක් ගසන්නට ආ බව පත්තර කොළයක තියනවා දුටුවෙමි, අනෙක් කාන්තාරවාසී ලොක්කන් සමග ගත් කළ මේ ලොක්කා නොම්මර එකේ බුලට් එකකි. නමුත් ලොක්කා ඔබතුමිය බැහැ දැක්කත් අපට නම් ඔබතුමියව හමු වෙන්නට තවම වරම් ලැබී නැත, පහු ගිය අවුරුද්දක ඔබ බැහැ දකින්නට නිවසට ආමුත් හමු වීමට බැරි වීම ගැන බොහොම කණගාටු වෙමි. Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස”

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VII කොටස

Kabul Security

කාබුල්හි සුපිරි කඳවුර !

අවුරුද්ද මුල් කාර්තුවේ යෙදුණු විවිධ සංචාරයන්, හිත මිතුරු සාදයන් සහ සමාගම් නිසාවෙන් නොසිතු ලෙස කණ්ඩා කාර්ය බහුල වන්නට යෙදුණේය. එවන් වටපිටාවක එක දිගට සිත එකඟ කරගෙන ලිවීමට තරම් අවකාශයක් නොතිබූ බැවින් කණ්ඩා අතින් සිදු වූයේ ලිවීමට වඩා කියවීමය.

හැලපයියාගේ හැලප කඩයේ රසකැවිලි සියල්ල පෙරේත කමින් ගිල දමා අහවර කිරීමෙන් අනතුරුව මේ දවස් වල කණ්ඩා දත කන්නේ සුදීකගේ ඇවිද්ද පය සහ අරුගේ අඩවියට වග කියන්නටය 😀 Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VII කොටස”

බිං කුණ්ඩා සහ කණ්ඩා !

al-bin-kunda

සාමාන්‍යයෙන් සතියේ දිනයන්හි ගෙදර සිටිනා පොඩිම එකා ඉස්කෝලේ යවන්නට සියල්ල සපුරා දීම සඳහා හාමිනේ අකමැත්තෙන් උවද උදේ පාන්දරම අවදි වන්නේය …

බූරුවෝ හත් දෙනෙකුගේ වයස ගියත් ගෙදර ඉන්නා පොඩිම එකා අන් කිසිවෙකු නොව කණ්ඩාය, පොඩි එවුන් නැති තැන් වල නාකි දණ ගානවා කියන්නේ කට කහනවාටම නොවේ … 🙂 Continue reading “බිං කුණ්ඩා සහ කණ්ඩා !”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: