සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

වර්ගය

හද බැඳී දෑ

හද බැඳී දෑ / Favorite stuff

අම්මා …

Amma

අකලට සැඟවුනිය ඉරුදෙවි පෙර     පවට
වියැකුණි එළිය මග සෙව් තුනු දරු කැලට
නොනිමි විරියකින් දිවි බර ගෙන     උරට
විය ඇය පුන් සඳක් දිදුලන දිව රෑ   දෙකට

පෙන්වා මග නොමග සදමින් සෙවන නිති
වැරදුනු තැනක වෙර දී සිප් සදා          සති
විනි දිවිපහුර සවි පවසනු වදන්         නැති
හද රැඳි සෙනේ පාමින් නිති පුදමි        තුති

සුභ උපන්දිනයක් අම්මා !

සෝමාලි කතා ~ VIII කොටස

large cluster of Desert Rose crystals_

හැබෑම වාලුකා කුසුම් සහ මිත්‍යා

පහුගිය ලිපියෙ වාලුකාවේ කුසුම හෙවත් වරිස්ගෙ කතාව ඉදිරිපත් කරාට වරිස්ට ඒ නම දුන්න හැබෑම වාලුකා කුසුම එහෙමත් නැතිනම් Desrt Flower/Rose කියන්නෙ මොන වගේ එකක්ද කියල කිසිම අදහසක් තිබුනේ නැහැ. ඇත්තටම කිව්වොත් අදහසක් තිබ්බ නමුත් ඒ තිබ්බ අදහසත් වැරදි නිසා තමයි මුළු ජංජාලය පුරාම බැලුවත් හොයාගන්න ලැබුනෙ නැත්තෙ.

Japanese Roseහේතුවකට හෝ අහේතුවකට හදිස්සියකට ඒදණ්ඩකවත් යන්න බැරි තරමේ බක පණ්ඩිතයෙක් වෙන මම, මේ කියන අපූරු මල අනිවාර්යයෙන්ම කාන්තාර වලට ආවේනික පතොක් හෝ කටු පඳුරු වර්ගයකට අයත් විය යුතු බවට පුර්ව නිගමනයකට එළඹිලා හිටිය. ඔය නිසා හෙව්ව බලපු හැම තැනම ගස් වල හැදෙන නානාප්‍රාකාර මල් ගැන උනන්දු උනා මිසක හැබෑම වාලුකා කුසුම ඉබේම මග හැරුන.   ඔහොම හිතාගෙන සර්ච් කරනකොට නිතරම ආවේ අපි “ජපන් අරලිය” කියන මල් විශේෂය (Adenium obesum).

ඒ නිසා වරිස් ගැන ලිපිය ලියල අහවර කරත් ඒ ලිපියට මේ ගැන කිසිවක් ඇතුළත් කරන්න ලැබුනෙ නැහැ … නමුත් අර විභාගෙකට ලියල ගෙදර ඇවිල්ලත් වද දෙන උත්තරයක් නොදන්නා ප්‍රශ්නයක් වගේ හිතේ කොනක ඇනි ඇනී මේ කාරණේ රැඳිලා තිබ්බ. වාසනාවට ලිපිය අන්තර් ජංජාලෙට මුදා හැරල වැඩි  දවසක් යන්න කලියෙන් උත්තර මාව හොයාගෙන ආව අටම්පහිය වත්පොත් සමූහයේ සාමාජිකයන් දෙපලක් වෙන රුවනි සහ යොශික යන දෙන්න මාර්ගයෙන්. Continue reading “සෝමාලි කතා ~ VIII කොටස”

සෝමාලි කතා ~ VII කොටස

Waris Dirie and Desert Flower Foundation

සෝමාලි කතා වගේ කතා හෙවත් වාලුකාවේ කුසුම

සෝමාලි කතා ඉවර කරල ආපහු හැරිලා බලනකොට තමයි මතක් උනේ .. ඒ කතා ඉවරයි කිව්වට ඉවරම නැහැ කියල. කණ්ඩා සතුව සෝමාලියාවට සම්බන්ධ තවත් ඉවර නොකරපු කතන්දරයක් තියෙනව. ඒ වෙන මොනවත් නෙමෙයි හම්බ වෙලා දැනට අවුරුදු 3 – 4 ක් වෙලත් කියවන්න පටන් අරන් අරගෙන අතරමග නවත්තල කුඩම්මාගේ සැලකිලි ලබමින් මගේ පොත් රාක්කයේ කොනකට වෙලා දුක් විඳින “කාන්තාරයේ කුසුම” පොත.

රංජිත් කුරුප්පු විසින් පරිවර්තනය කරන ලද මෙම කෘතිය කැත්ලීන් මිලර් (Cathleen_Miller) සහ වරිස් දිරී (Waris Dirie) විසින් රචිත Desert Flower කෘතියේ පරිවර්තනයක්. ප්‍රසිද්ධ සෝමාලි ජාතික සුරූපී මෝස්තර නිරූපිකාවක්, සමාජ ක්‍රියාකාරිනියක් සහ නිළියක් වන වාරිස් දිරීගේ චරිතාපදානයක් ලෙස ලියවුණු මෙය 1998 ප්‍රකාශයට පත්කරන ලදුව ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් උනා. පසුව 2007 දී මෙය සිංහලට පරිවර්තනය කරනු ලබනවා. Continue reading “සෝමාලි කතා ~ VII කොටස”

වක්පොලු කතා වස්තුව ~ V කොටස

පිනා සහ පිනාචාර්ය

පිනා කිව්වහම අපි බොහොමයක් දෙනාට මතක් වෙන්නෙම ඇටිකිත්තො කාලෙ ඉගෙන ගත්ත ප්‍රසිද්ධ කවියක් නොවැ … එහෙම නෙමෙයි නම් ඔබලා (ඔබන්න අවශ්‍ය නැත, කියවීම සෑහේ) සහශ්‍රයෙන් පසු උපන් අයෙක් හෝ මෝඩ් ගොයියෙක් වෙන්න ඕන.

අම්බලමේ පිනා – වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා – ඒකට මට හිනා

පිනා කියන්නෙ තරමක මෝඩ පහේ චරිතයක් විදිහට තමයි අපිට පොඩි එවුන් කාලෙ තේරුණේ … ඒත් කාට උනත් කරදරයක් උනහම හිනා වෙන එක හරි නැහැනෙ කියල ටිකක් ලොකු වෙනකොට තේරුණ නිසාදෝ අපි එක ටිකක් වෙනස් කරා මේං මෙහෙම…

අම්බලමේ පිනා – වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා – ඇයි එකට හිනා Continue reading “වක්පොලු කතා වස්තුව ~ V කොටස”

කවියකුගේ අබිනික්මන …

මගේ නිර්මාණයක් නොවුණත් මේ කවිය පල කරන්න මා වෙත එවපු නිසා මොකද්දෝ හේතුවකට හිත ගැස්සුනා, බොහොම තදට වැදුණා … එනිසයි පල කරන්න හිතුවෙ 😦

අවසන් කවිය ලියනට නෙත කදුලු පිරී
පන්හිද අතට ගමි සරසවි දෙසට හැරී
කවිකම අතැර ඉන්නට මට නමුත් බැරී
කවියට සමුදෙන්න මට දැන් කාලෙ හරී

කරමින් රූසිරිය වර්ණා කෙලෙස් ගගේ
පිහිනා සිටිය කාලය ඇතිබවක් හැගේ
හොදහැටි වැටහුනා බියකරු සසරෙ රගේ
සදහම් ඔරුව පැද ගොඩයමි සසර ගගේ Continue reading “කවියකුගේ අබිනික්මන …”

ශිල්ප කාලා නිදි !

Art by Joanne

ඇත්ත ඇති සැටියෙන් කියනව නං කලාව කියන දේ ලඟින්වත් ගෑවිලාවත් නොගිය මනුස්සයෙක් තමයි මේ කණ්ඩ කියන්නෙ, ඔය නොදන්නා මගුල් කරන්න ගොහින් වෙච්චි අකරතැබ්බ සහ අහ ගත්ත කුණු කතා ගැන තමයි අද මේ කියන්න යන්නෙ.

ඔය කලාව කිව්වට ඉතින් ඉස්කෝලෙ යන්න පටන් ගත්තු සන්දියේ ඇටිකිච්ච කාලෙ කලාව කියල එකක දැනං උන්නේ නැහැ නෙව, අපි දැනගෙන හිටියෙ චිත්තර, කවි සිංදු සහ නැටුම් කියන හතර වරිගයනෙ. ඒකෙනුත් අම්මයි තාත්තයි කියපු විදිහට නැටිල්ල තමයි කණ්ඩට හොඳටම පිහිටලා තිබ්බෙ හැබැයි ඒකට හොඳක් කියනව වෙනුවට පොල්කටු හැඳි මිටෙන් හරි ළඟ පාත කඩා ගන්න තිබ්බ ක්‍රෝටන් කොටුවකින් තමයි අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම සමබරව හම්බ උනේ. Continue reading “ශිල්ප කාලා නිදි !”

කන්තාරයේදී සිත බැඳුණු ගීත …

Arabic Music

කණ්ඩා අරාබි කාන්තාරෙට ගොඩ බැහැල දැනට එකොළොස් අවුරුද්දකට වැඩියි, ඒ දශකයකට අධික කාලය පුරාවට අරාබි බාසාව ඉගෙන ගන්න නොලැබුණේ කණ්ඩා අරාබි කොම්පැණියක කඹුරා නැති නිසාත් මෙහෙ ඉන්න ඔටුවො අපිත් එක්ක නොපෑහෙන නිසාත් තමයි. සමහර විට යටි උගුරෙන් කියවන අරාබි බසේ ඇති කටෝර ස්වභාවයට ඇති අසාත්මිකතාවයත් මෙයට බලපාන්න ඇති.

කණ්ඩා යන හැම රටකම ආගම, ඉතිහාසය සහ සංස්කෘතිය ගැන සැලකිලිමත් වෙනවා වගේම තමන්ගෙ ජීවිතෙන් තුනෙන් පංගුවක් ගත කරපු රට ගැන හොයන්නත් උනන්දුයි. එහෙම හොයා ගත්ත විස්තර, රස කතා ලියන්න කියන්න වෙලාවක් හොයා ගන්න අමාරුව තමයි තියෙන්නෙ 🙂

නමුත් ජීවිතේ ඉතිරි කාලෙත් කාන්තාරෙට සින්න වෙන්න නොදී ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත මෙහෙන් චුත වෙන්න හිතාගෙන ඉන්න එකේ අරාබි කලාපයේ තියන නොයෙක් දේ ගැන ඉඩ තියන විදිහට ලියන්න හිතුන. සංගීතයේ සයන්න දන්නෙවත් නැති උනාට මුලින්ම ලියන්න හිතුනෙ සංගීතය ගැන. Continue reading “කන්තාරයේදී සිත බැඳුණු ගීත …”

වක්පොලු කතා වස්තුව ~ III කොටස

Malay 1

මතකයෙන් ඈත් නොවන මැලේ පිටිය

අපි වක්පොලු කෙළියේ නියත වුණු අනූව දශකයේ ක්‍රීඩා තරඟ සඳහා කොළඹ 02 පිහිටි මැලේ පිටිය තමයි වැඩිපුරම ආ ගිය තැන උනේ, අනූ ගණන් වල මැද බාගයේ කොළඹ දිස්ත්‍රික් පාසැල් හොකී තරඟ සියල්ලක්ම පාහේ පැවැත්වුණේ මෙතැනමයි. මරදාන පරණ වාඩියේ පිහිටි අපේ පාසලේ ඉඳන් මෙතැනට යන්න වැය වෙන්නෙ පැය බාගයකටත් අඩු කාලයක් නිසා යන්නත් බොහොම පහසුයි.

මැලේ පිටිය වෙත ලඟා වෙන්න ලෙහෙසිම විදිහ තමයි නම කිව්වට ලියන්න අමාරු කොම්පකද කද වීදියේ (කොම්පඤ්ඤ) රියෝ සිනමා ශාලාව (Rio) එහෙමත් නැතිනම් පැරණි නිපොන් ගොඩනැගිල්ල ( Nippon Building) ඉදිරි පිටින් බැහැල කිව් පාර (Kew) දිගේ ඇවිත් “ජලාන් පඩාන්” (Jalan Padang) පාරට වැටිලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පහු කරගෙන වම් පැත්ත බලාගෙන ඉදිරියට යන එක. Continue reading “වක්පොලු කතා වස්තුව ~ III කොටස”

ෆ්‍රේම් නොවූ ප්‍රේම් …

Premakeerthi De Alwisඒ  කාලෙකට කලින් මා කුඩා කාලයේ පටන් තදින් හිත ගත්තු අසහාය මිනිසෙක් ගැන ඉදිරිපත් වුණු රූපවාහිනී වැඩසටහනක නම. එහෙම කොටු වෙච්චි නැති, කොටු කරන්න හැදුවත් බැරි වෙච්චි මිනිස්සු ඉන්නේ කීයෙන් කී දෙනාද ? මේ ලිපියටත් එහෙම නම දාන්න හිතුනෙ අද වෙනකම් මේ කියන “මනුස්සයා” ගැන මම අහපු හොඳම අර්ථ දැක්වීම නිසා.(ඒ වැඩ සටහනේ ලින්ක් එක පහලින් ඇති )

පහුගිය සති කිහිපයේම ප්‍රේම් ගැන හොඳ නොහොඳ දෙකම අහන්න ලැබුනත් අද උදේ පාන්දරම පටන් ගත්තෙ මහ මුස්පේත්තු විදිහට, හේතුව පාන්දර ඇස් පොඩිකරමින් තේක බොන ගමන් දවසට කියවපු මුල්ම ලිපියෙන් ආයෙත් මතක් කරා ප්‍රේම් කියන යෝධයෙක් වගේ පුංචි මිනිහව කලාවට කැමති ලක්ෂ ගාණක් මිනිස්සුන්ගෙන් සදහටම උදුරා ගත්තු දවස කියල. Continue reading “ෆ්‍රේම් නොවූ ප්‍රේම් …”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: