සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

වර්ගය

හද බැඳී දෑ

හද බැඳී දෑ / Favorite stuff

ජීවන ලිය වරුණාව !

10-Years Anniversary

මතකයි මට අද වගේම
තව එක දවසක් !
අවුරුදු දහතුනකුත්,
මාසයකුත් සහ +1 දිනයක්  …

ඔව්,  අහිංසක කණ්ඩ කුරා කූඹියෙකුටවත් වරදක් නැතුව තමන්ගේ පාඩුවේ කරගෙන හිටිය තනිකඩේ වහල දාන්න සිද්ද වෙලා දැනට එච්චර කාලයක් වෙන්න එනවා. තනිකඩේ වැහුවට පස්සේ හා හාපුර කියල පටන් ගත්තු හවුල් ව්‍යාපාරය නැකත් නොබලාම විවෘත කරේ හරියටම අලුත් අවුරුද්දට පහු වෙනිදා. Continue reading “ජීවන ලිය වරුණාව !”

රෑට රෑට ඇවිදින් සඳ …

Heartbreak

ප්‍රේමයයි විරහවයි හරියටම කාසියක දෙපස සමයි කියල කිව්වොත් එය වැරදි නෑ, එකක් නැති තැන අනිකත් නොතියෙන්න තියන ඉඩකඩ නැති තරම. කොයිතරම් ලෙන්ගතුව හිත පතුලෙන්ම පෙම් කලත් ඒ ආදරය හැම දෙනා ගාවම නොරැඳෙන එක අවාසනාව. මහමෙරක් තරම් ආදරයක් උනත් විරහවකට පෙරලෙනකොට අවසානයෙදී තනියට ඉන්නෙ සිඳී බිඳී ගිය මතක සටහන් සහ වේදනාව පමණයි. Continue reading “රෑට රෑට ඇවිදින් සඳ …”

සුලෝහිත රාත්‍රිය 2018

Maroons Night 2018 - Event Picture

Maroons Night UAE 2018

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ආනන්ද සහ නාලන්ද විද්‍යාලයීය ආදි සිසුන්ගෙන් සැදි සුලෝහිත එකමුතුව 8 වන වරටත් නොකඩවා ඉදිරිපත් කරන “සුලෝහිත රාත්‍රිය 2018”, බක් මස 26 වැනි දින ඩුබායිහි රැඩිසන් බ්ලූ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම්.

සංගීතයෙන් පිරුණු සොඳුරු සැඳෑවකට රසකාමී ශ්‍රී ලාංකික ඔබ ඇතුළු පවුලේ සැමට කෙරෙන සුහද ආරාධනයයි මේ.


Maroons Night UAE 2018, the Premier Sri Lankan Dinner Dance in UAE is on Thursday, 26th April 2018 at the Radisson Blu Hotel, Dubai Deira Creek.

The event is organized by Past Pupils of Ananda and Nalanda College in UAE for the 8th consecutive time. We cordially invite fellow Sri Lankans to join us with their family and friends for an unforgettable evening.

More on Maroons Night UAE

A Night Full of Music & Fun – Save The Date – Don’t miss it !!! Continue reading “සුලෝහිත රාත්‍රිය 2018”

බේවිස් මනතුංග නම් සොඳුරු මිනිසා

Bevis in Gal Pothuyaya - 1

The Maara Man under the Maara Tree !

සංගීතය ගැන මෙලෝ හසරක් නොදන්නා කණ්ඩා කවදත් ඉලෙක්ට්‍රොනික සංගීතයට වඩා බොක්ස් ගිටාරයක්, බොංගෝවක් වැනි අවම සංගීත භාණ්ඩයන්ගේ උදව්වෙන් උපදින සජීවී එකොස්ටික් සංගීතයට කැමතිය. (වාසනාවට සංගීතය රස විඳීමට එය පරතෙරට දැන ඉගෙන නොසිටීම බාධාවක් නොවේ 😀 )

ගීයක් රස විඳින්නට නම් සෑම තත්පරයක්ම කුමක් හෝ සංගීත භාණ්ඩයක අඬහැරයෙන් පිරිය යුතු නැතැයි යන මතයේ මා සිටින බැවින් බස් නැවතුමක්, දුම්රිය පොළක් හෝ අවන්හලක් යන කොතැනකදී උවත් එකෝස්ටික් වාදනයක් හෝ ඒ හා ගැලපෙන ගායනයක් සවනත වැටුණු තැන කුමන රාජකාරියට ගියත් එය මදකට නවතා සංගීතය රස විඳීම මා සිරිතයි. Continue reading “බේවිස් මනතුංග නම් සොඳුරු මිනිසා”

අනන්තයට යනවාමයි …

Dreams

බලෙන්ම ඇතුළු වෙලා හතුරුකම් කරමින් හිත ටිකෙන් ටික කොනිත්තන හැඟුම් එක්ක ඔට්ටු වෙන්න බැරිව සැහැල්ලුව පස්සේ දොරින් පලා යද්දි … තියුණු කටුවකින් අනින්නා වගේ දැනෙන මොහොතක් පාසා හිත වේදනාවෙන් බර වෙද්දි … තවත් හැංඟෙන්නට තැනක් නැති තැන මහා තනිකමක් එක්ක බලාපොරොත්තු රහිත හිස් බවක් දැනෙද්දි 😦

කටුවකට වදින ඉදිබුවෙක් වගේ තවත් අතුලාන්තයටම ගුලි වෙනවද ? නැතිනම් සියල්ල අමතක කරලා හිත නිදහසේ පාවෙලා යන්න ඉඩ දෙනවද ?

තිර කිසිම දෙයක් නැති මේ ජිවිතයේ අපිට පාලනය කරන්න බැරි දේ බොහොමයි, හැමදේම ගැන අමතක කරලා මොහොතකට හෝ සීමාවක හිර වෙන්නෙ නැතිව හිතට නිදහසේ කැමති තැන සැරි සරන්න දෙන්න, සතුටයි සැහැල්ලුවයි නොවරදවාම එතැන ඉඳීවි 🙂

අපේ හීන වලට වැට කඩුළු බඳින්න පුළුවන් නොපෙනෙන සීමා අඳින්න පුළුවන් අපිටම විතරයි, හැමදේම අතාරින්න හීන ඉගිලේවි අනන්තයෙනුත් එහාට …. Continue reading “අනන්තයට යනවාමයි …”

වයින් සහ ජීවිතය !

Sunset in a Wineyard

ජීවිතයත් හරියට වයින් හා සමාන යයි මා අසා ඇත, ඉඳහිට වීදුරුවක් කටේ තොලේ ගා ගන්නා කණ්ඩා වයින් කප්පිත්තෙක් නොවුනත් එය තේරුම් ගන්නට අවුරුදු සියයක් නාකි වී ලොව ඇති අසන්නට දකින්නට ඇති සියළු දේ හමු වෙන තෙක් සිටින්නට අවශ්‍යය නැත.

වයින් වල ගුණාත්මක බව තීරණය කරන්නේ මිදි ගස පොළොව හා බැඳෙන පරිසරය, සිටවූ පස ආදියත් එය මුහුණ දෙන අව්, වැසි, උණුසුම, සිසිල සහිත කාලගුණයත් අන්තිමේදී මිදි පෑගීමේ සිට බැරල් වල පැසවා පරණ කිරීම දක්වා සිදුවීම්ය. Continue reading “වයින් සහ ජීවිතය !”

හිද්දලයා

Silent Scream

හීසර වන් රළු වදන්,
නොවදී මා සවනත
වෙඩි පහරවන් විවේචන,
නොරඳයි හදවත
පාගා දැමූවද,
නැගීටිමි නොවළහා

ගත පෙළන ගල් මුල්,
සිත නොපෙළනා
නිස්සාර අකුණු සර,
ගිළිහෙන්න කිසිත් නැති
නොසැලී මසිත වෙළි සන්නාහය,
නොවැටෙමි, පසු නොබසිමි !

මා හෙලන්නට තැතනුවත්,
ඇද වැටෙනුයේ කවුරුන්ද ?
මොරගසමි නිහඬවම,
නොපවසමි කිසිත්
මිරිඟුවකි සබඳකම්,
අත වනමි හුදෙකලාවට

අනුවාදය – ටයිටේනියම් Continue reading “හිද්දලයා”

අතීතය සිහිනයක් පමණයි ~ VI කොටස

චාන්දනී ටීචර් සහ කණ්ඩාගේ ඔල මොට්ටල වැඩ !

ඉස්කෝලේ පළමු දවස, තාත්තා සහ චාන්දනී ටීචර් ...
ඉස්කෝලේ පළමු දවස, තාත්තා සහ චාන්දනී ටීචර් …

කණ්ඩාගේ තාත්තා කොලුවාව හා හාපුරා කියා පන්තියට භාර දුන් අතර කණ්ඩාව වැටුනේ “1 – රෝස” කියන පංතියටය , පන්තිය භාරව හිටියේ බොහොම කරුණාවන්ත තරුණ ගුරුතුමියකි.

ඇගේ නමින් හඳුන්වනවා නම් චාන්දනී ටීචර්ය, ඇය කණ්ඩා වැනි පොඩි ළමයින්ට හරි කරුණාවන්තය එමෙන්ම පුදුමාකාර ඉවසිලිවන්ත කමකින් යුක්තය. Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ VI කොටස”

ගම නම් බංගම !

paddy-fields-in-bangama

කණ්ඩා හැදුනේ වැඩුනේ හෝමාගමට කිට්ටුව පාත පිහිටා ඇති වැලිපිල්ලෑවෙ කියන ගමේය, ගමක් කිව්වත් තියෙන්නේ කොළඹ දිස්තිරික්කයේ නිසා කැමති උනත් නැතත් කණ්ඩාද කොළඹ කාක්කෙකි !

එය එසේ උවද කණ්ඩලෑ තාත්තාගේ උපන් ගම පිහිටලා තියෙන්නෙ මාතර අකුරැස්ස පළාතේය, කොටින් කියනවා නම් බෙන්තර ගඟෙන් එහාය ! මේ හුඟ දෙනෙකු වැඩිය අසා නැති බංගම නම් බොහොම සුන්දර කුඩා ගමකි. Continue reading “ගම නම් බංගම !”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: