සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

උයන්පුර සංචාර ~ I කොටස

Al Ain Oasis

අලේන් උයන්පුර සිරි

කණ්ඩ දෙමහල්ලො සංචාරයට බොහොම මනාපයි කියන එක තව දුරටත් රහසක් නෙමෙයිනෙ, දෙන්නම කොයි වෙලාවෙත් කකුලක් එළියෙ තියා ගත්ත ගමන්. නමුත් අපේ හතරයි හතරේ ගමන් සගය වෙන ජීප් යන්තරේ පවුලට එකතු උන දා පටන් කණ්ඩයි හාමිනෙයි කලින් යන්න නොහිතපු තැන් වලත් හක්කලන් කරනව. අපි දෙන්නට අපි දෙන්න විතරමයි, ළමා ළපටිත් නැති ජිවිතේ බැඳීම් වලින් තොරව කොහේ හරි යන්න හිතුනද එක්කෙනෙක් අනිකගෙන් අහන පරක්කුව විතරයි … ගමනේ යා … ! Continue reading “උයන්පුර සංචාර ~ I කොටස”

හම්බ කතා

Muslim Mudalali

ඔව් හම්බ කතාවක් කියන්න තමයි ලෑස්තිය … ඇයි මාතෘකාව දැක්ක ගමන් කලබල උනා නේද ? කවුරුවත් කෝප වෙන්න කාරි නෑ .. මේ කියන්න යන්නෙ ජාතිවාදී හෝ ආගම්වාදී ගිනි අවුලවන කතාවක් නෙමෙයි ඉතිහාස කතාවක්. අපේ ඉතිහාසය අර ගත්තහම මුස්ලිම් ජාතිකයන්ව හඳුන්වන්න එදිනෙදා භාවිත උන “හම්බයා”, “නානා”, “මට්ටයා”, “මකක්කල” සහ “තම්බි” යන යෙදුම් හැමවිටම නින්දා සහගතව පාවිච්චි උන දේ නෙමෙයි. නමුත් ඒ යෙදුම් වලට හේතුව එහෙමත් නැතිනම් පටන් ගැන්ම මොකද්ද කියා ඔහෙලා කවුරුවත් වැරදිලා හෝ හොයල බැලුවද ? Continue reading “හම්බ කතා”

වර්ක් ෆ්‍රොම් හෝම්, හෝම් වර්ක් සහ කොරෝනා

WFMචීන කොරෝනාව හේතුවෙන් මාස දෙකහමාරකට අධික වර්ක් ෆ්‍රොම් හෝම් නිද්‍රා සමයකට යටත්ව සිටි බොහෝ දෙනා මෙන්ම කණ්ඩාද සිටියේ මහත් සිත් තැවිල්ලෙන් සහ නොඉවසිල්ලෙන් බව කියන්නට ඕන. එකම සැනසීම අපි දෙන්න මෙන්ම අනෙක් නෑදෑ හිතවතුන් සියල්ල කොරෝනා වලින් බේරී යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටීමත් විතරයි. හෝව් .. හෝව් .. තව පොඩ්ඩෙන් අමතක වෙනව … යාළුවො හැමෝම බේරුනා කියල කියන්නත් බැහැනෙ ! Continue reading “වර්ක් ෆ්‍රොම් හෝම්, හෝම් වර්ක් සහ කොරෝනා”

ලොම්බේ කතා වස්තුව

Missing Front Teethඅද කියන්න යන සිදුවීම වෙලා දැනට අවුරුදු 15කටත් වැඩියි … මුහුණු පොතේ කියවපු කතාවකට මංතුමාම දාපු කමෙන්ට් එකක් රීසයිකල් කොරල අරගෙන තමයි මේ කතාව ලියන්නෙ. කණ්ඩත් එක්ක ඒ දවස් වල රාජකාරි කරපු සහ ඉගෙන ගත්තු අයට නම් මේක අමතක වෙන්න හේතුවක් නැහැ .

බන්දු සමරසිංහ කිව්ව ගමන් අපි හැමෝගෙම හිතේ ඇඳෙන මනෝ චිත්‍රයක් තියෙනවනෙ … ඔව් ඔව් අර බකස් ගාල හිනා යන සිනා නොමසන් දසන් දක්වා එක තමයි. මොකද එහෙම නැතිව වෙන අහවල් එකක්ද ? නමුත් ජීවිතේ පැය කිහිපයකට හරි කණ්ඩටත් ඔය කියන චරිතය රඟ දක්වන්න අවස්තාව ලැබුණ. දැන් ඉතින් දැන් ඉතින් කතාව අහන්නත් කලින් ගුලි කාල වගේ හිනා වෙන්න එපා යකුනේ ඔහොම්ම කියෝගෙන පහළට යමු 🙂 Continue reading “ලොම්බේ කතා වස්තුව”

කොරෝනා මළ මඟුල්

Funeral

කොරෝනා ගැන මුල් වරට කණ්ඩා දෙපල දැනුවත් වූයේ මේ වසරේ ජනවාරි මාසය මුල. ඒ වනවිට රෝගයේ බරපතලකම ඉස්මතුව නොතිබුණු නිසාවෙන් මුල් තැන ලැබුනේ පෙර පරිදිම සාමාන්‍ය ජිවන රටාවක් පවත්වාගෙන යාම කෙරෙහි තමයි. එබැවින් අපි මාස කිහිපයක් තිස්සේ තවත් මිතුරු යුවලක් සමග සැලසුම් කළ සිංගප්පූරු සහ ඉන්දුනීසියානු සංචාරය පැතූ අයුරින්ම අහවර කළේ කොවිඩ් -19 සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු වරට වාර්තා වීමට සමගාමීව.

වාසනාවකට ඇබද්දියකින් තොරව ගමන අහවර උනත් අපගේ ඊළඟ අවධානය යොමු උනේ ඒ වන විටත් ලහි ලහියේ එමීර් රාජ්‍යයේ සංවිධානය වෙමින් පැවතුණු අප විද්‍යාලයීය වාර්ෂික සංගීත සැඳෑව පිලිබඳව. එහිදීත් වේගයෙන් පැතිරෙන කොරෝනා වෛරසය තත්වය පිළිබඳව අවධානය යොමු වූ හැමවිටම කණ්ඩාගේ මතය වූයේ සුද්දා කිව්වා විදිහටම “Show Must Go On!”  කියල. ඒ මේ වසංගතයේ බරපතලකම ගැන කණ්ඩා දැරූ අවතක්සේරුවේ තරම, එහෙම බැලුවම අපි ගොඩ දෙනෙක් එකම බෝට්ටුවේ. Continue reading “කොරෝනා මළ මඟුල්”

හාමිනේලාගේ කතා VII

IMG_7067

මාස්ක්වාදය වැළඳ ගැනීම

හාමිනේට වගේම උන්දැලාගේ පවුලේ උදවියටත් ජෙප්පන් නයාට අඳු කොළ වැනිය, පුටින්ට චෙච්නියන්කාරයන් වැනිය … හේතුව දැනට තිස් අවුරැද්දකට කලින් හාමිනේගේ මව ඝාතනයට පැමිණි රතු සහෝදරවරැ ඇය සොයාගත නොහැකි වූ තැන නිවැසියන් ඉදිරිපිටදීම නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා යාමයි. එහෙව් එකේ ජෙප්පන් කළ කී දෑ මතක තියෙනා එළඹි සිහියෙන් යුතු සියළුදෙනාජෙප්පන් මෙන්ම මාස්ක්වාදයත් ඇලජික්ය.

නමුත් පවතින කොරෝනා තත්වය ඒ හැම දෙයක්ම උඩුයටිකුරු කර අවසානය. මාස්ක්වාදය කෙරේ එතරම් කළකිරීමක් සහ වෛරයක් ඇත්තවුන්ටද අවසානයේ මාස්ක්වාදය වැළඳ ගැනීමට සිදු වීම ජීවිතයේ තවත් එක දරැණු අයිරනියකි. මාස්ක්වාදයේ පරාද කිරීමේ පරම අදිටනින් පනස් අවුරැද්දකට අධික සීතල යුද්ධයක නිරත වුණු මහා බල සම්පන්න ඇමරිකාවට පවා අවසානයේ මාස්ක්වාදය වැළඳ ගන්නට වූ කල අපි වැනි හුදී ජනයා ගැන කවර කතාද? Continue reading “හාමිනේලාගේ කතා VII”

Wadi Bani Auf, Oman

DSC_0866

The Great Escape

You would agree that going off-road with a novice off-road driver, a slammed 4×4 with 21-inch alloy wheels wrapped in medium profile tires fit for city driving and an idiot for a navigator is a horrible combination. To make things worse, add one of the most demanding mountain trails in Oman to that mix, you have a potential disaster at your hand. There are a million and one things that can go wrong. Yet there we were.

It all started with a beautiful morning overlooking a colourful desert mountain range in Oman. We were staying in the mountains of Al Hoota, about 60 km away from the city of Nizwa. When I say we I mean myself and my better half Jeevika. Among us, we share about 20 years of driving experience, where 20 years belonged to my lovely wife and rest to yours truly (Do the Math !). Continue reading “Wadi Bani Auf, Oman”

කොරෝනා රොටි

Corona Roti

බුද්ධ වර්ෂ 2562 ක් වූ මැදින් මස 28 වැනි දින මැදක් නැති පෙරදිග එක්සත් අරාබි රාජ්‍යයේ සිටදීය.

ලොව පැතිර යන කොරෝනා හෙවත් කොවිඩ්-19 (Covid-19) වසංගත තත්වය මත නිවාස තුලටම කොටු වී ගෙවන පළමු සතියේ අවසානයි මේ. දෙරණ නාලිකාවෙන් රතන සූත්තරේ සජ්ජායනය කරපු නිසා තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිටෙන් කොරෝනා වෛරස බහුතරය සෝවාන් වී ඇත. ඒ ආනුභාවයෙන් ලක්ෂයක පමණ වූ ආසාදිතයන්ගේ ප්‍රමාණය මේ වනවිට ලක්ෂ හය දක්වා අඩු වී ඇත. සාදූ … සාදූ … සාදූ … !

(පිරිත් ගැන වැඩි විස්තර සර්වඥ ගොමා සංගමේ ගරු ලේකම් පාදඩදෙණිය මහතාගෙන් දැන ගත හැක)

සියල්ල සිදු වන අතරතුර ආගම් සාත්තරකාරයන් සියල්ලන්ටත් දෙවියන් අමතකකර තත්වය පාලනය කිරීමට නවීන වෛද්‍ය විද්‍යාවේ සහය පැතීමට සිදුවීම දෛවයේ සරදමකි. කලින් පශ්චාත්භාගය උඩ දාගෙන පන්සල් පල්ලි හොයාගෙන ගිය එවුන් දෙකොන පියාගෙන ගෙවල් වල වීම ඉතාමත් හොඳ ප්‍රවණතාවයකි. තත්වයේ දරුණුකම නොතකා කටයුතු කරන ආගමික හිඟන්නන්ට බැටන් පොලු පහර දෙමින් එලවන එකද සිදුවන බව පෙනේ, ඒ ඉල්ලන් කෑමක් නිසා කිසිඳු වැරද්දක් දැකිය නොහැක. Continue reading “කොරෝනා රොටි”

Wadi Al Helo – වාදි අල් හීලෝ

Wadi Al Helo 1

Wadi Al Helo is a small town in the Emirate of Sharjah which is part of the United Arab Emirates (UAE). The name literally means ‘The Sweet Valley’’ when translated from Arabic. It’s located about 100 km away from the center of Sharjah city and about 25 km away from the coastal city of Kalba.

Easiest way to reach here is by is by Sharjah – Kalba Road (E102). If you are travelling from Sharjah you will have to take a “U” turn just before the Kalba Tunnel and Helo valley is on the right side of the road. However the entrance is couple of kilometers further away from Kalba Tunnel. Continue reading “Wadi Al Helo – වාදි අල් හීලෝ”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: