සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

අම්මා …

Amma

අකලට සැඟවුනිය ඉරුදෙවි පෙර     පවට
වියැකුණි එළිය මග සෙව් තුනු දරු කැලට
නොනිමි විරියකින් දිවි බර ගෙන     උරට
විය ඇය පුන් සඳක් දිදුලන දිව රෑ   දෙකට

පෙන්වා මග නොමග සදමින් සෙවන නිති
වැරදුනු තැනක වෙර දී සිප් සදා          සති
විනි දිවිපහුර සවි පවසනු වදන්         නැති
හද රැඳි සෙනේ පාමින් නිති පුදමි        තුති

සුභ උපන්දිනයක් අම්මා !

ගෙවල් මාරුව II කොටස

It is a Latජංජාල අංජබජල් සහ ඉට් ඉස් අ ලැට්

ආයෙමත් ගෙවල් මාරු කරනකොට සිද්ධ උන අකරතැබ්බයක් ගැන කතාවක් මතක් උනා … නෑ  … නෑ … හිත යන යන විදිහට ඇඳුම් මාරු කරන්නැහේ ආයෙත් ගෙවල් මාරු කරේ නැහැ … මේකත් ගිය පාර වෙච්ච සංගදියක්ම තමයි. එදා පොටේ කාපු කට්ට මතක් වෙනකොට අම්මපා ආයෙ නං ගෙවල් මාරු කරන්න අදහසකුත් නෑ .. එහෙනං ඕං අහගන්ටකො ඉතිං.

ගෙවල් මාරුවට ලෑස්ති වෙලා ඉන්න අස්සෙ අලුත් බිල්ඩිමේ මුරට හිටිය හාදය බලෙන්ම ඇඟේ ගැහුව අඩු ගානට තියෙන අන්තර් ජංජාල පැකේජ් එකක් ගැන විස්තර තියෙන තුණ්ඩු කෑල්ලක්. කෝල් එකක් දීල ඔය ගැන ඇහුව කියල ඇඟෙන් ඇටයක් යනවයි, ඉතිං කණ්ඩත් ඒ හෝඩුවාව ඔස්සෙ නිකමට “ඉට් ඉස් අ ලැට්” කොම්පැනියෙ අලෙවි ප්‍රවර්ධන හෙවත් සේල්ස් ඒජන්ත මහත්තයෙක්ට කතා කරල ඇහුව අලුතෙන් තියෙන පැකේජ් මොනවද කියල. Continue reading “ගෙවල් මාරුව II කොටස”

ඔය ලස්සන අත් …

ආසයි අම්මේ
වැටෙනා වාරක් පසා
හැකිනම් ඔය අතැඟිලි අල්ලන්නට …
දැනුනා සෙනෙහස
ඔය අතගිලි ගැටෙනා විට …
දැවුනා මගේ සිත
ඔබ තනි කර යන විට …
සාමාවෙන්න මට
යලි ඔබ දකිනා තුරු …

පුංචි කාලේ මම
දුව පැන ඇවිදින විට …
තරවටුවට අල්ලන
මගේ අත …
අද වේවුලයි
මාගේ අත උඩ …
හැඬුනා මගේ ආත්මයම
ඔය ලස්සන අත් මැද …

~ ජීවිකා !

 

සන්ටා සහ බන්ටාගේ කතා ~ I

Drinks

වොඩ්ක ඩයිහයිඩ්‍රොක්සයිඩ්

කණ්ඩ කලිං වැඩ කරපු සුපිරි කන්තොරුවෙ කතා කිහිපයක්ම කලින් ලියල තියනවනෙ ඒ නිසා ඒ ගැන අමුතුවෙන් අටුවා ටීකා ටිප්පණි අනවශ්‍යයි. වාසනාවකට හෝ අවාසනාවකට අපේ හාමිනෙත් ඔය ඔපීසියෙම ඔපිසර තැනක් … දෙන්න යන්නෙ එන්නෙ කන්නෙ බොන්නෙ එකටමයි … කන්තොරුවෙ කොයිතරම් නානාප්‍රකාර සීදේවි ලලනාවො හිටියත් මං නෙමෙයි ඔන්න ඇහැක් ඇරල ඒ දිහා හොරෙන් බැලුවෙ … බලන දෙයක් දෑසින්ම එළිපිටම තමා 🙂

වැඩ රාජකාරි හුස්මක් කටක් ගන්න බැරි තරමට තද උනාට බොහොම අපූරු කණ්ඩායමක් එක්ක වැඩ කරන්න අවස්ථාවක් ලැබුණ. ආයි එකකට එකෙක් සමාන නැහැ හරියට නිකං විශ්ව ගම්මානයක් වගේ, හැම රටකින්ම ආපු ඈයො හිටිය. Continue reading “සන්ටා සහ බන්ටාගේ කතා ~ I”

වක්පොලු කතා වස්තුව ~ V

Hockey

සුලෝහිත මහා වක්පොලු කෙළිය සහ තවත් කතා

ලියනවා කියන්නෙ අමාරුවෙන් නොකඩවා පවත්වාගෙන යන්න අවශ්‍ය පුරුද්දක් … පොඩි හරි විරාමයක් ගත්තහම ලියන්න තියෙන ආසාව සහ උනන්දුව නැති වෙලා යනව. එහෙම උනහම ආපහු ලියන්න පටන් ගන්න හරි අමාරුයි, ලියන ඇත්තො මේක දන්නව. තවමත් ඉඳහිට හරි ලියවෙන බ්ලොග් අඩවි කිහිපයෙන් එකක් වෙන තිලක සිත ලියන තිලකසිරි මහත්මය ඔය ලෙඩේට දුන්න නම් තමයි “කංකානම් අඩය” කියල … බොරුනම් ගිහිල්ල කියවල බලන්න. ඒක හදාගෙන තියෙන්නෙ Writer’s Block කියන සුද්දගෙ පදේ හෙළුවට පෙරළලා අරගෙන.

පහු ගිය ටිකේ විවිධ හේතු නිසා මටත් ඔය කියන අඩේ තදටම වැදිල තිබ්බ. ඔය අඩේ ගලවන්නෙ කොහොමද කියල හිත හිතා ඔලුව කහමින් ඉන්නකොට තමයි පොටක් පෑදුනේ. හීනියට උනත් පොඩි පහේ පම්පොරියක් ගහන්න අවස්ථාවකුත් ඒකෙන්ම උදාවෙනව, මොකද අපි හැම තිස්සෙම සරල, නිහතමානී සහ අල්පේච්ච වෙන්න හොඳ නෑ .. (මතකනේ එහෙම එකෙක්ට උඩම පුටුවට යවල උන් හරිය). Continue reading “වක්පොලු කතා වස්තුව ~ V”

ආච්චම්මා නික්ම ගියාය …

Sunset

සතියේ දින පාන්දර අවේලාවේ අප කූද්දමින් ලංකාවෙන් එන දුරකථන ඇමතුම් කිසිසේත් සුභදායක ඒවා නොවේ,එය අත්දැකීමෙන්ම දනිමි. කවදත් එහි වෙනසක් තිබුණේ නැත … දුරකථනයේ අනෙක් පස මාගේ මළනුවන්ය. ආච්චම්මා අප අතැර ගොසින්ය !

නිදිමත පලා ගියද දුකක්ද සතුටක්ද යන්න නොතේරෙන මහා අච්චාරුවක් බඳු සිතිවිලි සයුරක අතරමං වූ මා අවසානයේ එය සතුටුදායක ආරංචියක් බවට තීරණය කළෙමි … එය මහා අසංවේදී කතාවක් ලෙස කෙනෙකුට හැඟෙන්නට ඉඩ ඇත. Continue reading “ආච්චම්මා නික්ම ගියාය …”

රාම-රාවණ සංග්‍රාමය ~ II කොටස

Rama Sethu - Adams Bridge

රාම සේතුව සහ ඉන්දියානු වඳුරු හමුදාව

ගිය වතාවෙ රාම-රාවණා-සීතා කතාවෙ හොඳම හරියට එනකොට To be continued … කියල ප්‍රශාන්ත් නැගිටල ගියා මතක ඇතිනෙ, ඒ ගියේ හිත හොඳින් නොවෙන බවත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. කොහොමින් කොහොම හරි පස්සෙන් පහු වෙනිදත් එදා නවත්තපු තැනින් ඕක ආයෙ පටන් ගත්ත. අපි දෙන්නගෙ මිත්‍ර වලිය දිහා පොප් කෝන් කකා බලන් උන්න අපේ කන්තොරුවෙ උදවිය මේකට “නූතන රාම – රාවණා සටන” කියල නම දීල ඉවරයි.

එදා ගොඩ යන්න බැරි උන නිසා මෙදා පාර ප්‍රශාන්ත් අලුතින් තුරුම්පුවක් හොයාගෙන ඇවිල්ල තිබුණ. ඒ වෙන මොකවත් නෙමෙයි “රාම සේතුව”. රාම සේතුව කියල හඳුන්වන්නෙ මන්නාරමේ සිට ඉන්දියාවෙ රාමේශ්වරම් එහෙමත් නැතිනම් පම්බන් දුපත (Rameshwaram/ Pamban Island) තෙක් වැටිලා තියෙන හුණුගල් සහ වැලි වලින් හැදුන ස්වභාවික වැටි දාමයට.

මෙය ආදම්ගේ පාලම හෙවත් Adams Bridge කියලත් හඳුන්වනව, ඒ නම පහුගිය සියවස් දෙක හෝ තුන අතරතුර උන විකෘතියක් බවත් සිරිපාදයට සුද්ද Adams Peak කිව්ව වගේ ඒ සුද්දට කැමති විදිහට දාගත්ත නමක් බවත් තමයි මම මුලින් හිතාගෙන හිටියෙ. Continue reading “රාම-රාවණ සංග්‍රාමය ~ II කොටස”

රාම-රාවණ සංග්‍රාමය ~ I කොටස

Rama and Ravana Battle

සීතගෙ දේවාලෙට රිංගපු හනුමා

මුලින්ම කියන්න ඕන මේ මගේ අත්දැකීම් සහ දැක කියවා තියෙන දේ සංවාදය උදෙසා අකුරට පෙරළීමක් පමණක් බව, ඒ ඇරෙන්න අපේ දේ පහත් කිරීමේ හෝ හෙලා දැකීමේ වෙනත් සැඟවුණු ඇජෙන්ඩාවක් කණ්ඩට නැහැ.

මම මින් බලාපොරොත්තු වන්නෙ කවුරු හෝ කියවන කෙනෙක් වෙනස් විදිහට හිතන්න සහ ඇත්ත දකින්න පෙළඹෙයි කියන එක විතරයි. මෙයින් ආගම් සම්බන්ධ යම් සංස්කෘතික ඇදහිලි වලට පහර වදිනවා නම් ඒ ඇස් ඇරිලා සත්‍ය එළිපිටට පැමිණීමක් පමණයි. නමුත් අප කිසිමදාක ආගමික සාහිත්‍ය පරම සත්‍ය ලෙස පිළිගැනීමට අවශ්‍ය නැහැ. එය බුද්ධාගම, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ඇතුළු අනෙකුත් අටෝරසියක් ආගම් සියල්ලටම පොදුයි.

කණ්ඩා සකල සිරින් පිරි සිරි ලංකාවෙන් පිටතට අඩිය තිබ්බෙ ඔටු දේසෙකටනෙ ඉතිං එහෙම ගොඩ බැහැල හා හාපුරා කියල රාජකාරි කරන්න පටන් ගත්තෙ “සුපිරි” කොම්පැණියෙ … මේ ගැන පරණ කතා කියවාපු උදවිය නම් දන්නවනෙ … නමුත් පටන් ගත්ත තැනම මේ ගැන පොඩි ඇඩ් එකක් දැම්මෙ කියන්න යන කතාවට මග පාද ගන්න. මොකද මේ කියන කතාවට අඩි තාලම වැටෙන්නෙ ඔය කියාපු සුපිරි කොම්පැනියෙදි. (කතාව මට මතක් උනේ කැලුම් නොහොත් ලොකුපුතා කොලුව අටම්පහියට දාපු කමෙන්ට් එකක් නිසා) Continue reading “රාම-රාවණ සංග්‍රාමය ~ I කොටස”

හාමිනේලාගේ කතා වස්තුව ~ VI කොටස

Cooking

කෑම සහ ඉල්ලං කෑම

සාමාන්‍යයෙන් කණ්ඩ කන්තොරුවෙ වැඩ අහවර කරල ගෙදර ආවහම පොතක් පතක් කියවනවට වඩා දවසේ වැඩ කතා බහ කරන ගමන් හාමිනේ කියන දෙයක් අහගෙන හූ මිටි තියන ගමන් Netflix ටෙලි වෘතාන්තයක් අස්සට රිංගල අතුරුදහන් වෙන එක තමයි සිද්ධ වෙන්නෙ … ඔව් කන්තෝරුවෙත් අයිස් ගෙදරත් අයිස්ම තමයි (එහෙම හිතා ගන්නකෝ … 🙂 ) !

ගෙදර ඇවිල්ල ඇඳුම් මාරු කරගෙන මම කඩවසම් රූපවාහිනිය (නෑ .. නෑ .. මම නෙමෙයි කඩවසම්  කිව්වෙ රූපවාහිනිය … අර Smart TV කියන්නෙ) ඉස්සරහ වාඩි උනා විතරයි …  හාමිනේ බොහොම ආදරයෙන් ඒක නෙමෙයි බ ..බා …. කියල බොහොම ආදරෙන් ඇදල පැදල කතාව පටන් ගන්නකොටම මම දන්නව එන්නෙ හොඳ පොටකට නෙමෙයි බව. අනේ ඉතිං එහෙම පටන් ගන්න වාක්‍ය බොහෝ විට ඉවර වෙන්නෙ … අද රෑට කන්නෙ මොනවද … ? කියල. Continue reading “හාමිනේලාගේ කතා වස්තුව ~ VI කොටස”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: