කණ්ඩාගේ කෝපි කතා
කෝපි (කාලේ) කතා ~ I ~ නාරායන් සමග හැලපයියගෙ කෝපි කතා සහ කෝපි ඉතිහාසය
කෝපි ගැන කතා කරද්දි කණ්ඩා කෝපි වලට වැඩි කැමැත්තක් නැති බව කිව්වත් කෝපි ගැන මතකයන් සහ ඒ නිසා වෙච්චි ඇබැද්දි සහ කතා වල අඩුවක් නැහැ. අද ලියන්න යන්නෙත් ඒව. නමුත් නිදි මරාගෙන පාඩම් කරනකොට බීපු කෝපි කතා, මළ ගෙවල් වල කෝපි කතා සහ ඒ හා බැඳුන ප්‍රේම කතා, ඒ ප්‍රේම කතා නිසා ගුටි කාපු කතා … ඒව නිසා ලැබුන තෙල් බේත් කතා වගේ අටෝරාසියක් බොහොම සුලභ කතා හැමෝම විඳලා, අහල, බලල, කරල ඇතිනෙ. ඉතින් එයිට ටිකක් වෙනස් කතා කිහිපයක් කියන්න තමයි අද ලෑස්තිය.
මින් පැරණිම දේ දැනට අවුරුදු 30 කට එහා පොඩිකාලේ අහල දැකල මතක තියෙන විදිහට ලියන නිසා අඩු පාඩු තියෙන්න පුළුවන්, ඒ අඩුපාඩු පෙන්නල දෙන එක කියවන ඔහේලට බාරයි. (කොහොමද උදේ පාන්දරම දැම්ම ඩිස්ක්ලේමර් එක 🙂 ) Continue reading “කෝපි (කාලේ) කතා ~ II”