අල් කට්ටාරා ක්ෂේම භූමිය
මේ ගමනේ පළවෙනි දවසෙ සැලසුම අලේන් නගරය කිට්ටුව තියන අල් කට්ටාරා (Al Qattara) සහ අල් ජිමී (Al Jimi) ක්ෂේම භුමි වල රවුම් ගහල අහවර වෙලා ඔටුවො විකුණන කඩ මණ්ඩියකටත් ගොඩ වැදිල (ඔව් .. ඔව් .. නෑදෑයො බලන්න තමයි) ජෙබෙල් හෆීත් (Jebel Hafeet) කියන එහෙමත් නැතිනම් හෆීත් කන්ද උඩත් රවුමක් ගහන්න (අරාබි බසින් ජෙබෙල් කියන්නේ කන්ද). එදා නවතින්න තීරණය කරේ හෆීත් කන්දෙම මැදක් දුරට වෙන්න තියෙන බොහොම නිස්කලංක හෝටලේක (Mercure Grand). මේ ගැන වෙනම දවසක විස්තර අරගෙන එන්නම්. Continue reading “උයන්පුර සංචාර ~ II කොටස”